Showing posts with label Mountains. Show all posts
Showing posts with label Mountains. Show all posts

Sunday, March 23, 2014

මුල්කිරිගල, Mulkirigala

Scroll down to read in English.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතිශය චමත්කාරජනක ඉසව්වක පිහිටා ඇති මුල්කිරිගල රජමහාවිහාරය සැබැවින්ම සැඟැවුණු මාණික්‍යයකි. වසර 2200ක තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානය ගල් පර්වතයක් කේන්ද්‍ර කරගනිමින් බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත වන අයුරින් නිමවා තිබෙනයුරු මනස්කාන්තය.

මුල්කිරිගල පර්වතය මුහුදු මට්ටමේ සිට අඩි 672ක් උස වන අතර එම පර්වතය මළු 5කින් සමන්විත සද්ධන්ත පර්වතයකි. ලෙන්විහාර අතුරින් අග්‍රස්ථානය ගන්නා දඹුල්ල රජමහාවිහාරයේ සිරි කැන්දන මුල්කිරිගල ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් තුරු ගොමු මැදි කරගෙන පිහිටා ඇත.
මුල්කිරිගල පර්වතය | The Mulkirigala Rock

ඓතිහාසික පසුබිම

ක්‍රි.පූ. 2වන සහ 1වන සියවස්වලදී මෙම පර්වතයේ පිහිටා ඇති ලෙන් තුල "භාණක" හිමිවරුන් වැඩසිටි බවට විහාරස්ථානයේ දක්නට ලැබෙන ශිලාලේඛණ සාක්ෂී දරයි.  "භාණක" හිමිවරුන් යනුවෙන් හැඳින්වෙන්නේ බුදු රදුන් වදාළ උතුම් සද්ධර්මය සියළු බාධක අභිමුව කට පාඩමින් සුරැකිව පවත්වාගෙන ආ සැරියුත් මහරහතුන්වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවටය. භාණක පරපුරේ මජ්ඣිම නිකාය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යෑමේ වගකීම හිමි "මජ්ඣිම භාණක" නම් වූ හිමිවරුන් මෙහි වැඩසිට ඇති බවට ශිලා ලේඛණය සාක්ෂි සපයයි. මෙය ඇතුළු වෙනත් සාධක රාශියක්ම පදනම් කරගනිමින් මෙම අසිරිමත් පුදබිමෙහි අතීතයේදී රහතුන්වහන්සේලා වැඩ හිඳි බව විද්වත් විශ්වාසයයි.
රජමහාවිහාරයේ සුරැකිය යුතු වියැකී යන බිතුසිතුවම්| Fading frescoes in "Rajamahaviharaya" that needs to be safeguarded
ඊට අමතරව පර්වත විහාරයේ උඩහ මළුවේ පිහිටා ඇති බෝධිය දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ නමක් බව සනාථ වී හමාරය. බෝධි වංශයට අනුව එකළ මෙම විහාරය "ගිරිබා විහාරය" නමින් හඳුන්වන ලද බව පැහැදිලිය. මෙම ප්‍රදේශයට "ගිරුවාපත්තුව" යන නම යෙදෙන්නට මෙම විහාරස්ථානය ප්‍රධාන හේතු කාරණාවක් වූ බව ප්‍රකට අදහසකි.

මෙම විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහානාග, කාවන්තිස්ස, සද්ධාතිස්ස, වළගම්බා (වට්ටගාමිණී අභය), දප්පුල යනාදී රජවරුන් මෙන්ම මහනුවර යුගයේදී රාජ්‍යත්වය දැරූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාද වෙහෙස වී ඇති බැව් ඉතිහාසයේ සඳහන්ය.

