Showing posts with label Fort. Show all posts
Showing posts with label Fort. Show all posts

Wednesday, February 12, 2014

සීගිරිය, Sigiriya

Scroll down to read in English.

ලොව අටවන පුදුමය ලෙසින් ලෝ සුපතල සීගිරිය, ශ්‍රී ලාංකේය සංස්කෘතියේ, ඉංජිනේරු තාක්ෂණයේ සහ ප්‍රෞඪත්වයේ මුදුන් මල්කඩකි. පර්වත බලකොටුවකට එහා ගිය සීගිරිය විකසිත උද්‍යාන සංකීර්ණ වලින් සමන්විත රාජ භවනකි. සැබැවින්ම මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් මෙහි මාධුර්යයෙන් අමන්දානන්දයට පත්වනු නිසැකය.

අඩි 660ක් උසැති සීගිරි පව්ව අතීතයේදී, සිංහගිරිය, සිංහ පර්වතය ආදී නම් ගණනාවකින්ම අතීතයේදී ප්‍රචලිතව පැවැත ඇත.
සීගිරිය | Sigiriya

ඓතිහාසික පසුබිම

පුරාවෘත්තයට අනුව ධාතුසේන් රජතුමාගේ පුතණුවකු වූ කාශ්‍යප කුමරුන් විසින් රජකම අපේක්ෂාවෙන් ධාතුසේන් රජතුමා කලා වැව් බැම්මේ පස් හිඳුවා මරා දමනු ලැබේ. ඉනික්බිති සිහසුනේ නියම උරුමක්කරු වූ මොග්ගොල්ලාන කුමරු ඉන්දීය සහය ඇතිව දියත් කරීමට සූදානම් වූ ආක්‍රමණයෙන් බේරීමට කාශ්‍යප රජතුමා විසින් ක්‍රි.ව්. 477 - 495 අතර කාල වකවානුවේදී සීගිරි බලකොටුව කරවයි. පසුකාලීනව ඉන්දියාවෙන් සේනා සන්නද්ධව පැමිණෙන මොග්ගොල්ලාන කුමරු කාශ්‍යප පරදා රාජත්වය උරුම කරගන්නා බව කියැවේ.

කෙසේ වෙතත් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ආනන්ද ස්ථවීරයන් වහන්සේගේ ලේඛණ පාදක කරගෙන මෙම මතයට බෙහෙවින් වෙනස් මතයක් ගෙන හැර පාන් අතර ඊට අනුව ධාතුසේන රජතුමා විසින් පර්වත රාජ නම් අධිරාජ්‍යයත්වය ළඟා කරගනු වස් සීගිරිය කර වූ බව කියැවේ. මෙකී අදහස් දැක්වීමට අනුව කාශ්‍යප කුමරුන් විසින් සිය පියා මරණයට පත් නොකළ වගත් ධාතුසේන රජුගේ ඇවෑමෙන් සීගිරිය නිමවා හමාර කිරීමේ වගකීමට උර දුන් බවත් කියැවේ.
සිංහ සෝපානය | The Lion Shaft

සීගිරිය තරණයට මත්තෙන්...

සීගිරිය තරණයට සුදුසුම කාලය වන්නේ උදෑසන හෝ සවස් කාලයයි. එහිදී ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් 50ක මුදලක්ද, විදේශිකයන්ගෙන් ඇ.එ.ජ. ඩොලර් 30ක්ද ප්‍රවේශ පත්‍ර ගාස්තු ලෙස අය කරගනු ලැබේ. සීගිරිය ප්‍රවේශ පත්‍ර කවුළුව අසලින් දිවෙන කුඩා ගුරු පාරෙන් සීගිරිය කෞතුකාගාරයට ළඟා විය හැකිය. ජපන් රජයේ ආධාර ඇතිව විලක් ආශ්‍රය කරගනිමින් තනවා ඇති සීගිරි කෞතුකාගාරය සැබැවින්ම වටිනා නටඹුන් හා තොරතුරු රැසෙකින් පොහොසත්ය.
සීගිරි පරිශ්‍රයට දිවෙන විචිත්‍රවත් මංපෙත | The fascinating trail leading to Sigiriya

සීගිරියේ චමත්කාරය

සීගිරියේ ඔබ මුලින්ම ඇතුළුවන්නේ එහි සුවිශේෂී උද්‍යාන පද්ධතියටය. අතිශය දැකුම්කළු මෙම උද්‍යාන සංකීර්ණය කොටස් තුනකට බෙදිය හැකිය. ඒ ජල උද්‍යාන, පර්වත උද්‍යාන සහ හෙල්මළු උද්‍යානයි. උද්‍යාන අලංකාරයෙහිලා ඉපැරණි කලා ශිල්පියා සතුව තිබූ මාහැඟි කුසලතාවය මෙම උද්‍යාන පද්ධතියෙන් මැනැවින් විදහා දැක්වේ. අදටත් ජල උද්‍යානයෙහි පවතින වතුර මල් ක්‍රියාත්මක අඩියක පැවැතීම සැබැවින්ම විශ්මයජනකය. ජල උද්‍යානය හරහා ගලා යන ජල පහරවල් සහ වතුර මල් අව් රශ්මියෙන් නැගෙන රස්නය සමනය කිරීමට යොදා ගැනුනු බව කියැවේ.
තවමක් ක්‍රියාත්මක ජල මලක් | A water fountain which is still effective
සීගිරි පව්වට යන ගමනේදී ඔබේ වම්පසින් ඔබට අටපට්ටම් පොකුණ දැක ගත හැකිය. පියවි ඇසට එක විට නොපෙනෙන අයුරින් තනවා ඇති අටපට්ට්ම් පොකුණේ එක් අන්ත දෙකක් සඳහා පිහිටි ගල යොදා ගෙන තිබීම සුවිශේෂිත්වයකි. යහපත් කාලගුණය ඇති දිනයකදී අන්ත දෙකෙහි පිහිටි ගලෙහි පරාවර්තනය අටපට්ටම් පොකුණෙන් දැකිය හැකි බව කියැවෙන අතර නූතන ගණිතඥයින් විසින් සිදුකරනු ලැබූ පර්යේෂණ වලට අනුව මෙම පොකුණ ඉදිකර ඇත්තේ ඊට උචිතම හැඩයට අනුකූල වන පරිද්දෙනි.

ජල උද්‍යානය පසු කළ කල්හී ඔබ පිවිසෙන්නේ පර්වත උද්‍යානයටයි. එහිදී ස්වභාවිකව පිහිටා ඇති ගල් ආදි කලාශිල්පීන් විසින් උද්‍යාන අලංකරණයට යොදාගෙන ඇති අයුරු මැනැවින් නිරීක්ෂණය කළ හැකිය. පර්වත උද්‍යාන ආශ්‍රිතව පිහිටි ලෙන් බොහෝමයක් රහතන් වහන්සේලාට සෙවන දුන් බව කියැවෙන අතර ඒ අතුරින් නයි පෙන ගුහාව වැදගත්කමක් ගනී. නයි පෙනයක හැඩය ගන්නා මෙම ලෙනෙහි පියැස්ස විසින් ඇතුලත ඇති බිතුසිතුවම් කිහිපයක් සුරකිනු ලබයි.

හෙල්මළු උද්‍යාන පිහිටි ගල ඇසුරින් නිර්මිත අතර මෙහිදී ඉහත කී උද්‍යාන දෙවර්ගයටම වඩා වෙනස් වූ ස්වරූපයක් ඔබට දැකගන්නට පිළිවන. හෙල්මළු උද්‍යානයෙන් නික්මුණු කල්හී ඔබට සීගිරි පර්වතයේ පියගැට පෙළ හමුවේ. පියගැට පෙළ ඔස්සේ පර්වතය තරණය කිරීමේදී වැඩිමනත් ශබ්ද කිරීමෙන් වැළකීමට ඔබ වග බලා ගත යුතුය. ඒ පර්වතය ආශ්‍රිතව බමරුන් සිටිනා නිසාවෙනි.
පර්වත උද්‍යානයෙන් බිඳක් | A section of the Boulder Garden
සීගිරියේ සුප්‍රසිද්ධම ස්ථානයක් වන්නේ චිත්‍ර ගුහාවයි. කවාකාර පඩිපෙළක් ඔස්සේ ළඟා විය යුතු මෙම චිත්‍ර ගුහාවේ ඉතාමත්ම මනස්කාන්ත බිතුසිතුවම් සමුදායකි. ඒවා සීගිරි අප්සරාවන් ලෙසින් ලෝ ප්‍රචලිතව ඇත. මෙම ගුහාවෙහි සිතුවම් 19ක් අද වනවිට ශේෂ වී පවතින අතර ඒවා ආරක්ෂා කරගැනීම අප සියළු දෙන සතු යුතුකමකි. පුරාවිද්‍යාඥ එච්. ඊ. පී. බෙල් මහතාට අනුව මේ සීගිරි ලලනාවන් කාශ්‍යප නිරිඳුන්ගේ අන්තඃපුරයේ දේවීන්ය. ඔහුට අනුව පැහැපත් ලලනාවන් උසස් යැයි සම්මත කුලද අඳුරු පැහැයෙන් යුත් කතුන් දාසියන්ද නිරූපණය කරන අතර ඔවුන් පෙරහැරකින් පිදුරංගල වැද පුදා ගන්නට යන බව බෙල් මහතා පවසයි. මහාචාර්ය පරණවිතානයන්ට අනුව මෙම සිතුවම් වලින් නිරූපණය වන්නේ විජ්ජුලතා (විදුලි කුමරියන් - පැහැපත් සිතුවම්) සහ මේඝලතා (වළාකුළු කුමරියන් - අඳුරු සිතුවම්)ය. මින් කුමන අදහසක් නිවැරදි වුවද සීගිරි බිතුසිතුවම් වලට බෙහෙවින් සමානකම් දක්වන බිතුසිතුවම් භාරතයේ අජන්තා ලෙනින් හමුවීම විශේෂත්වයකි.

