Thursday, September 26, 2013

මාළිගාවිල, Maligawila

ඉපැරණි ශ්‍රී ලාංකේය ගල්වඩුවන්ගේ මාහැඟි කුසලතාවයන් නිරූපණය කරන නිර්මාණ රටපුරා විහිද පවතී. මෙසේ කී විට බොහෝ දෙනාගේ අවධානය අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක කෙරේ නිතැතින්ම යොමු වනු නොඅනුමානය. එතරම්ම ලෝ ප්‍රකට නැතත් මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මාළිගාවිල පුදබිමද දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානයට පාත්‍ර විය යුතු අද්විතීය නිර්මාණ සමූහයකි.

ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කයක, අතිශය ග්‍රාමීය ප්‍රදේශයක පිහිටා තිබෙන මාළිගාවිල පුදබිම සැබැවින්ම හෙළ කලාශිල්පියාට ඕළාරික ගල් කුළු සියුමැලි, ශ්‍රද්ධාභරිත නිර්මාණ බවට පත් කිරීමෙහිලා තුබූ අනබිභවනීය හැකියාව මැනැවින් විදහා දක්වයි.
දඹේගොඩ බෝසත් පිළිමය | Dambegoda Bodisatva Statue

වැදගත්කම සහ ඓතිහාසික පසුබිම

මාළිගාවිල පුදබිමේ ඓතිහාසික වටිනාකමින් යුත් නටඹුන් රාශියක් පැතිර පැවතුනද, එහි ආකර්ෂණය කේන්ද්‍රගතවී ඇත්තේ දඹේගොඩ බෝසත් පිළිමය හා හිටි බුදු පිළිමය මුල්කරගෙනය.

මහාවංශයට අනුව රෝහණයේ පළමුවන දප්පුල රජු විසින් ක්‍රි.ව. 7වන සියවසේදී මෙම මෛත්‍රී බෝසත් පිළිමය කරවනු ලදැයි විශ්වාස කෙරේ. ලාංකාවේ විශාලතම අවලෝකීතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව වන මෙයට ප්‍රවේශ විය යුත්තේ අලංකෘත පියගැට පෙළක් ඔස්සේය. එකී පියගැට පෙළ දෙපස පැරණි ගොඩනැගිලි කිහිපයක නටඹුන්ද දැකිය හැකිය.

හිටි පිළිම වහන්සේ | Standing Statue
නෙළුම් ආසනයක් මත වැඩ සිටින අඩි 34ක් උසැති ශෛලමය බුදු පිළිම වහන්සේ ලංකාවේ තනි ගල් කුට්ටියකින් නෙලන ලද විශාලතම ප්‍රතිමාව ලෙස සළකණු ලබයි. අභය මුද්‍රාව නිරූපණය කරන්නාවූ මාළිගාවිල බුදු පිළිම වහන්සේ හෙළ කලාවේ සන්ධීය ප්‍රතිමාවහන්සේ නමක් ලෙස ඉතිහාසඥයින් අර්ථ ගන්වයි. මෙහි තවත් විශේෂත්වයක් නම් ප්‍රතිමාවහන්සේ පිටුපසින් ඇති ගඩොල් ආරුක්කුව හැරුණු කොට ස්වෛරීව වැඩ සිටී. මහාවංශයට අනුව 7වන සියවසේදී අග්‍රබෝධි රජතුමා විසින් කරවන ලද මෙම ප්‍රතිමාව ලොව බාහිර සරණකින් තොරව තනිව වැඩ සිටින විශාලතම බුදු පිළිම වහන්සේ ලෙස හඳුනාගෙන තිබීම ශ්‍රී ලාංකේය අපට ආඩම්බරයට කාරණාවකි.

ප්‍රතිසංස්කරණය

20වන ශතවර්ෂයේ ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් බුත්තල ගම් උදාවට සමගාමීව දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස (එවක අග්‍රාමාත්‍යයා) මැතිතුමා විසින් අඩි 40ක් උසැති ගරා වැටුණු බෝධිසත්ව ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර සමස්ථ විහාර සංකීර්ණයම නගා සිටුවනු ලැබිණි.
මාළිගාවිල පුදබිමේ නටඹුන් | Ruins in Maligawila

පිවිසෙන හැටි

කොළඹ සිට පැමිණෙන විට A4 මාර්ගයේ වැල්ලවාය හරහා බුත්තල පිවිසෙන්න. බුත්තල මංසන්දියේ ඇති ගම් උදාව ඔරලෝසු කණුව අසලින් දකුණට හැරී අඩි සියයක් පමණ ගමන් කළ පසු ත්‍රීරෝද රථ නැවතුම් පළක් සමඟම වම් අතට ඇති පාරට හරවන්න. එම මාර්ගය ඔස්සේ කි.මි. 18ක් පමණ ගිය කළ ඔබට මාළිගාවිල පුදබිමට ළඟා විය හැකි අතර ප්‍රවේශ මාර්ගයේ කඩින් කඩ සවි කර ඇති බෝඩ් ලෑලි ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් නොඅනුමානය.
Courtesy of Google Maps


අවට ආකර්ෂණයන්

ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් නොදන්නා වටින බෞද්ධ සිද්ධස්ථාන රාශියක් මොණරාගල දිස්ත්‍රික්කය පුරා පැතිර පවතී. ඒ අතුරින් බුත්තලින් මාළිගාවිලට දිවෙන් ප්‍රධාන මාර්ගය අසබඩ පිහිටා ඇති දෙමටමල් විහාරය වැදගත් වෙයි.