මෙම විහාරස්ථානයේ සැබෑ නාමය මුල්කිරිගලද, මුල්ගිරිගලද යන්න සමහරුන් ප්‍රශ්න කරති. ශාස්ත්‍රපති මැදගොඩ සිරිනිවාස ස්වාමීන්වහන්සේ අර්ථ දක්වන පරිදි මෙම විහාරස්ථානයේ නියම නාමය විය යුත්තේ "මුල්කිරිගල" යන්නයි. කෙසේ වෙතත් අතීතයේදී එය "මූලගිරි විහාරය" යන නමින්ද හඳුන්වා ඇත.
පහළ මළුවේ බිතුසිතුවම් | Frescoes in the lower level

මුල්කිරිගල විචිත්‍රත්වය

මුල්කිරිගල රජමහාවිහාරය සතු මළු 5 පහත පරිද්දෙනි

1) සියඹලා මළුව

මුල්කිරිගල විහාරයේ වංශකතාව මැනැවින් ගෙනහැර දක්වන කෞතුකාගාරය විහාරයට ඇතුළුවන තැන්හීම පිහිටා ඇත. ඊට අමතරව පන්සල හා වන්දනාකරුන්වන්ට නවාතැන් ගත හැකි විශ්‍රාම ශාලාවද සියඹලා මළුවේම පිහිටා ඇත.

2) පහළ මළුව

බෝධියකින් සහ චෛත්‍යයකින් සමන්විත මෙම මළුවේ නා ලෙන් විහාරයත් පදුම රහත් විහාරයත් පිහිටා ඇත. මෙහිදී මහනුවර යුගයට අයත් බිතුසිතුවම් රැසක් දැකගත හැකිය. ශාකාශ්‍රිත පාට වර්ග යොදා ගනිමින් කරන ලද මෙකී සිතුවම් අදටත් මනාව පැවතීම මහත් ආශ්චර්යයකි. එහිදී ඔබට 18 රියන් සැතපෙන බුදුරුවක්ද වඳපුදා ගන්නට පිළිවන. පහළ මළුවේම කොටසක් සේ සැළකෙන වෙසක් ශාලා මළුවේ සුප්‍රකට මජ්ඣිම භාණක ලෙනත්, භාණක ගිරි ලිපියත් පිහිටා ඇත. විහාරස්ථානයේ ඉපැරණි සීමාමාලකයත් මෙම මළුවේම පිහිටා ඇත.
පහළ මළුව | Lower level

3) මැද මළුව 

පියගැට පෙළින් වම්පසට වන්නට පිහිටා ඇති මැද මළුව චෛත්‍යයකින් සහ බෝධියකින් සමන්විතය. එහි සංඝාවාසයක්ද දක්නට ලැබේ.

4) රජමහාවිහාර මළුව

අතිශය තේජාන්විත මළුවක් වන රජමහාවිහාර මළුවේ සිට ඔබට අවට චමත්කාරය මැනැවින් නිරීක්ෂණය කළ හැකිය. පැහැදිලි අහසක් තිබෙන දිනකදී මෙහි සිට තංගල්ල මුහුදු සීමාව දක්වා පෙනෙන අතර පහත සියඹලා මළුවද මැනැවින් පෙනේ. තරමක ඉඩකින් සපිරි මේ මළුවේ සෙල් ලිපියක් මෙන්ම පොකුණක්ද දක්නට ලැබේ.
රජමහාවිහාර මළුවේ බිතුසිතුවම් | Frescoes from the "Rajamahavihara" level
රජමහාවිහාර මළුවේ, නමට සරිලන අයුරින්ම, රජමහාවිහාරයත්, ඊට අමතරව අලුත් විහාරය, නාගවිහාරය මෙන්ම සාල ගල් ගෙය සහ පිරිනිවන් මඤ්චකයද ඔබට වැඳපුදා ගත හැකිය. මෙහිදීද මහනුවර යුගයට අයත් සිතුවම් රැසක් ඔබට නිරීක්ෂණය කළ හැකි අතර නිදහසට පෙර 20වන සියවසේදී නිම කරන ලද බිතුසිතුවම්ද විශාල ප්‍රමාණයක් දැකිය හැකිය. මෙහිදීද බුද්ධ ප්‍රතිමා කිහිපයක් දක්නට ලැබෙන අතර පිරිනිවන් ප්‍රතිමාවක්ද පිරිනිවන් මඤ්චකයේ දක්නට හැකිය.
ඉපැරණි පියගැට පෙල් | Ancient stairwells

