Thursday, October 31, 2013

යාපහුව, Yapahuwa

Scroll down to read in English.

"අ, පො, ද, යා, කු, ග, කෝ, ම" - කුඩා අවධියේ ඔබ අප කවුරුත් හෙළ වංශකතාවේ එන රාජධානී මතකයේ තබා ගත්තේ ඒ අයුරිනි. ඉහත කී අක්ෂර 8න් සිව්වැන්න වන "යා" අක්ෂරයෙන් සනිටුහන් වෙනුයේ යාපහුව රාජධානියයි. වයඹ, වියළි කලාපයේ පිහිටා ඇති යාපහුව රාජධානිය විශාල ගල් පර්වතයක් කේන්ද්‍ර කරගෙන පැතිර ඇත. එදා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් රටත්, දළදා වහන්සේත් ආරක්ෂා කරගැනීමේ තිර අදිටනින් මෙකී බලකොටු රාජධානිය බිහිවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙම රාජධානියේ විශේෂත්වයක් වන්නේ එහි රාජ්‍යය කර ඇත්තේ එක් රජතුමකු වීමයි. ඒ පළමුවන බුවනෙකබාහු රජතුමාය.
විශිෂ්ට ගල් කැටයම් | The wonderful rock carvings

ලාංකේය වංශකතාවේ වැදගත් තැනක් ගන්නා යාපහුව රාජධානිය තුල පැරණි ප්‍රාකාර, විහාර, දාගැබ් හා රාජකීය ගොඩනැගිලිවල නටඹුන් දැකගත හැකිය. නමුත්, ඒ අතුරින් යාපහුව වඩාත් අවධානයට පාත්‍රව ඇත්තේ යාපහුව දළදා මළුවට පිවිසෙන ශෛලමය, අසීරු ආනතියකට නෙළා ඇති පියගැට පෙළත්, පියගැට පෙළේ මුදුනතේ ඇති අසිරිමත් ගල් කැටයම් සමූහයත් නිසාය.
ගිරි හිස මුදුනට | To the top of the rock

වැදගත්කම සහ ඓතිහාසික පසුබිම

සිව්වන විජයබාහු රජතුමාගේ ඇවෑමෙන් දඹදෙණිය රාජධානිය බිඳවැටීමත් සමඟම දළදා වහන්සේ පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා යාපහුවට වැඩම වන්නේය. ඒ විජයබාහු රජතුමාගේ සහෝදරයා වූ බුවනෙකබාහු කුමරා ක්‍රි.ව.1271දී රාජත්වයට පත්වීමට නිමිති වන්නේය. දළදා වහන්සේ ආරක්ෂා කරගැනීම උදෙසා යාපහුව ගිරිශිඛරය කේන්ද්‍ර කරගනිමින් බලනගරයක් ගොඩනගන බුවනෙකබාහු, යාපහු ගලේ මැදි උසින් දළදා මාළිගාවක්ද කරවයි. මෙම මාළිගාව අද ගරා වැටී ඇතැත්, එයට පිවිසීමට ඉදි කරනු ලැබූ පියැගැටපෙල ආශ්‍රිතව මනරම් ගල් කැටයම් අදටත් දැකිය හැකිය. මෙම කැටයම් හෙළ කලාකරුවාගේ ශ්‍රේෂ්ඨත්වය මැනැවින් පිළිඹිබු කරයි. එකී කැටයම් අතුරින් පියගැටපෙල දෙපස තේජාන්විතව හිඳින සිංහ රූප දෙක ප්‍රමුඛස්තානයක් ගනු ලබයි. ලාංකේය ශෛල කලාවේ විශිෂ්ටතම නිර්මාණයක් ලා සැලකෙන මෙම සිංහ රූපය දෙස් විදෙස් සුපතලය. ශ්‍රී ලංකාවේ අවසාන වශයෙන් මුද්‍රණය කෙරුණු රුපියල් 10 මුදල් නෝට්ටුවටද මෙම මාහැඟි නිර්මාණය පාදක කරගෙන තිබීම සුවිශේෂීත්වයකි. තවද පියගැටපෙලේ පියගැට ඉතා පටු ලෙස සකසා ඇති අයුරු ඔබට නිරීක්ෂණය වනු ඇත. ඒ දළදා වහන්සේ විදේශ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කරගැනීමටය.
ලෝ සුපතල යාපහුව සිංහයා | The world famous Yapahuwa lion