සීගිරි බිතුසිතුවම් | Sigiriya frescoes
බිතුසිතුවම් පසු කර පහතට ඇදෙන ඔබට කැටපත් පවුර හමුවේ. ඉතා සුමටව නිමවා ඇති මෙම පවුරේ අතීත කවි, නිසඳැස් අදටත් ආරක්ෂා වී තිබීම අපගේ වාසනාවකි. අතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි පිරිස් විසින් චිත්තප්‍රීතියෙන් මෙම පවුරු කුරුටු ගී ලියූ බව ප්‍රකට සිද්ධාන්තයයි. මෙහි ශතවර්ෂ 8කට අධික කාලයක් පුරා ලියැවුණු කුරුටු ගී 1500කට අධික ප්‍රමාණයක් හමුවී ඇත.
කැටපත් පවුර | The mirror wall
ඉනික්බිතිව ඔබ පිවිසෙන්නේ එළිමහන් බිම් කඩකටය. සුවිශාල සිංහ පාද දෙකක් එහිදී ඔබට දැකිය හැකි වන අතර පසෙකින් පිදුරංගල පර්වතයද ඔබට නෙතු ගැටේ. මෙම සිංහ පාද වල විශේෂත්වය නම් එහි ඇඟිලි තුන බැඟින් පමණක් තිබීමය. අතීතයේදී ගිරි හිස මුදුන දක්වා විහිදෙමින් සිංහ හිසක්ද තිබූ බව ජනප්‍රවාදයෙහි සඳහන්ය. එතැනින් ඔබ්බට ඇති පියගැට පෙළ සිංහ සෝපානය නමින් හැඳින්වෙන අතර අතීතයේදී කප්පි භාවිතයෙන් ක්‍රියාත්මක වූ සෝපානයක් මෙහි තිබුණු බවට මතයක් පවතී. සුළං කපොල්ලක් පසුකරමින් ගිරිහිස මුදුනට ළඟා වන ඔබට පහළ පිහිටි උද්‍යාන ත්‍රිත්වයෙහි සැබෑ සෞන්දර්යය අත්විඳිය හැකිය.

ගල මුදුනත රාජ මාළිගාවේ නටඹුන් ඇති අතර තවමත් කැණීම් නොකළ දෑ බොහෝමයක්ද ඉතිරිව ඇත. රජ මාළිගයක තිබිය යුතු සියළු පහසුකම්වලින් සීගිරිය සමන්විත වූ බවට අද අප දකින නටඹුන් සාක්ෂි දරයි.
ගල මුදුනත රාජකීය පොකුණ | The royal pond atop the rock

පිවිසුම් මාර්ගය

ලංකාවේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණයක් වන බැවින් සීගිරියට ළඟා වීම අතිශය පහසුය, ඒ මග දෙපස මංපුවරු සවිකර ඇති බැවිනි. සීගිරියට පිවිසෙන ප්‍රධාන මාර්ගය අඹේපුස්ස, කුරුණෑගල, ත්‍රිකුණාමලය යා කෙරෙන A6 මාර්ගයේ ඉනාමළුව හන්දියෙන් ඇරැඹේ. ඔබ දඹුල්ල පසු කරමින් පැමිණෙන්නේ නම් ඉනාමළුව හන්දියෙන් දකුණට හැරී කිඹිස්ස පසු කරමින් කි.මි. 10ක් පමණ ගිය කළ ඔබට සීගිරියට ළඟා විය හැකිය.

මීට අමතරව ත්‍රිකුණාමලය, හබරණ, පොළොන්නරුව වැනි පෙදෙස් වලින් පැමිණෙන ඔබට හබරණ - පොළොන්නරුව මාර්ගයේ හබරණ හන්දියේ සිට කි.මි. 2.4ක් දුරින් පිහිටා ඇති මොරගස්වැව හන්දියෙන් දකුණට හැරී මොරගස්වැව - ඉලුක්වැව මාර්ගය ඔස්සේ අතිශය සුන්දර පාරිසරික පද්ධතියක් පසුකරමින් කි.මි. 12.5ක් ගිය තැන සීගිරිය හමුවේ.
සීගිරියේ නෙත පිනවන දසුන් |  Splendorous views from Sigiriya

අවට ආකර්ෂණයන්

සීගිරිය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණය මධ්‍යයේය. එනිසාම සංස්කෘතික සහ ඓතිහාසික වැදගත්කමින් යුත් සුන්දර ස්ථාන රාශියක් සීගිරිය අවට විසිරී පැතිරී ඇත. ඒ අතුරින් අතිශය ආකර්ෂණීය විහාර්ස්ථානයක් වන රන්ගිරි දඹුල්ල ලෝ ප්‍රකට ජාතික වස්තුවකි. ඊට අමතරව සීගිරිය පර්වතයට ආසන්නයේම උතුරු දෙසින් පිහිටා ඇති පිදුරන්ගල වූ කලී ඓතිහාසික වැදගත්කමකින් හෙබි මාහැඟි විහාරාරාමයකි. හබරණ පසු කර මද දුරක් මරදන්කඩවල දෙසට යද්දී ඔබට සුප්‍රසිද්ධ වනසෙනසුණක් වන රිටිගලට ළඟා විය හැකිය. එය සහස්‍ර ගණනාවක් මුළුල්ලේ බුද්ධපුත්‍රයන් වහන්සේලාට නිර්වාණාවබෝධයට රුකුල් දුන් පුදබිමක් වන අතර පැරණි නටඹුන් රැසකින් පිරී පවතී. ඊට අමතරව දඹුල්ල - අනුරාධපුර මාර්ගයේ මඩාතුගමින් හැරී යා යුතු නාමල් උයන රක්ෂිතය සහ පුදබිමද පාරිසරික මෙන්ම ආගමික වටිනාකමකින් හෙබි ආකර්ෂණයකි. සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණය මධ්‍යයේ පිහිටා තිබීම නිසාම පහසුවෙන් අනුරාධපුරය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවලටද ඔබට යා හැකිය. ඔබ වනසතුන් නැරඹීමට රුචියක් දක්වන්නෙක් නම් ආසන්නයේ පිහිටා ඇති මින්නේරිය සහ කවුඩුල්ල රක්ෂිතයන් ඊට කදිම තෝතැන්නකි.
උද්‍යානයේ කොටසක් සහ ලෙනක් | Part of the garden and a cave

පහසුකම්

ලංකාවේ නොනිදන නගරය නමින් ප්‍රචලිත දඹුල්ල නගරය සීගිරියට නුදුරින් පිහිටා ඇත. ඊට අමතරව රජරට ප්‍රධාන මංසන්ධියක් වන හබරණ පිහිටියේද සීගිරියට නුදුරිනි. මෙකී නගර ද්විත්වයෙන් ඔබේ අවශ්‍යතා බහුතරයක් සපුරා ගත හැකිය (විශේෂයෙන්ම දඹුල්ලෙන්). සීගිරිය අවට ඔබේ මුදල් පසුම්බියට සරිලන මිලට නවාතැන් සොයා ගැනීම අතිශය පහසුය. තරු පහේ සුපිරි හෝටල් සිට මූලික පහසුකම් සපිරි කාමර දක්වාත්, කුඩා කණ්ඩායම් වලට නවාතැන් ගත හැකි බංගලා වල සිට ගැමි බව විදහා දැක්වෙන කුඩා හෝටල් දක්වා ඔබේ සිතැඟි පරිදි නවාතැන් සරි කර ගැනීමට ඔබට අවකාශ ලැබේ.
සීගිරිය | Sigiriya
කැටපත් පවුර සහ චිත්‍ර ගුහාවට ඇදෙන තරප්පුව | The mirror wall and the stairwell that leads to the fresco gallery


Renowned as the eighth wonder of the world, Sigiriya is a testament to the great prowess of ancient Sri Lankan culture and engineering technology. Going beyond the notion of a rock fortress, Sigiriya is a royal complex comprised of beautiful gardens. Thus, it's no wonder that the tourists who visit Sigiriya are awed by it's splendor.

Standing 660ft tall, Sigiriya had been known in diverse names such as Sinhagiriya and the Lion Rock in the years past.
සීගිරි බිතුසිතුවම් | Sigiriya frescoes

Historic background

According to legend, Prince Kashyapa a son of King Dhathusena via a concubine killed his father by plastering him alive near Kala Wewa. In order to fortify himself from the imminent attack from India which was to be spearheaded by his half brother Moggollana, the true successor to the throne, King Kashyapa moved the kingdom to Sigiriya and built this marvelous royal complex between 477 - 495 A.D. Eventually Prince Moggollana, who returns with reinforcements from India defeats his half brother and ascends to the throne.

In spite of the legend, Prof. Senarath Paranavithana brings forth a different theory based on writings by Venerable Ananda Sthaveera, under which King Dhathusena himself had commissioned Sigiriya in order to ordain himself as an emperor renowned as "Parvatha Raja". According to this school of thought, Prince Kashyapa was not involved in the death of King Dhathusena and was instead responsible for the completion of his late father's royal complex.
සීගිරිය ගල මුදුනට දිස්වන උද්‍යාන ත්‍රිත්වයෙහි චමත්කාරය | The sheer beauty of the three gardens from atop the lion rock

Before your ascent...