5) උඩහ මළුව

මෙතුවක් තරමක පහසු එහෙත් තරමක් පටු පියගැට ඔස්සේ නැගි ඔබට පෙරටත් වඩා පටු මෙන්ම සෘජු නැග්මකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. එය එසේ වුවත් කිසි ලෙසකින්වත් අසීරු නැග්මක් නොවන බව කිව මනාය. අතීතයේදී විහාර පව්ව තරණයට යොදා ගැනුණු ඉපැරණි පියගැටම අතටත් ශේෂව පැවතීම ඉතාමත්ම සතුටුදායක කරුණකි. උඩහ මළුවට යන ඔබට මුලින්ම ආචාර කරනුයේ දෙතිස්ඵලරුහ බෝධියේ සිලි සිලි නාදයයි. ශ්‍රී මහා බෝධියේ අතු ශාඛාවක්වන මෙම වෘක්ෂය අතිශය වන්දනීයය. පර්වතයේ උස්ම ස්ථානයෙහි චෛත්‍යයක් ඉදි කර ඇති අතර උඩහ මළුවේදී පුකුණක්ද දක්නට හැකිය.

කෙසේ වෙතත් උඩහ මළුව සම්බන්ධයෙන් ගෙනහැර පෑ යුතු තවත් වැදගත් කරුණු දෙකකි. එකක් නම් දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ අසල පිහිටා ඇති "ගැරඬි කපොල්ල" නම් වූ ඉතා පටු ශිලා කපොල්ලයි. අනෙක නම් අවට පරිසරයේ චමත්කාරයයි. පොළොව මට්ටමේ සිට අඩි 350ක් පමණ උසින් පිහිටා ඇති උඩහ මළුවේ සිට විශාල සීමාවක සුන්දරත්වය මැනැවින් නිරික්සිය හැකිය. මෙම මළුව උදේ සහ සැඳෑ කාලයන්හිදී හිරු උදාවත් හිරු අවරට යෑමත් නිරීක්ෂණයට සොඳුරු ඉසව්වක් බව බොහෝ දෙනා අදහස් දක්වයි.
"ගැරඬි කපොල්ල" | "Snakes' pass"

පිවිසුම් මාර්ගය

කොළඹ, ගාල්ල, මාතර යනාදී ප්‍රදේශවල සිට පැමිණෙන ඔබ මුල්කිරිගල යන අතරතුරදී පළමුව බෙලිඅත්තට ළඟා විය යුතුය. ඒ සඳහා ඔබට මාතර සිට හක්මන හරහා දිවෙන මාර්ගය හෝ දික්වැල්ලෙන් දිවෙන මාර්ගය භාවිතා කර හැකිය. මෙම මාර්ග දෙකෙහිම කාපට් අතුරා ඇත. බෙලිඅත්තෙන් වීරකැටිය මාර්ගය ඔස්සේ කි.මි. 10ක් පමණ ගිය තැන හමුවන මුල්කිරිගල හන්දියෙන් වමට හැරී ඔබට රජම්හාවිහාර පරිශ්‍රයට ළඟා වන්නට පිළිවන. මුල්කිරිගල මංසන්ධිය තරමක කුඩා කඩමණ්ඩියක් වුවද එහි විහාරස්ථානයට මං සලකුණු මැනැවින් සවිකර පවතී. හම්බන්තොට දෙස සිට ඔබ පැමිණෙන්නේ නම් රන්න හරහා ඔබට වීරකැටියට ළඟාවිය හැකිය. ලංකාවේ ඇති "පස්මංසන්ධි" දෙකෙන් එකක් වන වීරකැටියෙන් බෙලිඅත්ත මාරගයේ මද දුරක් ධාවනය කළ පසු මුල්කිරිගල හන්දියෙන් දකුණට හැරී මුල්කිරිගල රජමහාවිහාරයට ළඟාවිය හැකිය.
Courtesy of Google Maps