යාපහුව බලනගරයට ආරක්ෂාව සැපයීම උදෙසා දිය අගල් දෙකක් මෙන්ම කොටු පවුරක්ද යොදා ගත් බව එහි යන ඔබට අදටත් දැකගත හැකිය. ඊට අමතරව යාපහුවේ දළදා මළුව පසු කරමින් මෑතදී ඉදිකරනු ලැබූ පියගැටපෙල ඔස්සේ යාපහු ගල මුදුනට ළඟා වන්නට හැකිය. අවට සිරිය මැනැවින් පෙනෙන යාපහු ගල මුදුනෙහි දාගැබ් දෙකක සහ පොකුණක ශේෂයන් දැකගත හැකිය. මෙයට අමතරව ගල මුදුනතට මත්තෙන් තරමක ගල්ලෙනක්ද දැකිය හැකිය.

ගල පාමුල ලෙන්විහාර සංකීරණයක් පිහිටා ඇති අතර ඒ තුල මහනුවර යුගයට අයත් බිතුසිතුවම් දැකිය හැකිය. මීට අම්තරව රජ මාළිගයේත්, ඇමැති නිලනිවස්නවලත් පාදම් අදටත් ඉතිරිව තිබේ. බුවනෙකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපයේ නටඹුන්ද සුප්‍රකට යාපහුව පියගැටපෙල පාමුල දැකිය හැකිය. සියවස් ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන මෙම පුණ්‍යභූමියෙහි වළගම්බා රජතුමා සැඟව සිටි බවටද ජනප්‍රවාදයක් ගොඩනැගී ඇත. තවද "සුභ සහ යස" කතා පුවතද යාපහුව කේන්ද්‍රගතව සිදූ වූ බවට ජනප්‍රවාදයක් ගොඩ නැගී ඇත. අවාසනාවකට මෙන් මෑතකදී යාපහුව කෙරේ නිධන් සොරුන්ගේ කරුමක්කාර බැල්ම යොමුවී තිබීම කණගාටුවට කරුණකි.
ගල් වඩුවාගේ මනරම් නිමැවුම් | Breathtaking work courtesy of the rock carver

වසර 12ක් රට පාලනය කළ පළමුවන බුවනෙකබාහු රජතුමා පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන් හමුවේ පරාජයට පත් වීමත් සමඟ යාපහුව නගරයද විනාශ මුඛයට පත්වන්නේය. දළදා වහන්සේගේ භාරකාරත්වය පණ්ඩ්‍යයන් ලබා ගන්නා අතර ඒ ඇවෑමෙන් 19 වසරක ආරාජක කාල පරිච්ඡේදයක් සිරිලක බිහිවන අතර, නැවතත් සිංහල රජකු ලෙස අභිෂෙක ලබන තෙවන පරාක්‍රමබාහු සිය අගනගරය ලෙස තෝරා ගනු ලබන්නේ පොළොන්නරුවයි. මෙකී කාල සීමාව තුල යාපහුව ජනාවාස අතැර දමන අතර එය සංඝයා වහන්සේලාට සෙවන දෙන පුණ්‍යභූමියක් බවට පරිවර්තනය වන්නේය.
යාපහුව පන්සල | Yapahuwa temple

පිවිසුම් මාර්ගය

කුරුණෑගල සිට පුත්තලම පාරේ අවුත්, පාදෙණියෙන් දකුණට හැරී අනුරාධපුරයට දිවෙන A57 මාර්ගයේ දළදාගම දක්වා පැමිණෙන්න. එතැනින් දකුණට හැරී මහව නගරය පසු කර කිලෝමීටර කිහිපයක් ගිය තැන යාපහුව හන්දිය හමුවේ. එතැනින් දකුණට ඇති මාර්ගයේ (මංපුවරු සවිකර ඇත) මද දුරක් ගමන් කළ පසු යාපහුව නටඹුන්වලට ළඟා විය හැකිය.