The best time of the day to climb Sigiriya would be the morning or the evening. Local tourists will be charged Rs. 50 and foreign tourists a sum of USD 30 as entrance fees. Make sure to walk down the winding gravel track near the ticket counter to visit the Sigiriya Museum. This museum, built amid a pond with Japanese aid, is teeming with valuable relics as well as information from the heyday of Sigiriya.
සීගිරියේ ඉදිරි ආරක්ෂක වළල්ල - ජල දුර්ඝය | The first line of defense - the moat

The splendor of Sigiriya

You will be first entering to its awe inspiring garden complex. This garden complex can be split into three segments, the water garden, the boulder garden and the terrace gardens. These gardens stand testament to the sheer skill of the ancient landscaping artists of Sri Lanka. It's amazing how the water sprouts in the garden are still in operational status centuries after its commissioning. The winding water courses and the water sprouts help fend off the heat through its vapor.
ජල උද්‍යානය | Water garden
En route to the rock you will find the octagonal pond to your left. Somewhat hidden to the unsuspecting traveler, two existing rock surfaces are used from nature as two dam walls. It's said that under perfect weather a clear and full reflection of the bordering rock that acts as a dam wall can be seen from the octagonal pond. Recent experiments by mathematicians have proven that the pond has been built in the most suitable shape that could be imaginable.

Next up is the boulder garden. It's impressive how the ancient artists have used the natural boulders as a landscaping tool to augment the beauty of the vicinity. It is believed that the caves within the vicinity housed many "Arahath" theros and monks after the demise of the royal complex. The "Cobra Hood" cave is given this name because of it's cover which resembles a cobra hood, this cave hides several frescoes within it.

The terrace gardens a markedly different to the water and boulder gardens you passed behind. Located at the foot of the hill, the terrace garden is based on the natural formation of rocks. This marks the beginning of the ascent and it's imperative to refrain from making too many noises that might provoke hornet attacks.

හෙල්මළු උද්‍යානය | Terrace garden
Probably the most renowned section of Sigiriya is its fresco cave. Access to the fresco cave is through a spiral stairwell on top of which is 19 jaw dropping pieces of art. It's everyone's duty to safeguard these frescoes for the benefit of future generations. As per historian H.E.P. Bell these women are concubines from King Kashyapa's court. He believed that the frescoes with a lighter skin tone were of high caste and those with a darker tone were maids from lower castes and all of these women are on a religious procession to Pidurangala. However, Prof. Paranavithana differs with Mr. Bell as he reckons that the lighter damsels are Vijjulatha (lightning damsels) and the darker damsels are Meghalatha (cloud damsels). Whichever out of these theories holds true, it's a well known fact that there are similar frescoes recorded in the Ajantha caves in India.
සීගිරි බිතුසිතුවම් | Sigiriya frescoes
Descending from the fresco cave through the spiral staircase leads you to the famous "mirror wall" of Sigiriya. Made with a very smooth finish, this wall hosts over 1500 graffiti written in appreciation of Sigiriya and it's majesty by visitors who came from high and low over a period of 8 centuries.

You will then walk into an open space from which you can see the Pidurangala mountain very clearly. There are two lion paws sitting graciously at this landing and the specialty of these paws are that they have only 3 toes. It's folklore that there was a lion head resting on top of the paws extending towards the top of the rock. You are supposed to walk through the paws and ascend to the top of the rock. It's believed that there used to be a human powered lift using blocks to go up and down what is now called the "Lion Shaft". After an ascent passing heavy gusts of wind you will get a magnificent view of the three gardens that you had earlier passed on your way up.
සිංහපාද | Lion Paws
Ruins indicate that there was a fully fledged palace atop the rock filled with all amnesties. To this date, some parts of the rock peak are yet to be excavated by the archaeology department.
මාළිගයේ නටඹුන් |  Ruins of the palace

How to get there

You will encounter plenty of way signs en route to Sigiriya, thus directions are readily available. The main access road to Sigiriya begins from the Inamaluwa intersection which is located along the A6 highway connecting Ambepussa - Kurunegala - Trincomalee. When traveling past Dambulla, take a right turn from the Inamaluwa junction and travel approximately 10km past Kimbissa to reach Sigiriya.

In case you're travelling from Trincomalee, Habarana or Polonnaruwa you can take a right turn from the Moragaswewa junction located 2.4km down the Habarana - Polonnaruwa road. This road (Moragaswewa - Ilukwewa) winds through a very scenic environment and you will reach Sigiriya after about 12.5kms drive.
Courtesy of Google Maps

Nearby attractions

Sigiriya is located in the middle of the cultural triangle of Sri Lanka. Hence Sigiriya smack in the middle of historically valuable and culturally important destinations. Rangiri Dambulla temple is one of the most highly renowned destinations in Sri Lanka which is a UNESCO world heritage site. Additionally, the Pidurangala temple located just north of Sigiriya is another beautiful temple with a long history. When passing Habarana and heading towards Maradankadawala, you will be able to reach a famous hermitage which has many artifacts and ruins. This hermitage has been a spiritual abode for monks in their quest for enlightment for over millenniums. Another attraction in the Namal Uyana temple and wildlife reserve which can be accessed via Madathugama in the Dambulla - Anuradhapura highway. Given its central location, Sigiriya can be used as a launch pad to access Anuradhapura, Dambulla and Kandy as well. In case you're a wildlife enthusiast the Kaudulla and Minneriya wildlife parks nearby will provide you will great memories.
සීගිරි ගල මුදුනට දිස්වන පිදුරංගල |  Pidurangala from the peak of Sigiriya

Facilities

Renowned as the sleepless city of Sri Lanka, Dambulla is located in close proximity to Sigiriya. Additionally, Habarana which a key node in Rajarata is also located closeby. You would be able to fulfill most of your requirements from either of these cities (especially Dambulla). You will be able to find accommodation to match your budget at a breeze in Sigiriya. From 5 star luxury hotels to basic low-cost rooms, from boutique hotels to cozy bungalows which can accommodate small groups - you can find options that best fulfill your requirement.

Sunday, January 26, 2014

පුනරීන් බලකොටුව, Pooneryn Fortress

Scroll down to read in English.

පුනරීන් - නම ඇසුණු සැණින් ඔබට සිහි කැඳවනුයේ යුද්ධයේ  අඳුරු මතකයන්ය. ලාංකේය ත්‍රිවිධ හමුදා හා කුරිරු ත්‍රස්තවාදීන් අතර බිහිසුණු සටන් කිහිපයකටම පසුබිම සැකසුණු පුනරීන් ප්‍රදේශය උපක්‍රමිකව වැදගත් බිම් කඩකි. ඊට හේතුපාදක වනුයේ පුනරින් යාපනය නගරයට නුදුරින්ම යාපන අර්ධද්වීපයෙන් පිටත පිහිටි බිම්තීරුව නිසාය. මෙකී උපක්‍රමික වටිනාකම මෑතදී ඇවිලුණු යුද්ධයට එහා දිවෙන්නකි. ඊට ශතවර්ෂ ගණනාවකට එපිටදී සුදු ආක්‍රමණිකයන් විසින් පුනරීන්හී ඉදිකරන ලද බලකොටුව ඊට කදිමට සාක්ෂි දරයි.

පුනරීන් ප්‍රදේශය දෙමළ බසින් හඳුන්වනුයේ "පූනාකරි" යනුවෙනි. එහි ගිය අපට දැක ගත හැකි වූයේ බලකොටුවේ බෙහෙවින් ගරා වැටී තුබූ නටඹුන්ය. තවමත් ලන්දේසීන් විසින් ඉදි කරන ලද ප්‍රාකාර ශේෂව පැවැතියද, ඒවා රුදුරු යුද්ධයෙන් බැට කෑ ඇති බැව් මැනැවින් පසක් වෙයි. බලකොටුවේ හතරැස් ස්වභාවය වර්තමානයේදී අපට දක්නට නොලැබීමද මහත් අවාසනාවකි. වත්මන හමුදා මුරපොලක් පාදක කරගෙන පිහිටා ඇති පුනරීන් බලකොටුව ප්‍රතිසංස්කරණය බලධාරීන් සතු යුතුකමකි.
පුනරීන් බලකොටුවෙන් බිඳක් | A portion from the Pooneryn fort

ඓතිහාසික පසුබිම

පළමුවෙන්ම පුනරීන්හී බලකොටුවක් කරවන්නේ පෘතුගීසීන් විසින් 1619 - 1658 අතර කාල වකවානුව තුලය. යාපනයෙන් ඔවුන් රැස් කරගත් ධනය සුරැකිව තබාගැනීමත් ප්‍රදේශයේ ආර්ථික මර්මස්ථානය වූ යාපනය නගරයට ආරක්ෂාව සැපයීමත් මෙම බලකොටුවේ මූලික අභිප්‍රාය වූ බව කියැවේ. විශේෂයෙන්ම සිංහල සහ වන්නියාර් රජවරුන්ගෙන් යාපනයට එල්ල විය හැකි ප්‍රහාර මැඩලීමට පුනරීන් කදිම බිම්කඩක් බව පෘතුගීසීන් මනාව වටහා ගත්හ. පසුකාලීනව ලන්දේසීන් විසින් ආක්‍රමණය කරන ලද මෙම බලකොටුව ඔවුන් විසින් ප්‍රතිසංස්කරණය කර අවසාන වන්නේ 1770දීය. දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් (අලි ඇතුන්, පුවක්, කපු, සහල්, කුරුඳු, ලුණු යනාදිය මෙහිදී හුවමාරු වූ බව අතීත වර්තා හෙළි කරයි) වශයෙන් තහවුරු වී තිබුණු යාපන නගරයේ ආරක්ෂාවට පුනරීන්හී වටිනාකම ලන්දේසීන්ද මැනැවින් තේරුම් ගත් බව ඉන් ගම්‍ය වේ. එහිදී ලන්දේසීන් විසින් දෙවන රාජසිංහ රජු හා ඇතිකරගත් සම්මුතියට අනුව ලන්දේසීන්ගේ වෙළඳ කටයුතු උදෙසා වෙන්වන අලි ඇතුන් උතුරේ යාපනය, කයිට්ස් යනාදී වෙළඳ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනයේදී වැදගත් මංසන්ධියක්/ගිමන්හලක් ලෙසද පුනරීන් හඳුන්වා දිය හැකිය.
බලකොටුව මධ්‍යයේ ඇති රූස්ස සියඹලා ගස | The giant tamarind tree amid the fortress
හතරැස් හැඩයකින් යුක්තව තිබී ඇති පුනරීන් බලකොටුව පසුකාලීනව තානායමක් වශයෙන්ද බ්‍රිතාන‍ය පාලකයින් විසින් යොදාගෙන ඇත.