අවට ආකර්ෂණයන්

මුල්කිරිගල අවට ඔබ අප කාගේත් නෙත් සිත් ඇඳ බැඳගන්නා ස්ථාන කිහිපයකි. ඒ අතුරින් වීරකැටිය - රන්න මාර්ගය ඔස්සේ ළඟා විය හැකි නයිගල රජමහාවිහාරය ඓතිහාසික වැදගත්කමින් යුත් අතීතයේදී රහතන්වහන්සේලා වැඩ හිඳි පින්බිමකි. මෙම මාර්ගයේම මදක් රන්න දෙසට වන්නට පිහිටා ඇති කසාගල රජමහාවිහාරය අතීතයේදී දළදාවහන්සේ වැඩ හිඳි පුණ්‍යභූමියකි. අනෙක් අන්තයෙන් වීරකැටිය - බෙලිඅත්ත - දික්වැල්ල මාර්ගය ඔස්සේ වැව්රුකන්නලට ළඟා විය හැකිය. මීට අමතරව A2 මාර්ගය ඔස්සේ මුහුදුබඩව පිහිටා ඇති හුම්මානය, උස්සන්ගොඩ ආදී ස්ථාන කරා ඔබට ළඟා විය හැකිය. තවද නෝනාගම - රත්නපුර මාර්ගය ඔස්සේ ළඟා විය හැකි රම්බා රජමහාවිහාරය, මදුනාගල ආරණ්‍ය සෙනසුන සහ මදුනාගල උණුදිය උල්පත්ද ඔබේ නෙත සිත ඇද බැඳ ගනු නියතය.
උඩහ මළුවේ චෛත්‍යය | The dagoba from the upper level

පහසුකම්

බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල ආදී ප්‍රදේශ කේන්ද්‍ර කොටගෙන කුඩා ලැගුම්හල් රැසක් පැතිර පවතී. තවද අර්ධ සුඛෝපභෝගී හෝටල් අතලොස්සක් මේ ප්‍රදේශයේ දැකිය හැකිය. මීට අමතරව තංගල්ල, රන්න, අම්බලන්තොට, හම්බන්තොට ආදී මුහුදු තීරය ආශ්‍රිත ප්‍රදේශයන්හීද ඔබට නවාතැන්පළවල් සොයා ගත හැකිය. ඔබ විශ්‍රාම ශාලාවක් සොයන්නේ නම් ඔබට මුල්කිරිගල, වැව්රුකන්නල හෝ නයිගල යන පුදබිම්හී නවාතැන් ගන්නට පුළුවන. පසුගිය දශකයේදී ප්‍රබෝධමත් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන බෙලිඅත්ත සහ වීරකැටිය දෙනුවර අතරමැදිව පිහිටා ඇති මුල්කිරිගලට පිවිසෙන ඔබට අවශ්‍ය ඔබට ඉන්ධන, ආහාරපාන යනාදී සියළුම අඩුමකුඩුම ඉහත කී නගර ද්විත්වයෙන්ම සපුරා ගත හැකිය.
පහළ මළුවේ ප්‍රතිමා | Statues from the lower level

රජමහාවිහාර මළුවේ සැතපෙන පිළිමවහන්සේ | The sleeping statue from the "Rajamahavihara" level
Located in a very scenic part of Hambantota District, Mulkirigala is truly a hidden gem. Mulkirigala's history dates back to over 2200 years and it's awe inspiring to see how this "Royal Temple" has been built centering it around a rock.