දුම්රියේ පැමිණෙන්නේ නම් මන්දගාමී දුම්රියකින් යාපහුව දුම්රියපලට ළඟා වී එතැනින් ත්‍රීරෝද රථයක හෝ පා ගමනින් යාපහුවට ළඟා විය හැකිය. බොහෝ දුම්රිය යාපහුව දුම්රියපලේ නොනවත්වන බැවින් මහව හන්දියෙන් බැස ත්‍රීරෝද රියකින් හෝ බසයේ යාපහුවට ළඟා විය හැකිය.
Courtesy of Google Maps

අවට ආකර්ෂණයන්

කෙටි රාජධානියක් වූ යාපහුව ඉතා ඉක්මනින් ඇතැර දැමීම හේතුවෙන් ඒ අවට පුරාවිද්‍යා වටිනාකමින් ප්‍රමුඛ වූ සිද්ධස්ථාන ස්ථාපනය වී ඇත්තේ අල්ප වශයෙනි. කෙසේ වෙතත් යාපහුවට උතුරින් පිහිටි රැස්වෙහෙර පුදබිමත්, යාපහුවට ඊසාන දෙසින් පිහිටි අවුකන සහ විජිතපුර පුදබිම් යාපහුව සංචරණයේදී ඔබට ගොඩ විය හැකි තැන්ය. පඬුවස්නුවර නටඹුන් සහ හත්තිකුච්චි නටඹුන්ද යාපහුවේ සිට තරමක දුරින් පිහිටා ඇත.
අමාත්‍ය නිල නිවස්නවල නටඹුන් | Ruins of the ministerial residences

පහසුකම්

යාපහුව නගරය යනු කුඩා කඩමණ්ඩියකි. එබැවින් ඔබේ අවශ්‍යතා සපුරා ගත හැකි ආසන්නතම නගරයන් වන්නේ මහව සහ දළදාගමයි. සුපිරි වෙළඳසල් යනාදී පහසුකම් වාරියපොලින් පසුව යාපහුව තෙක් හමු නොවන බවද සිහියේ තබාගන්න.

යාපහුවේ ලංකා-ජර්මානු හවුල් ආයෝජනයක් ලෙස පවත්වාගෙන යනු ලබන යාපහුව පැරඩයිස් සුඛෝපබෝගී හෝටලය යාපහුව පුරාවිද්‍යා පරිශ්‍රය ආසන්නයේම පිහිටා ඇතත් එය මිල අධික බව සිහියේ තබාගන්න. මහවත් යාපහුවත් අතර පිහිටි ශාන්තී හෝටලය සාධරණ මිලකට සේව සැපයුවත් එහි යන දේශීය සංචාරකයන්ට පනවනු ලබන නීති රීති ඇතැම්විට ඔබගේ නොසතුටට හේතු වනු ඇත.
සුප්‍රකට සිංහ හිස | The head of the infamous lion


It's a well known fact that Sri Lanka has had 8 ancient capitals over its history, these are also considered to be the ancient kingdoms of Sri Lanka. Out of these, the fourth one, Yapahuwa, was one of the most short-lived kingdoms. Located in the dry zone of the north-western part of the country, Yapahuwa is built surrounding a sizable rock as a fortress city. The purpose of establishing Yapahuwa as a fortress city was to safeguard the kingdom and the Holy Tooth Relic (Sinhalese people believe that the custodian of this holy relic to be the rightful ruler of the island) from south Indian invaders. Another unique characteristic of this ephemeral capital is that only one king ruled from Yapahuwa, that was King Buwanekabahu I.
දෙස් විදෙස් සුපතල පියැගැටපෙල | The world renowned stairwell