1991 දක්වා ශ්‍රී ලංකා රජය භාරයේ පැවැති පුනරීන් බලකොටුව උපක්‍රමික පසුබෑම යටතේ කොටි ග්‍රහණයට නතු විය. පසුව 2008 වසරේදී යළිත්වරක් ආරක්ෂක අංශ විසින් පුනරීන්හී බලය තහවුරු කරගන්නා ලදි.

පිවිසුම් මාර්ගය

මන්නාරම - යාපනය යාකෙරෙන A32 මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස පුනරීන් හැඳින්විය හැකිය. යාපනය දෙස සිට පැමිණෙන විට සංගුපිඩ්ඩි පාලමෙන් කිලාලි කළපුව තරණය කළ පසුව හමුවන පළමු නගරය පුනරීන්ය. මේ අතර පුනරීන් සිට පරන්තන් දක්වා දිවෙන B357 මාර්ගයෙන් A9 මාර්ගයට ඉතා පහසුවෙන් ප්‍රවිශ්ට විය හැකිය. මෙම මාර්ග සියල්ලම පාහේ කාපට් අතුරා සංවර්ධනය කර ඇති නිසා පුනරීන් වෙත යාපනයේ සිට (කි.මි. 37) සහ කිලිනොච්චියේ සිට (කි.මි. 33) පහසුවෙන් ලඟා විය හැකිය.
Courtesy of Google Maps

අවට ආකර්ෂණයන්

පුනරීන් ප්‍රදේශය අවට සොඳුරු ආකර්ෂණයන් බොහෝමයකි. සොබා සෞන්දර්යයත්වයෙන් පොහොසත් මෙම ප්‍රදේශය නෙතට රසඳුනකි. යාපනය නගරයේ පිහිටි නල්ලූර් කෝවිල, ඕලන්ද කොටුව, නාගවිහාරය යනාදිය ඔබගේ නිරීක්ෂණයට සුදුසු ස්ථාන ලෙස හඳුන්වා දිය හැකිය. මේ අතර මෑතකදී විවෘත කෙරුණු කිලාලි කළපුව හරහා A32 මාර්ගය සබැඳෙන සංගුපිඩ්ඩි පාලම නූතන නිර්මාණ ගැන උනන්දුවක් දක්වන්නට ආකර්ෂණයක් ගෙන දෙන්නක් වන්නට පිළිවන. මීට අමතර අලිමංකඩ සහ කිලිනොච්චි ප්‍රදේශයන්හී යුද ස්මාරක කිහිපයක් පිහිටා ඇත්තේ යුද ජයග්‍රහණය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් සිහිපත් කිරීමටය.

පහසුකම්

පුනරින් යනු ඉතාමත්ම කුඩා කඩමණ්ඩියකි. නගරයෙන් ඔබට සපුරා ගත හැක්කේ අවම පහසුකම් පමණි. කෙසේ වෙතත් පුනරීන් යුද ගිනිදැල් නිවාදැමීමෙන් අනතුරුව ශීඝ්‍රයෙන් සංවර්ධනය වන අංග සම්පූර්ණ නගර දෙකකට මැදිව පිහිටා ඇත. ඒ යාපනය නගරය හා කිලිනොච්චි නගරයයි. ඔබගේ සියළු අවශ්‍යතා එකී නගරයන් දෙකෙන් කිසිඳු ගැටළුවකින් තොරව සපුරා ගත හැකිය.
ආරක්ෂක අංශ විසින් කොටුව ආශ්‍රිත භූමිය විචිත්‍රව තබා ගැනීමට උත්සාහ දරා ඇති සෙයකි | The armed forces has taken efforts to keep the premises neat and beautiful
Pooneryn - a name that brings to mind dark memories from the war. Pooneryn is located on a strategically important perch of land and played host to a number of fierce battles between the Sri Lankan armed forces and the LTTE terrorists. The importance of Pooneryn lays in the fact that it's the strip of land which is closest to the metropolitan of Jaffna outside of the Jaffna peninsula. This importance was identified years before the recent war. The fact that the European colonials built a fortress in Pooneryn attests to this importance.

Pooneryn is referred to as "Poonakari" in Tamil. Upon reaching Pooneryn we noticed that the ruins of the fortress weren't in the best of conditions. Although the ramparts built by the Dutch still stood tall, it was also visible that these have withstood a lot including the harsh conditions of the war. It's difficult to notice the square form of the fort today to our great distress. Pooneryn fort is presently occupied by an armed force base and officials should give attention to restore the fort and ensure its longevity.
කොටුව ඇතුලත | Inside the fort

Historic background

The fort in Pooneryn was first erected by the Portuguese colonials between 1619 and 1658 with the key aims of building a safe house for the wealth obtained from Jaffna while providing security to the economic metropolitan of Jaffna. The Portuguese understood the strategic importance of Pooneryn in quelling any potential invasions of Jaffna by the Sinhala or Wanniar Kings. Eventually the Pooneryn fort was run-over by the Dutch who embarked on a massive rebuilding/fortification process which concluded in 1770. By this time Jaffna had stamped itself as a key trading hub in South Asia (it is believed that elephants, cotton arecanut, rice, cinnamon and salt were among the traded commodities), and the fortification of the fort attested to the importance of Pooneryn for the defense of Jaffna. Subsequently, Pooneryn was an important node in moving elephants from the south of the country to Jaffna and Kayts for trading purposes as per the agreement between King Rajasinghe II and the Dutch.

Pooneryn had been a fort square in shape and had been converted to a rest house by the British occupiers later on.
වෙඩි පහරවල් හමුවේ නොසැලුණු කොටුබැම්ම | The bullet hole ridden ramparts
The Sri Lankan government held control of the fort until 1991 when it's control was forcibly taken over by the LTTE amid strategic withdrawals from the Sri Lankan armed forces. Eventually the Sri Lankan armed forces hit back and obtained control of the fort in 2008.

How to get there

Pooneryn can be expressed as a key juncture in the A32 highway that connects Jaffna and Mannar. When driving from Jaffna, Pooneryn is the first city you would come across after crossing the Kilali Lagoon through the Sangupiddi bridge. Additionally, Ponneryn can be accessed from the A9 road via the B357 road that branches out from Paranthan in the A9 highway. Almost all of these access roads have been developed by laying carpets making the journey from Jaffna (37km) and Kilinochchi (33km) all the more enjoyable and convenient.

Nearby attractions

Pooneryn is blessed with environmental beauty that's bound to entertain you. The city has some key attraction located close by. In Jaffna you can visit Nallur Kovil, the Dutch Fort and the Nagaviharaya. Additionally, if you're a fan of modern construction, the Sangupiddi bridge which connects the A32 highway over the Kilali Lagoon might interest you. Moreover, there are a number of war memorials located in Elephant Pass and Kilinochchi to immortalize the sacrifices made by the armed force personnel in crushing the terrorist movement.
කොටුව ඇතුලත | Inside the fortess

Facilities

Pooneryn is a small township where you will only be able to fulfill the most basic of necessities. However, Pooneryn is located right in between two major towns that are emerging solidly since the conclusion of the war. These are the cities of Jaffna and Kilinochchi which will facilitate all your requirement without any difficulty.

Sunday, December 29, 2013

ඩෙල්ෆ්ට් දිවයින, Delft Island

Scroll down to read in English.

ශ්‍රී ලංකා සිතියම නිරීක්ෂණය කරන ඔබට යාපන අර්ධද්වීපය අවට දිවයින් සමූහයක් පිහිටා ඇති බව නෙත ගැටී ඇතුවාට සැක නැත. මෙකී දුපත් අතුරින් භූමි ප්‍රමාණයෙන් විශාලතම දූපත (වර්ග කි.මි.50ක් පමණ වූ) වන්නේ ඩෙල්ෆ්ට් (දෙමළ බසින් නෙඩුන්තීවු) දූපතයි. ඉන්දු-ලංකා දේශ සීමාවට කිලෝමීටර කිහිපයක් නුදුරින් පිහිටා ඇති මෙම දූපත අතීතයේ පටන්ම රාජ්‍යයේ ස්වෛරීත්වයට වැදගත්වූ සන්ධිස්ථානයක් වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඩෙල්ෆ්ට් දූපතට එහි නම යොදා ඇත්තේ ලන්දේසීන් විසිනි. එම නාමය බොහෝ විට නෙදර්ලන්තයේ පිහිටා ඇති ඩෙල්ෆ්ට් නගරයෙන් උපුටාගන්නට ඇත.
ඉපැරණි බලකොටුව | The old fortress
ඩෙල්ෆ්ට් දූපතෙහි 5000කට අධික ජනතාවක් වාසය කරන අතර නාවුක හමුදාව විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරයි. දූපතට වෙනමම ප්‍රාදේශීය සභාවක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්, මාර්ග පද්ධතියක් මෙන්ම දිසා රෝහල්, පොලිස්, බැංකු, තැපැල් හා පාසල් පහසුකම්ද මධ්‍යම රජය විසින් සපයා දී ඇත.