Laden with 5 levels, Mulkirigala is a rock that stands 672 feet above mean sea level. Mulkirigala resonates an air of Dambulla which is considered to be the crown jewel among rock temples around the world, and is scenically located amid lush greenery.
රජමහාවිහාර මළුවේ දසුනක් | A scene from the "Rajamahavihara" level

Historic background

Rock inscriptions located inside caves have revealed that "Bhanaka" monks were residing in these caves as way back as 2nd and 1st century B.C. "Bhanaka" monks are a group of monks who were entrusted to memorize and keep alive the universal teachings of Lord Buddha in spite of all odds. They are considered to be the disciples of Seriyuth Arahat Thero, one of Lord Buddha's closest disciples. The rock inscription provides evidence that the "Majjima Bhanaka" monks whose duty was to disseminate the contents of "Majjima Nikaya" called these caves home. This along with several other historic facts lead to the conclusion that Arahat Theros had resided in this part of the island long ago.
මජ්ඣිම භාණක ලෙන | Majjima Bhanaka Cave
Additionally the upper level hosts a "Dethispalaruha Bo tree" which has been proven. According to Bodhivamsa which is a historic scribble documenting the history of Bo trees in Sri Lanka this temple would've been known as the "Giriba" temple. It is widely believed that this gave rise to the name "Giruwapatthuwa" which is the name used to describe this part of Hambantota district.

Sinhalese Kings such as Mahanaga, Kawantissa, Saddhatissa, Walagamba (Wattagamini Abhaya), Dappula have been instrumental in building up this temple. King Keerthi Sre Rajasinghe from the Mahanuwara era is another royal who toiled to solidify this holy temple.
පහළ මළුවේ බිතුසිතුවමක් | A fresco in the lower level 
There has been some debate over whether the real name of this temple ought to be Mulkirigala or Mulgirigala. According to Ven. Medagoda Siriniwasa Thero the correct name should be "Mulkirigala". However, the temple had been known as "Moolagiri Viharaya" in its history.

Splendor of Mulkirigala

The five levels mentioned above that are in existence in Mulkirigala are as follows.

1) Siyambala (Tamarind) Level

A museum that depicts the history of Mulkirigala is aptly located at the very entrance to the temple. In addition to this, the temple and the "Vishrama Shala" are both located in this level.
විහාරයේ කෞතුකාගාරය | The temple's museum

2) Lower Level

This level is composed of a Bo tree and a dagoba as well as the "Na Len" statue house and the "Paduma Rahath" statue house. These statue houses are adorned with beautiful frescoes painted in the Mahanuwara era. It's a wonder how in tact these frescoes are given their age and the dyes been sourced from nature. You will be able to observe a sleeping Buddha statue amid a few other statues in this level. The "Vesak Hall Level" is also considered to be part of the Lower Level and it hosts the famed Majjima Bhanaka cave, the Majjima Bhanaka rock inscription and the old ordainment house.

3) Mid Level

The mid level is located towards the left hand side of the stairwell composed of a Bo tree, dagoba and a monks' abode.
පහළ මළුවත් වෙසක් ශාලා මළුවත් යාකෙරෙන පියගැට පෙළ | The stairwell that links the lower level with the Vesak Hall Level

4) "Rajamahavihara" Level

This level is the most majestic out of the 5 levels of Mulkirigala and is well perched to give a panoramic view of the surrounding environs. On a day with clear skies, even the Tangalle beach is visible from here and is well perched to give a perfect view of the Tamarind Level below. A spacious level, it is composed of a pond and a rock inscription as well.
රජමහාවිහාර මළුවට පෙනෙන සුන්දරත්වය | The beauty from the "Rajamahavihara" level
As the name suggests, the "Rajamahavihara" level hosts a "Rajamahaviharaya" or a "Royal Temple" which is the literal translation from Sinhala. In addition to that the "Aluth Viharaya" (new temple), "Nagaviharaya", "Saala Gal Geya" and the "Piriniwan Manchakaya" are located on this level of the rock. Here again lies vast quantities of breathtaking frescoes, some from the Mahanuwara era while others come from the pre-independence 20th century. The cave temples are adorned with a number of Buddha statues along with a statue of Lord Buddha's passing away in the "Piriniwan Manchakaya".
මුල්කිරිගල සැතපෙන පිළිම වහන්සේ නමක් | A sleeping Buddha statue from Mulkirigala