Considered to be a key phase in ancient Sri Lanka, Yapahuwa boasts ruins of fortresses, moats, dagobas, temples as well as royal dwellings. However, Yapahuwa has earned worldwide appraise for it's uniquely steep staircase that leads up to the landing that used to house the Temple of Tooth as well as the masterful rock carvings that adorn the the topmost part of the said staircase.
බුවනෙක්බාහු රජතුමාගේ රාජ සභාවේ නටඹුන් | Ruins of King Buwanekabahu's Court

Importance and Historic Background

With the demise of King Wijayabahu IV, the Holy Tooth Relic is moved from Dambadeniya to Yapahuwa from protection. This leads to King Wijayabahu IV's brother, Prince Buwanekabahu being crowned as King of Sri Lanka in 1271 A.D. King Buwanekabahu I ventures into building a fortress town surrounding the Yapahuwa rock to protect the Holy Tooth Relic. The Temple of Tooth was built on a landing halfway up the Yapahuwa rock. Although the Temple of Tooth is no more, the majestic stairwell leading up to the landing is still in tact. The stone carvings adorning the last flight of stairs attest to the grandeur of the ancient Sinhala artists. Out of these carvings, the two lion figures adorning the two sides of the stairwell are of pristine beauty and are world renowned as a masterpiece. The last printed Rs. 10 note carries the majestic image of the Yapahuwa lion. It should also be noted that the stairs, leading up to the landing which used to house the Temple of Tooth, are very narrow. This had been done intentionally to push back hasty foreign invaders.

ගල මුදුනත නටඹුන් වූ චෛත්‍යයක් | A ruined dagoba at the top of the peak

The Yapahuwa citadel was protected by two moats and one outer wall. You could also reach the top of the Yapahuwa rock by taking the newly made stairs which begin from the landing that used to house the Temple of Tooth. The mountain top has a breathtaking panoramic view of the surroundings and hosts two ruined dagobas and a pond. A mid sized cave can be seen just before you reach the peak of the rock.

The rock base holds a cave temple, which has frescoes dating back to the Mahanuwara era. In addition the ruins of the the foundations of the King's Palace, Ministerial Residences and the King's Court can still be seen before you start ascending the stairs. There's a folk story that the great King Walagamba had been hiding in Yapahuwa during the days he was fleeing from the Chola invaders and gathering troops to take back the country. There's another folklore that suggests the famed "Suba & Yasa" incident occurred in Yapahuwa as well. Sadly, however, Yapahuwa has caught the miserable radar of relic hunters.

ගල මුදුනට.. | Towards the peak..

King Buwanekabahu I, who ruled Sri Lanka for 12 years was defeated by the South Indian Pandyan invaders, leading to the demise of the Yapahuwa Kingdom. The Pandyans become the guardians of the Holy Tooth Relic leading up to a 19 year interregnum period. During this transition period, Yapahuwa gradually becomes a ghost town that houses Buddhist monks and converts into a hermitage/monastery. The next Sinhala King to be ordained, King Parakramabahu III chooses to reign from Polonnaruwa, ending Yapahuwa's heyday in Sri Lankan history.

යාපහුවේ විශ්මිත ගල් කැටයම් - පැති පෙනුම | The amazing stone carvings of Yapahuwa - side view

How to get there

Travel along the Puttalam road from Kurunegala. You'll have to turn right at the Padeniya junction on to the A57 road which winds up to Anuradhapura. Once you reach Daladagama, you're to turn right towards Maho. Drive past Maho towards the tiny town hamlet of Yapahuwa where you have to turn right (signboards are available to guide you) and travel a bit to reach the archaeological site.