අතිරමණීය දූපතක් වූ ඩෙල්ෆ්ට් හී ඓතිහාසික නටඹුන් හා ස්මාරක රාශියකි. ඒවා බොහෝමයක් කොරල් පර සහ හුණුගල් භාවිතා කර ඉදි කර තිබීම විමතියට කරුණකි. ලංකාවේ වෙනත් ප්‍රදේශවලට වෙනස් වූ පරිසර පද්ධතියක් ඇති ඩෙල්ෆ්ට් දූපත ලංකාවේ වල් අශ්වයින් හමුවන එකම ස්ථානයයි. දිවයිනේ ප්‍රධාන ජීවිකාව ධීවර කර්මාන්තය වන අතර ඩෙල්ෆ්ට් වැසියන් දකුණු ඉන්දීය ට්‍රොලර් යාත්‍රා විසින් සිදුකරන මත්ස්‍ය මංකොල්ලයේ පීඩිතයන් බවට පත්ව තිබීම ඛෙදජනකය.

ඓතිහාසික පසුබිම

ඉන්දු-ලංකා දේශ සීමාවේ පිහිටා තිබෙන ඩෙල්ෆ්ට් දූපත ශතවර්ෂ ගණනාවක පටන් රාජ්‍යය පාලනයට උපක්‍රමික වැදගත්කමකින් යුතු ස්ථානයකි. දූපතෙහි උතුරු භාගයට වන්නට පෞරාණික විහාර පද්ධතියක නටඹුන් දැකිය හැකිය. ඒ අතුරින් දාගැබ් සමූහයක පාදම් විශේෂයෙන් කැපී පෙනෙයි.
බෞද්ධ නටඹුන් | Buddhist Ruins
තවත් ඉතාමත්ම වැදගත් ආකර්ෂණයක් වන්නේ ඩෙල්ෆ්ට් හී ඇති ඉපැරණි කොටුවයි. පළමුවෙන්ම යාපනය පාලනය කළ වන්නියාර් රජවරුන් විසින් ඉදිකරන්නට යෙදුනු මෙම බලකොටුව පසුකාලීනව යුරෝපීය ආක්‍රමණිකයන් විසින්ද සිය ආදිපත්‍යය පැතිරවීම සඳහා යොදා ගෙන ඇත. මෙම කොටුවෙහි ඇති වැදගත්කම නම් එය මුළුමනින්ම පාහේ කොරල් පර යොදාගෙන කර තිබීමයි. ඊට බදාමය ලෙස හුණු, බිත්තර සහ කෝමාරිකා යුෂ එකතු කොට සකසා ගත් සම්මිශ්‍රණයක් භාවිතා කෙරුණු බවට විශ්වාස කෙරේ. ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ශක්තිමත් කෙරුණු මෙම බලකොටුව 1960 දශකය දක්වා ඉතාමත්ම හොඳ තත්ත්වයක පැවැතුණු බවත්, එවක හැමූ සුළිසුළඟින් දැඩි අලාභහානියට පත්වූ බවත් දූපත්වාසීන් පවසති. ඩෙල්ෆ්ට් රෝහල හරහා ළඟා විය යුතු මෙම බලකොටුව නිසියාකාරයෙන් සංරක්ෂණය කිරීම බලධාරීන් සතු යුතුකමකි. 

බලකොටුවට අමතරව ඓතිහාසික ලන්දේසි රෝහලක් මෙන්ම බ්‍රිතාන්‍යයන් විසින් 1905දී කැරවූ උසාවියකද නටඹුන් ඩෙල්ෆ්ට් හී අදටත් ඉතිරිව පවතී. ඉපැරණි බ්‍රිතාන්‍ය උසාවිය අසල තවමත් නිකැලැල්ව ඉතිරිව පවතින්නේ පරෙවි කූඩු සහිත ස්ථම්භයකි. අතීතයේදී ඩෙල්ෆ්ට් දූපතේ සිට ගොඩබිමට පණිවිඩ යැවීමට යොදාගත් පරෙවියන්ගේ වාසස්ථානය වූයේ මේ ස්ථම්භයයි. අතීතයේදී ඩෙල්ෆ්ට් බලකොටුවත් උසාවි භූමියත් යා කෙරෙන උමගක් ප්‍රාදේශීය පාලකයන් විසින් කරවූ බවද කියැවේ.
ඩෙල්ෆ්ට් කොටුව | Delft Fort

පරිසර සුන්දරත්වය

ඩෙල්ෆ්ට් දූපතේ ඇත්තේ ශුෂ්ක පරිසර පද්ධතියකි. ගල් සහ වැලි සහිත පසකින් ආඪ්‍ය ඩෙල්ෆ්ට් දූපත පුරා තල් ගස් පැතිර පවතී. දූපතේ වැටමායිම් සලකුණු කිරීමටද කොරල් පරවලින් කරවූ ප්‍රාකාර යොදා ගැනීම අතිශය විශ්මයජනකය.
ශුෂ්ක දේශගුණය | Arid weather
හින්දු විශ්වාසයට අනුව ඩෙල්ෆ්ට් දූපත නිර්මාණය වී ඇත්තේ හනුමන්තා හිමාලයෙන් රැගෙන ගිය ඖෂධ වනයෙන් කොටසක් මුහුදට වැටීමෙනි. ඩෙල්ෆ්ට් දූපතෙහි ඖෂධීය ශාක විශේෂ 62ක් පවතින බව කියැවේ. ඒ අතුරින් කෝමාරිකා, හීරැස්ස වැනි ශාක සුළභව දැකිය හැකිය.

දූපත මධ්‍යයෙහි සුවිශාල බඔබාබ් ගසක් දක්නට ලැබෙන අතර එහි කඳේ සුවිශාල බෙනයක් දක්නට ඇත. මෙවන්ම ගසක් මන්නාරමේද දැකිය හැකිය. අප්‍රිකාවේ බහුලව දක්නට ලැබෙන මෙම ශාකය බොහෝ විට පෘතුගීසීන් විසින් ඩෙල්ෆ්ට් දිවයිනට ගෙන එන්නට ඇත.


වල් අශ්වයින් නිසා ඩෙල්ෆ්ට් දූපත දේශීය සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් අත් කරගෙන ඇත. පෘතුගීසීන් විසින් දූපතට හඳුන්වා දුන් අශ්වයින් පසුකාලීනව වල්වැදීම නිසා ලංකාවේ නිදැල්ලේ සැරිසරන අශ්වයින් ඇති එකම ස්ථානය ලෙස ඩෙල්ෆ්ට් දූපත නම් දරයි. පෘතුගීසී සමයේදී ඩෙල්ෆ්ට් දූපත අශ්ව අභිජනන සහ හුවමාරු මධ්‍යස්ථානයක් වන්නට ඇතැයි සැලකේ.කෙසේ වෙතත් දිවා කාලයේ දැඩි හිරු රෂ්මියත් සමඟ අශ්වයින් කැලෑ වදින අතර ඔවුන් රංචු වශයෙන් බහුලව දැකගත හැකිවන්නේ උදෑසන හෝ සවස් යාමයේ යැයි දූපත්වාසීන් පවසති. එනමුත් දිවා කාලයේද දිවයින පුරා යහමින් පැතිර පවතින එළිමහන් තෘණභූමිවල ගැවසෙන වල් අශ්වයින් ඔබට දැක ගත හැකිවනු ඇත. ඩෙල්ෆ්ට් දූපත පුරා වල් අශ්වයින් 450ක් පමණ වාසය කරතැයි ඇස්තමේන්තු කෙරේ. අවාසනාවකට මෙන් ආහාර හා ජල හිඟය නිසා වියළි කාලවලදී අශ්වයන් මියයන බව අපට අසන්නට ලැබිණි. නවික හමුදාව මෙම සත්ත්ව සම්පත ඩෙල්ෆ්ට් දිවයිනේ ආරක්ෂා කරගනුවස් මහත් පරිශ්‍රමයක් දරණ බවද මෙහිලා ලිවිය යුතුමය. ඉදිරියේදී මේ සඳහා අක්කර 100කින් සමන්විත වනජීවී උද්‍යානයක් නම් කිරීමට රජය කටයුතු යොදමින් සිටින බව අපට වාර්තා වේ. එමඟින් කුරුළු විශේෂ 101කට, සමනල විශේෂ 15කට, ක්ෂීරපායී විශේෂ 11කට, කුරුමිණි විශේෂ 10කට, උරඟ විශේෂ 8කට මෙන්ම එක් උභයජීවී විශේෂයකට රැකවරණය සැපයෙනු ඇත.
වල් අශ්වයෙක් | A wild horse
ඩෙල්ෆ්ට් දූපතෙහි ඉතා විශ්මයජනක ස්වභාවික ශෛලමය නිමැවුම් දෙකකි. ලියලන ගල නමින් ප්‍රසිද්ධ ගල දිනෙන් දින නාග පෙනයක හැඩයෙන් වර්ධනය වන බව දූපත්වාසීන් පවසන අතර, එය හින්දූන්ගේ පූජාවටද ලක්ව ඇත. මීට අමතරව අසිරිමත් සුවිසල් පාද ලාංඡනයක්ද දූපත් මධ්‍යයෙහි දක්නට ලැබේ. මෙය හනුමන්තාගේ පා සටහන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. මෙම පාද ලාංඡනයට නුදුරින් අතීතයේදී අශ්වයින් ගාල් කිරීමට යොදා ගැනුණු ඉස්තාලවල ශේෂයන්ද දැකිය හැකිය. 