5) Upper Level

Up to this point the stairs are somewhat narrow but easy to climb. However, the stairs leading up to the Upper Level are narrower and go through a steeper incline. Despite that, this is not to tell that this climb is by any means a difficult one. What's more interesting is the fact that the stairs that were used in the ancient time are still in tact in most of the places. As soon as you reach the upper level, you'll be welcomed by the bustling noise of the "Dethispalaruha Bo tree". One of the first 32 saplings from the Sri Maha Bodhi, Dethispalaruha Bo trees are considered to be or great religious significance. The pinnacle of the rock is adorned by a dagoba while a pond is also present in the upper level.

The "Gerandi Kapolla" which literally stands for "snake pass" is a natural pass between two boulders besides the sacred Bo tree which is quite fascinating. Additionally, the panoramic view from the top of the peak is astounding. It is said that sunrises and sunsets are quite breathtaking from atop this 350 feet rock temple.
දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ | Dethispalaruha Bo tree

How to get there

If you're traveling to Mulkirigala from somewhere around Colombo, Galle or Matara, you should first reach Beliatta. In order to get there you could either use the roach from Matara via Hakmana or the road that leads from Matara via Dikwella. Both these roads are carpeted. From Beliatta you should travel approximately 10km along the Weeraketiya road until you reach the Mulkirigala junction which is a small bazaar. Take a left turn there, as per the direction board to reach the temple premises. If you're travelling from Hambantota you should reach Weeraketiya via Ranna. Weeraketiya hosts one of Sri Lanka's only two 5 way intersections, out of which you're to take the Beliatta road which will lead you to the Mulkirigala junction.
රජමහාවිහාර මළුවට දිවෙන පියගැට පෙළ | The stairwell leading up to the "Rajamahavihara" level

Nearby attractions

Several attractions that are of immaculate beauty are scattered around Mulkirigala. Among those, Naigala Temple which is accessible through the Weeraketiya - Ranna road is an ancient temple where enlightened "Arahat" theros had resided. Kasagala Temple, which is accessed through the same road (one must travel a bit more towards Ranna side) is an historic temple where the divine Tooth Relic had been safehoused. On the other side, the Wewrukannala can be reached through the Weeraketiya - Beliatta - Dikwella road while the A2 highway can be used to reach seaside attractions such as the Blowhole (Hummanaya) and Ussangoda. You may also use the Nonagama - Ratnapura road to reach Ramba Temple as well as the Madunagala Hermitage and hot water springs.
පිරිනිවන් මඤ්චකය | "Piriniwan Manchakaya"

Facilities

There are several small rest houses clustered around Beliatta, Weeraketiya and Walasmulla. Additionally, you might be able to locate a few semi-luxury hotels in this vicinity. Tangalle, Ranna, Amabalantota and Hambantota provides you with a few options along the beach. In case you're looking for a low cost "Vishrama Shaala", Mulkirigala, Wewrukannala and Naigala provides such facilities. During the past decade the Hambantota district has seen a major facelift. Mulkirigala is located amid the two buzzing townships of Beliatta and Weeraketiya. These two towns will give you plenty of options to fuel-up and find food, beverages and any other amnesties you may require.

Tuesday, December 31, 2013

උතුවන්කන්ද (සරදියෙල් ගල), Uthuwankanda (Saradiel Rock)

Scroll down to read in English.