In case you're taking the train, you can board a slow train and alight at the small railway station at Yapahuwa and find your way to the archaeological site on foot or by a tuk-tuk. Since most of the train do not stopover at the Yapahuwa station, it's advised to take a train upto Maho and board a bus or tuk-tuk to reach the ruins.

Nearby attractions

As Yapahuwa was an ephemeral capital, only a limited number of key attractions were established in and around Yapahuwa. Sites such as Reswehera, towards the north of Yapahuwa, and Avukana and Vijithapura towards the north-east of Yapahuwa would draw your interest. Ruins located at both Panduwasnuwara and Hatthikuchchi are quite distant from Yapahuwa, although they are well worth the visit.
අවට අසිරිය | The surrounding beauty

Facilities

In actuality Yapahuwa is a small hamlet with a couple of shops. Hence, it is advised to fulfill your requirements from either Maho or Daladagama on your way to Yapahuwa. Also, bear in mind that you would not come across any supermarkets after you pass Wariyapola.

Yapahuwa Paradise Hotel, which is a Sri Lankan/German joint venture provides luxurious accommodation close to the archaeological site. However, this is quite an expensive option. Another alternative would be Hotel Shanthi which is located in between Maho and Yapahuwa, which has fair rates. Yet, there are some restrictions imposed on local tourists at Hotel Shanthi which might not be to your delight.


Monday, October 14, 2013

රැස්වෙහෙර හෙවත් සැස්සේරුව, Reswehera a.k.a. Sesseruwa

Scroll down to read in English

වයඹ, වන්නි හත්පත්තුවේ තරමක් අප්‍රකට, පූජනීය මෙන්ම ඓතිහාසික වටිනාකමින් යුත් සිද්ධාස්ථාන කිහිපයකි. ඒ අතුරින් අනුරාධපුර දිස්ත්‍රික් මායිමට ආසන්නව පිහිටා ඇති රැස්වෙහෙර රාජ මහා විහාරස්ථානය (සැස්සේරුව) කාගේත් අවධානයට පාත්‍ර විය යුතුය. ඒ, රැස්වෙහෙර පුදබිම ආගමික, ඓතිහාසික මෙන්ම කලාත්මක වටිනාකමින් හිණිපෙත්තේ ඇති මාහැඟි දායාදයක් නිසාය.
රැස්වෙහෙර හිටි පිළිමවහන්සේ | Reswehera Standing Statue