මීට අමතරව ඩෙල්ෆ්ට් දූපතේ නැගෙනහිර ඉවුරේ දැකුම්කළු නොගැඹුරු වෙරළ තීරයක්ද දැකිය හැකිය.
හනුමන්තාගේ බවට කියැවෙන පාද ලාංඡනය | The footprint believed to be Hanuman's

පිවිසුම් මාර්ගය

දූපතක් වන ඩෙල්ෆ්ට් වෙත ඔබට ලඟා විය හැක්කේ සමුදුරු තරණයෙනි. නාගදීපයට යාත්‍රා කෙරෙන මගී නෞකා ගමන් ආරම්භ කෙරෙන කුරිකඩ්ඩුවාන් ජැටියෙන් දිනපතා උදෑසන 9ට ඩෙල්ෆ්ට් බලා මගී යාත්‍රාවක් ගමන් අරඹයි. මහාමාර්ග සංවර්ධන අධිකාරිය විසින් නොමිලේ ක්‍රියාත්මක කෙරෙන මෙම සේවාව ඩෙල්ෆ්ට් දිවයිනෙන් හවස 2.30ට යළිත් කුරිකඩ්ඩුවාන් බලා ගමන් අරඹයි. මෙම මුහුදු ගමනට පැයක කාලයක් වැය වේ. ඩෙල්ෆ්ට් දූපත දක්වා ක්‍රියාත්මක වන එකම පොදු ප්‍රවාහන සේවය මෙයයි, එබැවින් මෙම සේවාව මග නොහැරෙන ලෙස දිනය සැලසුම් කරගන්න. ඊට අමතරව කුලී පදනම මත රුපියල් 8000කට ආසන්න අගයකට (එක පැත්තකට) ඔබට බෝට්ටුවක් කුලියට ගැනීමේ හැකියාවද පවතී. 

යාපනය සිට සපත්තු පාලම් ඔස්සේ වේලනෙයි හරහා කුරිකඩ්ඩුවාන් ජැටියට කි.මි. 30ක් ගෙවා ළඟා විය හැකිය. එහිදී ඔබට ඔබගේ රථය ගාල් කිරීමට අශ්‍ය පහසුකම් වේලනෙයි ප්‍රාදේශීය සභාව සහ ආරක්ෂක අංශ මැදිහත්ව සපයා දී තිබේ. 
ඩෙල්ෆ්ට් ජැටිය | Delft jetty
ඩෙල්ෆ්ට් දිවයිනේ ජැටියට නෞකාව ළඟා වූ පසු ජැටිය අසලින් ඩීමෝ බට්ටකු හෝ ත්‍රී රෝද රථ ඔබට කුලියට ගත හැකි අතර ඒවාහී රියැදුරන් ඔබව දූපත වටා පිහිටා ඇති වැදගත් සන්ධිස්ථාන කරා පැය දෙකක් ඇතුලත ගෙන යනු ඇත.

අපගේ ගමනේදී අප ඩෙල්ෆ්ට් දූපත වටා ගමන් ගත්තේ කමල් නම් රියැදුරකු සමඟ ත්‍රී රෝද රථයකය. දූපත පිළිබඳව තොරතුරු රැසක් හෙළි කළ කමල් සමස්ථ ගමනටම අය කළේ රුපියල් 1500ක් පමණි.  
(ඉහත කී වේලාවන් සහ මිල ගණන් 2013 දෙසැම්බරයේ තත්ත්වය බව කරුණාවෙන් සලකන්න)
ඩෙල්ෆ්ට් දිවයින කරා | Towards Delft

අවට ආකර්ෂණයන්

සොළොස්මස්ථානවලින් එකක් ලෙස බෞද්ධයින්ගේ සිත්ගත් නාගදීපයට කුරිකඩ්ඩුවාන් ජැටියේ සිටම ළඟා විය හැකිය. නාගදීප (නයිනතීවු) දුපතේම නාගපූෂණී අම්බාල් නමින් වැදගත් හින්දු කෝවිලක්ද පිහිටා ඇත. මීට අමතරව යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් කරා දිවෙන මාර්ගයට නුදුරින් පිහිටා ඇති චට්ටි වෙරළතීරයටත්, අරාලි තුඩුවේ පිහිටි ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිඳුන්ගේ ස්මාරකයටත් ළඟා විය හැකිය.


පහසුකම්

යාපන අර්ධද්වීපයේ සිට මුහුදුන් සැලකිය මනා දුරකින් ඩෙල්ෆ්ට් දූපත පිහිටා ඇති නිසා ඔබට අවශ්‍ය කරන දෑ නෞකාවට ගොඩ වීමට මත්තෙන් සූදානම් කරගන්නේ නම් මැනවි. ඩෙල්ෆ්ට්හී දැනට මූලික පහසුකම් යටතේ හෝටලයක් ක්‍රියාත්මක අතර තවත් හෝටල් කිහිපයක් ඉදිවෙමින් පවතී. දූපතේ ජංගම දුරකථන සහ අන්තර්ජාල පහසුකම්ද ඇත. 
බඔබාබ් ගස | The Baobab tree
If you keenly observe the Sri Lankan map, you would've definitely come across a cluster of small islands towards the west of the Jaffna peninsula. Delft (known in Tamil as Neduntivu) is the largest out of these islands with approximately 50 sq.km of land. Located a few kilometers away from the Indo-Lanka border, this island was a crucial outpost for territorial integrity from the ancient times. Delft has got its name from the Dutch settlers who probably named the island after the Dutch city of Delft. 

The population of Delft exceeds 5,000 and the security of the island is provided by the Sri Lanka Navy. The island has a separate Pradeshiya Sabha, Divisional Secretariat, a road system alongside facilities such as a district hospital, banks, police, postal services and schools provided by the government.

A island of tranquility, Delft has a number of ruins and monuments. The fact that most of these have been erected using corals and limestone is quite fascinating. Delft has a bio system that is different to that of the rest of Sri Lanka and remains the only place in Sri Lanka where wild horses roam free. Fisheries is the main source of income for the island dwellers, however, it's sad to see how they are been severely impacted by the illegal mass fishing operations carried out by south Indian trawlers.
බ්‍රිතාන්‍ය උසාවිය | The British court

Historic background

Due to its close proximity to the Indo-Lanka border, the Delft island has been a strategically important location for centuries. Towards the northern side of the island remnants of Buddhist temple complex is visible with several bases of stupas (dagobas) scattered across. 

Another key attraction in Delft is the Fort. First constructed by the Wanniar rulers of the Jaffna peninsula, the fort was extensively used by the colonial rulers to stamp their authority in the region. The fact that the fort seems to have been constructed solely using dead corals stands out. An adhesive made out of lime, aloe vera and eggs is said to have been used as mortar to bind the corals together.  The fort has been in immaculate condition till the 1960s thanks to the activities of the Dutch and the British. However, the gale winds of the 1960s has damaged the fort to a considerable extent. Accessible through the Delft district hospital, it's the duty of the authorities to restore and protect this wonderful fort for future generations.
ඉපැරණි ලන්දේසි රෝහල | The old Dutch Hospital
In addition to the fort, a ruined Dutch Hospital and a ruined British Court build in 1905 is also remnant in the island. A pillar with pigeon holes stands in tact alongside the court. The pillar had housed the messenger pigeons used in the colonial era to communicate with the mainland. The island dwellers believe that there was a tunnel connecting the court premises with the fort built by the regional rulers centuries back.
පරෙවි කූඩු | Pigeonholes

Eco system

Delft possesses an arid weather and is littered with rocky and sandy soil. Palmyrahs are a common site in the island and the fact that fences made out of corals are used to demarcate lands is fascinating. 

According to Hindu belief Delft had been created by a piece of the Himalaya mountains that the god Hanuman had been carrying. The island has 62 types of ayurvedic plants out of which types such as aloe vera and Heeressa are very commonly seen.
ඩෙල්ෆ්ට්හී වල් අශ්වයෙක් | Another wild horse from Delft
A massive Baobab tree which has a large hollow inside is seen on the island. A similar tree can be seen in Mannar as well. A tree commonly seen in Africa, it is probable that the tree was planted in Delft by the Portuguese.

Delft has earned quite a reputation among local tourists for its wild horse population which is around 450. The Portuguese are believed to have introduced horses to Delft and used the island as a breeding and trading hub. However, later on these horses have been neglected and found their way to roam free in the islands creating Sri Lanka's only wild horse population. Due to the heat the wild horses can only be seen scattered across large open grasslands here and there during the day time. They roam in herds during the evening and the morning. Unfortunately a number of horses perish during the dry season due to famine. The actions taken by the Sri Lanka Navy to ensure the survival of these horses is commendable. Presently steps are afoot to name a 100 acre Wildlife Park in the island which will provide sanctuary to 101 species of birds, 15 species of butterflies, 11 species of mammals, 10 species of dragonflies, 8 species of reptiles and one specie of amphibians.
ලියලන ගල | The sprouting rock
Delft also hosts two amazing rock based creations. One of them is a sprouting rock which grows in size and stature to resemble the hood of a cobra. This rock is considered sacred by the Hindus. In addition a large footprint is seen towards the center of the island. Some believe it to be the footprint of god Hanuman. Adjacent to the footprint lies the ruins of what used to be the stables used to herd the horses in the times past. 