කොළඹ සිට මහනුවර දක්වා නුවර පාරේ ගමන් ගන්නා ඔබට කෑගල්ල නගරයත් මාවනැල්ල නගරයත් අතරතුරදී ඔබේ වම්පසින් සුවිශේෂී හැඩයකින් යුතු ගිරිකුලක් නෙත ගැටී ඇති වාර ගණන අපමණය. එහෙත් ඉහත කී ගල "ලංකාවේ රොබින් හුඩ්" නමින් ප්‍රචලිත උතුවන්කන්දේ සූර සරදියෙල්ගේ තිප්පොල බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.
සරදියෙල් ගලේ සමීප දසුනක් | A close-up of the Saradiel Rock
සූර සරදියෙල් යනු 19වන සියවස මැද භාගයේදී සුදු ආක්‍රමණිකයන්ට මහත් හිසරදයක් වූ මංකොල්ලකරුවෙකි. විශේෂයෙන්ම ඉංග්‍රීසි ප්‍රභූන්ගෙන් සහ තැපැල් කරත්තයෙන් සොරකම් කළ සරදියෙල් ඇතුළු ඔහුගේ කණ්ඩායම, ඔවුන් කොල්ලකෑ දෑ ගම්මුන් අතර බෙදා දුන්හ. මේ නිසාම සූර සරදියෙල් "ලංකාවේ රොබින් හුඩ්" නමින් විරුධාවලි ලැබීය.

කන්ද උඩරටට පිවිසෙන නිමේෂයෙහි පිහිටා ඇති මෙම මනරම් පර්වතය තරණය තරමක් වෙහෙසකරය. සරදියෙල් ගලේ මුල් භාගයේ රබර් වගා කර ඇතත් ඉහළට  ගමන් ගන්නා ඔබ පිවිසෙනුයේ කැලෑ ප්‍රදේශයකය. ගල මුදුනත එළිමහන් ගල් තලාවක් වන අතර එහි කොණෙක කොතක් වන් වූ උස් ශීර්ෂයකි. මෙම පර්වතය පුරා සරදියෙල් ඇතුළු සඟයින් සැඟව සිටි ගුහා පැතිර පවතින බව වාර්තා වේ.

පැයක පමණ කාලයක් තුල නැගිය හැකි සරදියෙල් ගලේ මුදුනේ සිට අවට සුන්දරත්වය මනාව රසවිඳිය හැකිය. මාවනැල්ල නගරයත් අවට ග්‍රාමීය පරිසරයත් ඔබේ දෙනයන පිනවන අතර අවටින් හමා එන සිහිල් සුළං දහර ඔබේ ගමන් විඩාව නිවනු නොඅනුමානය. සරදියෙල් ගලට යනෙන මගදී ඔබට කූඩැල්ලන්ගෙන් කරදර විඳීමට සිදුවනු ඇති බව සිත තබාගන්න.
ගලේ පාමුල සිට අවට අසිරිය | The surrounding panorama from the foot of the hill

පිවිසුම් මාර්ගය

A1 කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති උතුවන්කන්දට ලඟා වීම පහසුය. කොළඹ ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ගමන් කරන විටදී කෑගල්ල නගරයත් මොලගොඩ ප්‍රදේශයත් ඔබ පසු කර යා යුතුය. එසේ ගිය පසුව ඔබගේ වම් අතපසට 'උතුවන පාර' නමින් පාරක් හමුවන අතර එකී පටු මාර්ගය ඔස්සේ කි.මි.1ක් පමණ ගිය පසු හමුවන දෙමංසන්ධියෙන් වමට (කන්ද උඩට) තරමක් දුර ගිය පසු ඔබගේ රථය ගාල් කර පාගමිනින් කන්ද තරණය කළ යුතුය. මහනුවර දෙසින් ගමන් ගන්නේ නම් මාවනැල්ල නගරය පසු වී කි.මි.2ක් පමණ කොළඹ දෙසට ධාවනය කළැ යුතුය. මාවනැල්ල පසු කර එන ඔබට උතුවන පාර උතුවන්කන්ද මංසන්ධිය පසුකරනවාත් සමඟම සොයා ගත හැකිය ඇත.
Courtesy of Google Maps