වැදගත්කම හා ඓතිහාසික පසුබිම

රැස්වෙහෙර පුදබිම තුලැති ප්‍රධානතම ආකර්ෂණය වනාහී අඩි 42 අඟල් 4ක් උස පිහිටි ගලේ නෙලන ලද ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමාවහන්සේය. මෙම ප්‍රතිමාව මහසෙන් රජ දවස නිමවූ බව පුරාවිද්‍යා විශේෂඥයින්ගේ මතයයි. හෙළ ශෛලමය කැටයම් ශිල්පීන්ගේ කලා කුසලතාව මැනවින් විදහා දක්වන මෙම පිළිමය අතීතයේදී ප්‍රතිමාඝරයක ආරක්ෂාවට පාත්‍ර වූ වගට සක්ෂි අදටත් දැක ගන්නට පිළිවන. මේ ප්‍රතිමාව වටා ගොඩ නැගී ඇති ජනප්‍රවාද කිහිපයකි. ඒ අතුරින් එකකින් කියවෙනුයේ මෙම ප්‍රතිම වහන්සේ ලෝකප්‍රකට අවුකන ප්‍රතිමා නෙලීමට පෙර පුහුණුවීමක් ලෙසයි. තවත් ජනප්‍රවාදයක කියවෙන්නේ රැස්වෙහෙර හිටි පිළිමය අවුකන ප්‍රධාන ගල්වඩුවාගේ ගෝලයකුගේ නිර්මාණයක් බවයි. මේ ජනප්‍රවාදයන්හී සත්‍ය අසත්‍යතාවය තහවුරු වී නොමැති බැව් මෙහි ලා සඳහන් කළ යුතුය.
දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ | Dethispalaruha Bo Tree
රැස්වෙහෙර පුදබිමේ දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ නමක්ද වැඩසිටින අතර, එය බු.ව. 237දී දේවානම්පියතිස්ස රජතුමා විසින් රෝපණය කළ බවට සාක්ෂි ඇත. ඊට අමතරව ක්‍රි.පූ. 104දී වළගම්බා රජතුමා විසින් කරවන ලද මනරම් ලෙන් විහාර දෙකක්ද, වෙනත් ඓතිහාසික නටඹුන් රාශියක්ද මෙම පුදබිම පුරා විසිරී පැතිරී ඇත. අවසාන සිංහල රජතුමා ලෙස සැලකෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස මෙම විහාර සංකීර්ණය ප්‍රතිසංස්කරණය කළ බවට සාක්ෂි හමුවන අතර දැනට දැකගන්නට ඇති අතිශය ශ්‍රද්ධා සම්පන්න මෙන්ම කලාත්මක බිතු සිතුවම්ද මහනුවර යුගයේ ආභාශය මැනැවින් විදහා දක්වයි. එක් ලෙන් විහාරයක මීටර 11.07ක් දිග සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටින අතර එම විහාරය කලකට පෙර විශාල නාග රාජයකු ආරක්ෂා කළ බව විහාර භාරකරු පවසයි. ලෙන් විහාර දෙකෙහිම ඉතා උසස් ඝණයේ බිතුසිතුවම් දැකගන්නට හැකි නුමුත් අවාසනාවට මෙන් මේවා කාලයාගේ ඇවෑමෙන් ඛාදනය වෙමින් යන ස්වරූපයක් දැක ගන්නට ලැබේ.
ලෙන්විහාර පියැස්සේ ඇති බිතුසිතුවමක් | A fresco within the cave house roof
ශේෂ කඳුවැටියක් ආශ්‍රිතව පිහිටා ඇති විහාරස්ථාන භූමිය පුරාවටම නටඹුන් රැසක් පැතිර පවතින අතර අතීත රජ දවස මෙහි මහරහතුන් වහන්සේලා වැඩසිටි බව පොදු විශ්වාසයයි. කඳුපාමුල පිහිටි කුඩා වැවත්, රැස්වෙහෙර ගම්මුන්ගේ අවිහිංසක, නිකැළැල් ග්‍රාමියත්වයත් රැස්වෙහෙර පුදබිමේ සුන්දරත්වය වඩාත් ඔප්නංවයි.

රූස්ස වන මැද, වන අලි තර්ජන සහ නිධන් හොරු උවදුරු මැද මේ විහාරස්ථානය ගමටම එළියක් ලබා දෙමින් පවත්වාගෙන යන විහාරාධිකාරී ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ කණ්ඩායමට ජාතියේ ප්‍රණාමය නොමඳව හිමි විය යුතු අතරම මෙවන් ඓතිහාසික සිද්ධස්ථාන සුරැකීමේ කර්තව්‍යයට නිසි බලධාරීන් මෙන්ම ඔබ අප සැවොම හැකි පමණින් උරදිය යුතු නොවන්නේද?