Additionally, there's an attractive and shallow beach towards the east coast of the island. 
වෙරළ තීරය | The beach

How to get there

Delft Island is accessible to civilians only through a sea voyage. The Road Development Authority operates a passenger ferry service free of charge to Delft from Kurikadduwan jetty, which is the same jetty used to provide ferry services to Nagadeepa. The ferry departs Kurikadduwan at 9.00am daily and makes the return voyage from Delft at 2.30pm. The journey by sea takes exactly 1 hour under mild sea and weather conditions. This is the sole public ferry service operating to Delft, so be mindful not to miss it. The other option would be to hire a boat which would cost you around Rs. 8,000 (one way). 
කුරිකඩ්ඩුවාන් ජැටිය මුහුදේ සිට පෙනෙනයුරු | Kurikadduwan jetty from the sea
From Jaffna a road connects to Kurikadduwan via Velanai thanks to an intricate system of causeways. The distance between Jaffna and Kurikadduwan is 30km. Parking facilities for your vehicles are provided at Kurikadduwan by the Velanai Pradeshiya Sabha and the security forces.

Once you berth on Delft you will need to hire a Dimo Batta mini truck or a three wheeler to traverse through the vast island. The drivers will take you to places of interest within a couple of hours. 

On our voyage there, we met Kamal who took us around Delft on a trishaw. He provided a lot of information about the island and only charged Rs. 1,500.
(Please note that the times and prices cited above are as at December 2013.)
ඩෙල්ෆ්ට්හී මංමාවත් | Roads in Delft

Nearby attractions

Nagadeepa, which is considered to be one of the 16 noblest places of worship for Buddhists in Sri Lanka (Solosmasthana) can be accessed through ferry from the Kurikadduwan jetty. The Nagadeepa island (referred to as Nainativu by the Tamil people) hosts the Nagapooshani Ambal Kovil which is considered an important Hindu temple. Additionally, you can drop by to the Chatty beach and the General Denzil Kobbekaduwa Monument in Araly Point which are situated along the road connecting Jaffna to Kurikadduwan.
කොරල් ගල් කොටුව බැඳීමට යොදාගෙන ඇති අයුරු | Corals used to erect the fortress

Facilities

Since Delft is situated miles away from the mainland, it's advised for you to arrange everything you may require before boarding the ferry at Kurikadduwan. At present, there's a hotel operating in Delft under basic facilities whilst several hotels are under construction. The island has mobile and internet connectivity.

Thursday, October 31, 2013

යාපහුව, Yapahuwa

Scroll down to read in English.

"අ, පො, ද, යා, කු, ග, කෝ, ම" - කුඩා අවධියේ ඔබ අප කවුරුත් හෙළ වංශකතාවේ එන රාජධානී මතකයේ තබා ගත්තේ ඒ අයුරිනි. ඉහත කී අක්ෂර 8න් සිව්වැන්න වන "යා" අක්ෂරයෙන් සනිටුහන් වෙනුයේ යාපහුව රාජධානියයි. වයඹ, වියළි කලාපයේ පිහිටා ඇති යාපහුව රාජධානිය විශාල ගල් පර්වතයක් කේන්ද්‍ර කරගෙන පැතිර ඇත. එදා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් රටත්, දළදා වහන්සේත් ආරක්ෂා කරගැනීමේ තිර අදිටනින් මෙකී බලකොටු රාජධානිය බිහිවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙම රාජධානියේ විශේෂත්වයක් වන්නේ එහි රාජ්‍යය කර ඇත්තේ එක් රජතුමකු වීමයි. ඒ පළමුවන බුවනෙකබාහු රජතුමාය.
විශිෂ්ට ගල් කැටයම් | The wonderful rock carvings

ලාංකේය වංශකතාවේ වැදගත් තැනක් ගන්නා යාපහුව රාජධානිය තුල පැරණි ප්‍රාකාර, විහාර, දාගැබ් හා රාජකීය ගොඩනැගිලිවල නටඹුන් දැකගත හැකිය. නමුත්, ඒ අතුරින් යාපහුව වඩාත් අවධානයට පාත්‍රව ඇත්තේ යාපහුව දළදා මළුවට පිවිසෙන ශෛලමය, අසීරු ආනතියකට නෙළා ඇති පියගැට පෙළත්, පියගැට පෙළේ මුදුනතේ ඇති අසිරිමත් ගල් කැටයම් සමූහයත් නිසාය.
ගිරි හිස මුදුනට | To the top of the rock

වැදගත්කම සහ ඓතිහාසික පසුබිම

සිව්වන විජයබාහු රජතුමාගේ ඇවෑමෙන් දඹදෙණිය රාජධානිය බිඳවැටීමත් සමඟම දළදා වහන්සේ පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා යාපහුවට වැඩම වන්නේය. ඒ විජයබාහු රජතුමාගේ සහෝදරයා වූ බුවනෙකබාහු කුමරා ක්‍රි.ව.1271දී රාජත්වයට පත්වීමට නිමිති වන්නේය. දළදා වහන්සේ ආරක්ෂා කරගැනීම උදෙසා යාපහුව ගිරිශිඛරය කේන්ද්‍ර කරගනිමින් බලනගරයක් ගොඩනගන බුවනෙකබාහු, යාපහු ගලේ මැදි උසින් දළදා මාළිගාවක්ද කරවයි. මෙම මාළිගාව අද ගරා වැටී ඇතැත්, එයට පිවිසීමට ඉදි කරනු ලැබූ පියැගැටපෙල ආශ්‍රිතව මනරම් ගල් කැටයම් අදටත් දැකිය හැකිය. මෙම කැටයම් හෙළ කලාකරුවාගේ ශ්‍රේෂ්ඨත්වය මැනැවින් පිළිඹිබු කරයි. එකී කැටයම් අතුරින් පියගැටපෙල දෙපස තේජාන්විතව හිඳින සිංහ රූප දෙක ප්‍රමුඛස්තානයක් ගනු ලබයි. ලාංකේය ශෛල කලාවේ විශිෂ්ටතම නිර්මාණයක් ලා සැලකෙන මෙම සිංහ රූපය දෙස් විදෙස් සුපතලය. ශ්‍රී ලංකාවේ අවසාන වශයෙන් මුද්‍රණය කෙරුණු රුපියල් 10 මුදල් නෝට්ටුවටද මෙම මාහැඟි නිර්මාණය පාදක කරගෙන තිබීම සුවිශේෂීත්වයකි. තවද පියගැටපෙලේ පියගැට ඉතා පටු ලෙස සකසා ඇති අයුරු ඔබට නිරීක්ෂණය වනු ඇත. ඒ දළදා වහන්සේ විදේශ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කරගැනීමටය.
ලෝ සුපතල යාපහුව සිංහයා | The world famous Yapahuwa lion

යාපහුව බලනගරයට ආරක්ෂාව සැපයීම උදෙසා දිය අගල් දෙකක් මෙන්ම කොටු පවුරක්ද යොදා ගත් බව එහි යන ඔබට අදටත් දැකගත හැකිය. ඊට අමතරව යාපහුවේ දළදා මළුව පසු කරමින් මෑතදී ඉදිකරනු ලැබූ පියගැටපෙල ඔස්සේ යාපහු ගල මුදුනට ළඟා වන්නට හැකිය. අවට සිරිය මැනැවින් පෙනෙන යාපහු ගල මුදුනෙහි දාගැබ් දෙකක සහ පොකුණක ශේෂයන් දැකගත හැකිය. මෙයට අමතරව ගල මුදුනතට මත්තෙන් තරමක ගල්ලෙනක්ද දැකිය හැකිය.

ගල පාමුල ලෙන්විහාර සංකීරණයක් පිහිටා ඇති අතර ඒ තුල මහනුවර යුගයට අයත් බිතුසිතුවම් දැකිය හැකිය. මීට අම්තරව රජ මාළිගයේත්, ඇමැති නිලනිවස්නවලත් පාදම් අදටත් ඉතිරිව තිබේ. බුවනෙකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපයේ නටඹුන්ද සුප්‍රකට යාපහුව පියගැටපෙල පාමුල දැකිය හැකිය. සියවස් ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන මෙම පුණ්‍යභූමියෙහි වළගම්බා රජතුමා සැඟව සිටි බවටද ජනප්‍රවාදයක් ගොඩනැගී ඇත. තවද "සුභ සහ යස" කතා පුවතද යාපහුව කේන්ද්‍රගතව සිදූ වූ බවට ජනප්‍රවාදයක් ගොඩ නැගී ඇත. අවාසනාවකට මෙන් මෑතකදී යාපහුව කෙරේ නිධන් සොරුන්ගේ කරුමක්කාර බැල්ම යොමුවී තිබීම කණගාටුවට කරුණකි.
ගල් වඩුවාගේ මනරම් නිමැවුම් | Breathtaking work courtesy of the rock carver

වසර 12ක් රට පාලනය කළ පළමුවන බුවනෙකබාහු රජතුමා පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන් හමුවේ පරාජයට පත් වීමත් සමඟ යාපහුව නගරයද විනාශ මුඛයට පත්වන්නේය. දළදා වහන්සේගේ භාරකාරත්වය පණ්ඩ්‍යයන් ලබා ගන්නා අතර ඒ ඇවෑමෙන් 19 වසරක ආරාජක කාල පරිච්ඡේදයක් සිරිලක බිහිවන අතර, නැවතත් සිංහල රජකු ලෙස අභිෂෙක ලබන තෙවන පරාක්‍රමබාහු සිය අගනගරය ලෙස තෝරා ගනු ලබන්නේ පොළොන්නරුවයි. මෙකී කාල සීමාව තුල යාපහුව ජනාවාස අතැර දමන අතර එය සංඝයා වහන්සේලාට සෙවන දෙන පුණ්‍යභූමියක් බවට පරිවර්තනය වන්නේය.
යාපහුව පන්සල | Yapahuwa temple

පිවිසුම් මාර්ගය

කුරුණෑගල සිට පුත්තලම පාරේ අවුත්, පාදෙණියෙන් දකුණට හැරී අනුරාධපුරයට දිවෙන A57 මාර්ගයේ දළදාගම දක්වා පැමිණෙන්න. එතැනින් දකුණට හැරී මහව නගරය පසු කර කිලෝමීටර කිහිපයක් ගිය තැන යාපහුව හන්දිය හමුවේ. එතැනින් දකුණට ඇති මාර්ගයේ (මංපුවරු සවිකර ඇත) මද දුරක් ගමන් කළ පසු යාපහුව නටඹුන්වලට ළඟා විය හැකිය.