අවට ආකර්ෂණයන්

උතුවන්කන්දේ සිට කොළඹ දෙසට වන්නට පිහිටි පින්නවල අලි අනාථාගාරය මෙන්ම මහනුවර අශ්‍රිතව පිහිටා ඇති ශ්‍රී දළදා මාළිගය, පේරාදෙණිය මල්වත්ත, උඩවත්ත කැලයද කාගේත් අවධානයට පාත්‍ර විය යුතුය. මීට අමතරව පිළිමතලාවේදී A1 මාර්ගයෙන් නික්ම ළඟා විය හැකි ලංකාතිලක සහ ගඩලාදෙණි විහාරත්, ඇම්බැක්ක දේවාලය සහ අම්බලමත් ගම්පොල සහ මහනුවර යුගයේ ප්‍රෞඩත්වය මැනැවින් විදහා පානු ලබයි.
කඳු මුදුනේ සිට පෙනෙන අවට සුන්දරත්වය | The panoramic view from the top of Saradiel Rock

පහසුකම්

සරදියෙල් ගල පාමුල "සරදියෙල් විලේජ්" නමින් නිවාඩු නිකේතනයක් පවත්වා ගෙන යනු ලබන අතර එය "සූර සරදියෙල්" තේමාව යටතේ ක්‍රියාත්මක වීම සුවිශේෂීත්වයකි. ග්‍රාමීය ආහාරපාන සපයන මෙම නිකේතනයේ නවාතැන් පහසුකම් මෙන්ම දෛනික සංචාර සඳහා පහසුකම්ද සපයනු ලැබේ.
මග දෙපස... | On the way...
On your journey from Colombo to Kandy along the A1 highway, a peculiar mountain can be seen towards your left hand side in between the townships of Kegalle and Mawanella. However, the fact that this is the hideout of Soora Saradiel, the man notoriously referred to as the "Robin Hood of Ceylon" is known to few.

Soora Saradiel was a famous highwayman who was a menace to the British colonials in mid 19th century. Saradiel earned a reputation of robbing from the British elites and their henchmen as well as robbing the postal carriages. Since he distributed the loot among the peasants of the region he came to be known as the "Robin Hood of Ceylon".

Perched at the threshold of Sri Lanka's hill country, ascending this mountain can be a tricky task. The foot of the mountain hosts a rubber plantation. However, as you move up the cliff, you'll gradually walk into a jungle. The peak of the mountain has an open area, towards a side of this open area lies a steep and towering apex. It's recorded that the caves which Saradiel and his clan of bandits used as hideouts are scattered across the mountain.
වෙල් යාය මැදින් පෙනෙන සරදියෙල් ගලේ චමත්කාරය | The majestic Saradiel Rock through the paddy fields
The Saradiel Rock can be ascended in about 1 hour. The peak of the rock offers an enchanting vantage point of the surrounding environs covering the Mawanella town and the villages surrounding it. The cold breeze at the top of the mountain is bound refresh you after the tiresome climb. However, do keep in mind that you might have to endure a few leech bites during your hike.

How to get there

Uthuwankanda is easily accessible due to its close proximity to the A1 highway connecting Colombo to Kandy. When travelling from Colombo, one must pass Kegalle and Molagoda before you find a narrow road towards your left named the "Uthuwana Road". Travel approximately 1km on that road until you reach a fork, where you should take the road to your left (up a hill). Here you'll have to park your vehicles and commence your hike on foot.  When travelling from Kandy, one must pass the Mawanella town and travel approximately 2km. Just after passing the Uthuwankanda junction, you may find the Uthuwana Road to your right.
කඳු මුදුනට... | To the peak...

Nearby attractions

A bit towards the Colombo side from Uthuwankanda is the Pinnawala Elephant Orphanage. The Temple of Tooth, Peradeniya Botanical Gardens and the Udawatthe jungle are worthy attractions in and around the city of Kandy. Additionally, the temples Lankathilaka, Gadaladeniya and the ruins at Embekka bear testament to the splendor of the Gampola and Mahanuwara eras. These three attractions can be accessed by turning out of the A1 at Pilimathalawa.
ගල මුදුනත | The top of the rock

 Facilities

A holiday resort named "Saradiel Village" is being run at the foot of Saradiel Rock. The resort runs under the theme of the renowned bandit "Soora Saradiel" and serves up rural dishes and provides day-outing facilities alongside accommodation.