පිවිසුම මාර්ගය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතිදුෂ්කරම ප්‍රදේශයක පිහිටා ඇති රැස්වෙහෙරට පැමිණීම අතිශයින්ම වෙහෙසකරය. පාදෙණිය හා අනුරාධපුරය යා කෙරෙන A57 මාර්ගයේ පිහිටි ගල්ගමුව නගරයේ සිට දකුණට දිවෙන සාලියගම මාර්ගයේ කි.මි. 12ක් පමණ පැමිණ, එතැනින් ඊසාන දෙසට කත්නොරුව හන්දිය පසුකරමින් කි.මි. 13ක් ගිය තැන මෙම පුදබිම හමුවේ. ඔබ යාපහුවේ සිට පැමිණෙන්නේ නම් මඩගල්ලට අවුත් මොරගොල්ලාගම මාර්ගය ඔස්සේ පැමිණ වමට හරවා ඇහැටුවැව හරහා රැස්වෙහෙරට ළඟා විය හැකිය. යමෙකුට අවුකන සිට ගල්නෑව හරහාද රැස්වෙහෙරට ළඟා විය හැකිය. ප්‍රධාන මාර්ගවලින් නිමග්න වූ පසු මාර්ගය දුෂ්කරය, එහෙත් මග දිගට මග සලකුණු සිටුවා තිබීම ගමනට ගෙන දෙන්නේ මහත් අස්වැසිල්ලකි.
Courtesy of Google Maps

අවට ආකර්ෂණයන්

ලාංකේය ශ්‍රී විභූතියේ හදබිම වූ රජරට වටිනා සිද්ධස්ථාන රැසක් මැදි කරගෙන රැස්වෙහෙර පුදබිම පිහිටා ඇත. ඒ අතුරින් රැස්වෙහෙරට වයඹින් පිහිටි හත්තිකුච්චි විහාර සංකීර්ණය, රැස්වෙහෙරට නැගෙනහිරින් පිහිටි අවුකන සහ විජිතපුර පුදබිම් මෙන්ම රැස්වෙහෙරට දකුණු දිගින් පිහිටි යාපහුව රාජධානිය වැදගත් තැනක් ගනී. ඊට අමතරව තවත් අප්‍රකට එහෙත් වටිනා සිදධස්ථානයක් ලෙස ගල්ගමුව - සාලියගම පාරෙන්ම හැරී යා යුතු නිල්ලක්කම බෝධිඝරය හඳුන්වා දිය හැකිය. ලංකාවේ බෝධිඝර අතුරින් උසස්ම තත්ත්වයෙන් පවතින බෝධිඝරය මෙය බව විශේෂඥ විශ්වාසයයි.

පහසුකම්

රැස්වෙහෙර පුදබිම පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතිදුෂ්කරම ප්‍රදේශයකය. එම නිසා ඔබගේ අවශ්‍යතාවයන් ගල්ගමුව, අඹන්පොල, මොරගොල්ලගම, මහව වනි ප්‍රධාන නගර වලින් සපුරා ගෙන යෑම වැදගත්ය. රැස්වෙහෙරට යන මහ දෙපස පුංචි කඩයක් හමුවන්නේත් කලාතුරකිනි. එහෙත් පුදබිමේ වෙළඳාමේ නිරත ගැමියන් අතර ඉත ඉමිහිරි මාදං, දිවුල් මෙන්ම රටකජුද ඇත. එහිදී හකුරු සමඟ බෙලිමල් උගුරක රහ බලන්නට අමතක නොකරන්න.

නවාතැන් පහසුකම් අවශ්‍ය නම් මහව, යාපහුව හෝ ගල්ගමුව ආශ්‍රිතව හෝටල් කිහිපයක් ඇත. රැස්වෙහෙර පුදබිමේ අවම පහසුකම් සහිත විශ්‍රාම ශාලවක්ද ඇත.
අටවිසිබුදුන් දක්වන බිතුසිතුවමක් | A fresco depicting the 28 venerated Buddhas

The Wanni Hathpatthu region in the North Western Province holds some of Sri Lanka's lesser known, yet historically important sacred sites. Among these, Reswehera Ancient Royal Temple (Sesseruwa), which is located close to the district boundary with Anuradhapura deserves more prominence due to the historical and artistic value of this site.
රැස්වෙහෙර හිටි පිළිමවහන්සේ | Reswehera Standing Statue

Importance and Historic Background

The main attraction at Reswehera is the 42 feet and 3 inch tall standing Buddha statue which is carved out of the standing rock. Archaeologists believe that this statue was commissioned during the reign of King Mahasen. The statue is an epitome of the timeless skills of Sri Lankan rock artists. In it's heyday the statue was protected by a statue house and evidence of that can still be seen.  Several folklore has arisen surrounding the statue. Among them, there's a rumor that the statue was the product of a rehearsal to the more renowned Avukana Buddha statue. There's another belief that Reswehera was the workings of an apprentice of the the chief architect of the Avukana statue as well. However, it should be noted that neither of these folktales have been proven as of yet.