දුම්රියේ පැමිණෙන්නේ නම් මන්දගාමී දුම්රියකින් යාපහුව දුම්රියපලට ළඟා වී එතැනින් ත්‍රීරෝද රථයක හෝ පා ගමනින් යාපහුවට ළඟා විය හැකිය. බොහෝ දුම්රිය යාපහුව දුම්රියපලේ නොනවත්වන බැවින් මහව හන්දියෙන් බැස ත්‍රීරෝද රියකින් හෝ බසයේ යාපහුවට ළඟා විය හැකිය.
Courtesy of Google Maps

අවට ආකර්ෂණයන්

කෙටි රාජධානියක් වූ යාපහුව ඉතා ඉක්මනින් ඇතැර දැමීම හේතුවෙන් ඒ අවට පුරාවිද්‍යා වටිනාකමින් ප්‍රමුඛ වූ සිද්ධස්ථාන ස්ථාපනය වී ඇත්තේ අල්ප වශයෙනි. කෙසේ වෙතත් යාපහුවට උතුරින් පිහිටි රැස්වෙහෙර පුදබිමත්, යාපහුවට ඊසාන දෙසින් පිහිටි අවුකන සහ විජිතපුර පුදබිම් යාපහුව සංචරණයේදී ඔබට ගොඩ විය හැකි තැන්ය. පඬුවස්නුවර නටඹුන් සහ හත්තිකුච්චි නටඹුන්ද යාපහුවේ සිට තරමක දුරින් පිහිටා ඇත.
අමාත්‍ය නිල නිවස්නවල නටඹුන් | Ruins of the ministerial residences

පහසුකම්

යාපහුව නගරය යනු කුඩා කඩමණ්ඩියකි. එබැවින් ඔබේ අවශ්‍යතා සපුරා ගත හැකි ආසන්නතම නගරයන් වන්නේ මහව සහ දළදාගමයි. සුපිරි වෙළඳසල් යනාදී පහසුකම් වාරියපොලින් පසුව යාපහුව තෙක් හමු නොවන බවද සිහියේ තබාගන්න.

යාපහුවේ ලංකා-ජර්මානු හවුල් ආයෝජනයක් ලෙස පවත්වාගෙන යනු ලබන යාපහුව පැරඩයිස් සුඛෝපබෝගී හෝටලය යාපහුව පුරාවිද්‍යා පරිශ්‍රය ආසන්නයේම පිහිටා ඇතත් එය මිල අධික බව සිහියේ තබාගන්න. මහවත් යාපහුවත් අතර පිහිටි ශාන්තී හෝටලය සාධරණ මිලකට සේව සැපයුවත් එහි යන දේශීය සංචාරකයන්ට පනවනු ලබන නීති රීති ඇතැම්විට ඔබගේ නොසතුටට හේතු වනු ඇත.
සුප්‍රකට සිංහ හිස | The head of the infamous lion


It's a well known fact that Sri Lanka has had 8 ancient capitals over its history, these are also considered to be the ancient kingdoms of Sri Lanka. Out of these, the fourth one, Yapahuwa, was one of the most short-lived kingdoms. Located in the dry zone of the north-western part of the country, Yapahuwa is built surrounding a sizable rock as a fortress city. The purpose of establishing Yapahuwa as a fortress city was to safeguard the kingdom and the Holy Tooth Relic (Sinhalese people believe that the custodian of this holy relic to be the rightful ruler of the island) from south Indian invaders. Another unique characteristic of this ephemeral capital is that only one king ruled from Yapahuwa, that was King Buwanekabahu I.
දෙස් විදෙස් සුපතල පියැගැටපෙල | The world renowned stairwell

Considered to be a key phase in ancient Sri Lanka, Yapahuwa boasts ruins of fortresses, moats, dagobas, temples as well as royal dwellings. However, Yapahuwa has earned worldwide appraise for it's uniquely steep staircase that leads up to the landing that used to house the Temple of Tooth as well as the masterful rock carvings that adorn the the topmost part of the said staircase.
බුවනෙක්බාහු රජතුමාගේ රාජ සභාවේ නටඹුන් | Ruins of King Buwanekabahu's Court

Importance and Historic Background

With the demise of King Wijayabahu IV, the Holy Tooth Relic is moved from Dambadeniya to Yapahuwa from protection. This leads to King Wijayabahu IV's brother, Prince Buwanekabahu being crowned as King of Sri Lanka in 1271 A.D. King Buwanekabahu I ventures into building a fortress town surrounding the Yapahuwa rock to protect the Holy Tooth Relic. The Temple of Tooth was built on a landing halfway up the Yapahuwa rock. Although the Temple of Tooth is no more, the majestic stairwell leading up to the landing is still in tact. The stone carvings adorning the last flight of stairs attest to the grandeur of the ancient Sinhala artists. Out of these carvings, the two lion figures adorning the two sides of the stairwell are of pristine beauty and are world renowned as a masterpiece. The last printed Rs. 10 note carries the majestic image of the Yapahuwa lion. It should also be noted that the stairs, leading up to the landing which used to house the Temple of Tooth, are very narrow. This had been done intentionally to push back hasty foreign invaders.

ගල මුදුනත නටඹුන් වූ චෛත්‍යයක් | A ruined dagoba at the top of the peak

The Yapahuwa citadel was protected by two moats and one outer wall. You could also reach the top of the Yapahuwa rock by taking the newly made stairs which begin from the landing that used to house the Temple of Tooth. The mountain top has a breathtaking panoramic view of the surroundings and hosts two ruined dagobas and a pond. A mid sized cave can be seen just before you reach the peak of the rock.

The rock base holds a cave temple, which has frescoes dating back to the Mahanuwara era. In addition the ruins of the the foundations of the King's Palace, Ministerial Residences and the King's Court can still be seen before you start ascending the stairs. There's a folk story that the great King Walagamba had been hiding in Yapahuwa during the days he was fleeing from the Chola invaders and gathering troops to take back the country. There's another folklore that suggests the famed "Suba & Yasa" incident occurred in Yapahuwa as well. Sadly, however, Yapahuwa has caught the miserable radar of relic hunters.

ගල මුදුනට.. | Towards the peak..

King Buwanekabahu I, who ruled Sri Lanka for 12 years was defeated by the South Indian Pandyan invaders, leading to the demise of the Yapahuwa Kingdom. The Pandyans become the guardians of the Holy Tooth Relic leading up to a 19 year interregnum period. During this transition period, Yapahuwa gradually becomes a ghost town that houses Buddhist monks and converts into a hermitage/monastery. The next Sinhala King to be ordained, King Parakramabahu III chooses to reign from Polonnaruwa, ending Yapahuwa's heyday in Sri Lankan history.

යාපහුවේ විශ්මිත ගල් කැටයම් - පැති පෙනුම | The amazing stone carvings of Yapahuwa - side view

How to get there

Travel along the Puttalam road from Kurunegala. You'll have to turn right at the Padeniya junction on to the A57 road which winds up to Anuradhapura. Once you reach Daladagama, you're to turn right towards Maho. Drive past Maho towards the tiny town hamlet of Yapahuwa where you have to turn right (signboards are available to guide you) and travel a bit to reach the archaeological site.

In case you're taking the train, you can board a slow train and alight at the small railway station at Yapahuwa and find your way to the archaeological site on foot or by a tuk-tuk. Since most of the train do not stopover at the Yapahuwa station, it's advised to take a train upto Maho and board a bus or tuk-tuk to reach the ruins.

Nearby attractions

As Yapahuwa was an ephemeral capital, only a limited number of key attractions were established in and around Yapahuwa. Sites such as Reswehera, towards the north of Yapahuwa, and Avukana and Vijithapura towards the north-east of Yapahuwa would draw your interest. Ruins located at both Panduwasnuwara and Hatthikuchchi are quite distant from Yapahuwa, although they are well worth the visit.
අවට අසිරිය | The surrounding beauty

Facilities

In actuality Yapahuwa is a small hamlet with a couple of shops. Hence, it is advised to fulfill your requirements from either Maho or Daladagama on your way to Yapahuwa. Also, bear in mind that you would not come across any supermarkets after you pass Wariyapola.

Yapahuwa Paradise Hotel, which is a Sri Lankan/German joint venture provides luxurious accommodation close to the archaeological site. However, this is quite an expensive option. Another alternative would be Hotel Shanthi which is located in between Maho and Yapahuwa, which has fair rates. Yet, there are some restrictions imposed on local tourists at Hotel Shanthi which might not be to your delight.