ඊට අමතරව වැල්ලවාය - ලුණුගම්වෙහෙර මාර්ගයෙන් (A2) පිවිසිය හැකි බුදුරුවගල විහාර සංකීර්ණයත්, බුත්තල - කොස්ලන්ද මාර්ගය ඔස්සේ ළඟා විය හැකි යුදගනාව චෛත්‍යයත් වැදගත් තැනක් ගනු ලබයි.

බුත්තල වටා විසිර පවතින කෝන්කෙටියේ බුදුගල්ගේ හා කොටියාගල ලෙන් විහාරය අපේ ඉපැරණි කලා ප්‍රතිභාව මැනැවින් විදහා දක්වයි.

පහසුකම්

මාළිගාවිලට නුදුරින්ම ඇති ප්‍රධාන නගර වන්නේ බුත්තලත් ඔක්කම්පිටියත් බැවින් ඔබේ අවශ්‍යතා එකී නගර ආශ්‍රිතව සිදු කර ගැනීම නුවණට හුරුය. ප්‍රදේශයේ ජනප්‍රිය නවාතැන් පොළවල් සොයාගැනීම අභියෝගයක් වුවත් බුත්තල අවට ඔබේ පසුම්බියට ගැලැපෙන නවාතැන්පලවල් සොයා ගත හැකිය. මාළිගාවිලත්, බුදුරුවගලත් අවම පහසුකම් සහිත විශ්‍රාම ශාලා ලබා ගැනීමේ පහසුකම ඔබට ඇත.


Sri Lanka is blessed with a vast array of monuments attesting the brilliance of ancient rock statue artists. However, it should be noted that such artistry is not limited to the Anuradhapura and Polonnaruwa Districts. Although it isn't as famous as many other statues residing in Rajarata, the Maligawila statues are masterpieces well worthy of local and international focus.

Maligawila is also a testament to the incomprehensible talent of the ancient rock carver in transforming a rough and heartless monolith into a fascinating masterpiece that embodies calm and peace of Buddhism very subtly.
බුදු පිළිමයේ අසිරිය | The serene Buddha statue

Importance and Historic Background

In spite of the fact that Maligawila Ruins are filled with many historic monuments the focal points are the Dambegoda Bodhisatva Statue and the Standing Statue of Lord Buddha.

According to the ancient Sri Lankan chronicle Mahavamsa, the Dambegoda Bodhisatva Statue was built by King Dappula I of Rohana region. This is considered to be the largest Avalokitheshwara Bodhisatva statue in Sri Lanka and is perched on top of a small cliff that can be accessed through a scenic stairwell. Ruins of its former glory are visible on both sides of the stairwell.

බුදු පිළිමයට වාරු දෙන ඉපැරණි ගඩොල් ආරුක්කුව | The ancient brick arch that supports the monolithic wonder
Mounted on a carved lotus pedestal, this statue is the largest monolithic statue of Lord Buddha in Sri Lanka. The 34 foot statue resembles the "abhaya mudra" and is considered by scholars to be one of the most important masterpieces among the Sri Lankan statues. Except for the brick arch at the back the statue is freestanding, making it the world's largest freestanding Buddha statue. A matter of pride for out motherland. King Agrabodhi is credited with the erection of the Maligawila Buddhist statue, and it's believed to have been completed in 7th century A.D.

Renovation

Former President (then Prime Minister) Ranasinghe Premadasa initated the resurrection project of the 40 foot tall Dambegoda Bodhisatva statue in conjucture to a stage focusing on Buttala in his signature "Gam Udawa" project. This was considered to be one of the most remarkable Buddhist monument ressurection projects of the 20th century. In addition to this massive endeavor, President Premadasa uplifted the standard of the entire complex.
යළි ප්‍රතිසංස්කරණය වන බෝසත් පිළිමය | The Bodhisatva statue being re-renovated

How to get there

Coming from Colombo along the A4 Highway, you will find the town of Buttala after passing Wellawaya. Take a right from the Buttala junction which also hosts a "Gam Udawa" clock tower. Just as you turn (after about 100 feet) there will be a road towards your left hand side adjacent to a three wheeler park. Take that left and travel along it into the deep heartlands of Moneragala district. You'll have to travel about 18km along this road and sign boards put up intermittently will assist you in finding the way.

Other attractions

The Moneragala district is filled with many buddhist monuments which aren't very well known to the Sri Lankan public. Among them, Dematamal Viharaya, which resides on the road connecting Buttala and Maligawila is of special significance. 

In addition the Buduruwagala complex which can be accessed through the Wellawaya - Lunugamwehera road (A2) and the Yudaganawa Dagoba which can be reached through the Buttala - Koslanda road are places for your itinerary.

Konketiye Budugalge and the Kotiyagala Cave Temple are two other sights located around Buttala which attests the wonderous skills of the ancient Sri Lankan artist.
තවත් දිනයක නිමාව.. | Another day winds up..

Facilities

The closest townships to Maligawila are Buttala and Okkampitiya. Hence it is advised for you to run your errands at these towns before you proceed to Maligawila. The region lacks reputed hotels and rest houses. However, Buttala would yield several options that would meet your budget. Vishrama shala are available at Maligawila and Buduruwagala with meager facilities.