This sacred facility hosts a "Dethispalaruha Bo Tree" (one of the first 32 saplings of Jayasrimahabodhi) which was planted at this venue by King Devanampiyatissa in 237 Buddhist Year. In addition to that, King Walagamba had added a couple of iconic cave temples alongside some other constructions in the year 104 B.C. at this venerated location. Historic evidence point out that the temple complex was renovated during the reign of the last Sinhalese King, Sri Weera Parakrama Narendrasinha. The current frescoes visible inside the two cave temples indicates influence from the Mahanuwara (Kandy) era and generates veneration alongside their priceless artistry. One of these cave temples hosts a sleeping statue 11.07m in length, the temple guard informed us that this statue house was guarded by a large cobra sometime back. Both cave statue houses are blessed with breathtaking frescoes, unfortunately these show signs of decay.
සැතපෙන බුදු පිළිමවහන්සේ | The Sleeping Buddha Statue
The temple complex is built on the side of a residual mountain, using it as a base. The vicinity is scattered with many ruins and its common belief that "Arahath" theros roamed in these woods centuries back. The small lake located at the foot of the mountain and the genuine rural aura of the village folk further augments the beauty of Reswehera.

Respect is due to the chief prelate and the team that keeps Reswehera in tact in spite of threats from wild elephant and relic hunters amid a massive forest. The authorities as well as you and I, all have a role to play in ensuring the sustenance of such national treasures.
සැතපෙන පිළිමය වැඩහිටින ලෙන්විහාරය | The cave temple that houses the sleeping Buddha statue

How to get there

The drive up to Reswehera is quite taxing. From Galgamuwa, which is located along the A57 road in between Padeniya and Anuradhapura, take a right turn towards Saliyagama and travel 12km from where you should travel in a North Easterly direction for 13km passing Kathnoruwa junction to reach Reswehera. If you are coming via Yapahuwa, you are advised to reach Madagalla and drive towards Moragollagama. Take a left turn and reach Ehetuwewa. One can also reach Reswehera from Avukana through Galnewa. Once you are out of the main roads, the road conditions become quite treacherous, however the direction sign posts scattered along the road provides great assistance in finding Reswehera.

Nearby attractions

The Rajarata region is considered to be the cradle of Sri Lankan civilization and glory. Reswehera is situated amid a number of sites of great archaeological value in Rajarata. Among them, Hatthikuchchi, towards the north west of Reswehera, Avukana and Vijithapura temples towards the east of Reswehera and the Yapahuwa Kingdom situated towards the south of Reswehera come into prominence. In addition, the Nillakkama Bodhigaraya (an erection that safeguards the sacred Bo tree) is located nearby, a small distance off from the Galgamuwa - Saliyagama road. This Bodhigaraya is considered to be one of the most pristine in existence today.
ලෙන්විහාරයක් ඇතුලත | Inside a cave temple

Facilities

Reswehera is situated in one of the poorest areas of the Kurunegala District and thus it's advised for you to fulfill your requirements from a key city such as Galgamuwa, Ambanpola, Maho or Moragollagama along the way. The reason being that the likelihood of you finding even a small retail shop along the drive to Reswehera being remote. However, you will find the villagers at Reswehera selling various types of village agro products such as maadhan, woodapple and peanuts.While partaking in these, you are also advised to taste the Belimal drink with jaggery to quench your thirst.

If you require accommodation, you'd be able find them in Maho, Yapahuwa and Galgamuwa. There's a small Vishrama Shala in Reswehera with the basic facilities as well.