Tuesday, December 31, 2013

උතුවන්කන්ද (සරදියෙල් ගල), Uthuwankanda (Saradiel Rock)

Scroll down to read in English.

කොළඹ සිට මහනුවර දක්වා නුවර පාරේ ගමන් ගන්නා ඔබට කෑගල්ල නගරයත් මාවනැල්ල නගරයත් අතරතුරදී ඔබේ වම්පසින් සුවිශේෂී හැඩයකින් යුතු ගිරිකුලක් නෙත ගැටී ඇති වාර ගණන අපමණය. එහෙත් ඉහත කී ගල "ලංකාවේ රොබින් හුඩ්" නමින් ප්‍රචලිත උතුවන්කන්දේ සූර සරදියෙල්ගේ තිප්පොල බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි.
සරදියෙල් ගලේ සමීප දසුනක් | A close-up of the Saradiel Rock
සූර සරදියෙල් යනු 19වන සියවස මැද භාගයේදී සුදු ආක්‍රමණිකයන්ට මහත් හිසරදයක් වූ මංකොල්ලකරුවෙකි. විශේෂයෙන්ම ඉංග්‍රීසි ප්‍රභූන්ගෙන් සහ තැපැල් කරත්තයෙන් සොරකම් කළ සරදියෙල් ඇතුළු ඔහුගේ කණ්ඩායම, ඔවුන් කොල්ලකෑ දෑ ගම්මුන් අතර බෙදා දුන්හ. මේ නිසාම සූර සරදියෙල් "ලංකාවේ රොබින් හුඩ්" නමින් විරුධාවලි ලැබීය.

කන්ද උඩරටට පිවිසෙන නිමේෂයෙහි පිහිටා ඇති මෙම මනරම් පර්වතය තරණය තරමක් වෙහෙසකරය. සරදියෙල් ගලේ මුල් භාගයේ රබර් වගා කර ඇතත් ඉහළට  ගමන් ගන්නා ඔබ පිවිසෙනුයේ කැලෑ ප්‍රදේශයකය. ගල මුදුනත එළිමහන් ගල් තලාවක් වන අතර එහි කොණෙක කොතක් වන් වූ උස් ශීර්ෂයකි. මෙම පර්වතය පුරා සරදියෙල් ඇතුළු සඟයින් සැඟව සිටි ගුහා පැතිර පවතින බව වාර්තා වේ.

පැයක පමණ කාලයක් තුල නැගිය හැකි සරදියෙල් ගලේ මුදුනේ සිට අවට සුන්දරත්වය මනාව රසවිඳිය හැකිය. මාවනැල්ල නගරයත් අවට ග්‍රාමීය පරිසරයත් ඔබේ දෙනයන පිනවන අතර අවටින් හමා එන සිහිල් සුළං දහර ඔබේ ගමන් විඩාව නිවනු නොඅනුමානය. සරදියෙල් ගලට යනෙන මගදී ඔබට කූඩැල්ලන්ගෙන් කරදර විඳීමට සිදුවනු ඇති බව සිත තබාගන්න.
ගලේ පාමුල සිට අවට අසිරිය | The surrounding panorama from the foot of the hill

පිවිසුම් මාර්ගය

A1 කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති උතුවන්කන්දට ලඟා වීම පහසුය. කොළඹ ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ගමන් කරන විටදී කෑගල්ල නගරයත් මොලගොඩ ප්‍රදේශයත් ඔබ පසු කර යා යුතුය. එසේ ගිය පසුව ඔබගේ වම් අතපසට 'උතුවන පාර' නමින් පාරක් හමුවන අතර එකී පටු මාර්ගය ඔස්සේ කි.මි.1ක් පමණ ගිය පසු හමුවන දෙමංසන්ධියෙන් වමට (කන්ද උඩට) තරමක් දුර ගිය පසු ඔබගේ රථය ගාල් කර පාගමිනින් කන්ද තරණය කළ යුතුය. මහනුවර දෙසින් ගමන් ගන්නේ නම් මාවනැල්ල නගරය පසු වී කි.මි.2ක් පමණ කොළඹ දෙසට ධාවනය කළැ යුතුය. මාවනැල්ල පසු කර එන ඔබට උතුවන පාර උතුවන්කන්ද මංසන්ධිය පසුකරනවාත් සමඟම සොයා ගත හැකිය ඇත.
Courtesy of Google Maps

අවට ආකර්ෂණයන්

උතුවන්කන්දේ සිට කොළඹ දෙසට වන්නට පිහිටි පින්නවල අලි අනාථාගාරය මෙන්ම මහනුවර අශ්‍රිතව පිහිටා ඇති ශ්‍රී දළදා මාළිගය, පේරාදෙණිය මල්වත්ත, උඩවත්ත කැලයද කාගේත් අවධානයට පාත්‍ර විය යුතුය. මීට අමතරව පිළිමතලාවේදී A1 මාර්ගයෙන් නික්ම ළඟා විය හැකි ලංකාතිලක සහ ගඩලාදෙණි විහාරත්, ඇම්බැක්ක දේවාලය සහ අම්බලමත් ගම්පොල සහ මහනුවර යුගයේ ප්‍රෞඩත්වය මැනැවින් විදහා පානු ලබයි.
කඳු මුදුනේ සිට පෙනෙන අවට සුන්දරත්වය | The panoramic view from the top of Saradiel Rock

පහසුකම්

සරදියෙල් ගල පාමුල "සරදියෙල් විලේජ්" නමින් නිවාඩු නිකේතනයක් පවත්වා ගෙන යනු ලබන අතර එය "සූර සරදියෙල්" තේමාව යටතේ ක්‍රියාත්මක වීම සුවිශේෂීත්වයකි. ග්‍රාමීය ආහාරපාන සපයන මෙම නිකේතනයේ නවාතැන් පහසුකම් මෙන්ම දෛනික සංචාර සඳහා පහසුකම්ද සපයනු ලැබේ.
මග දෙපස... | On the way...
On your journey from Colombo to Kandy along the A1 highway, a peculiar mountain can be seen towards your left hand side in between the townships of Kegalle and Mawanella. However, the fact that this is the hideout of Soora Saradiel, the man notoriously referred to as the "Robin Hood of Ceylon" is known to few.

Soora Saradiel was a famous highwayman who was a menace to the British colonials in mid 19th century. Saradiel earned a reputation of robbing from the British elites and their henchmen as well as robbing the postal carriages. Since he distributed the loot among the peasants of the region he came to be known as the "Robin Hood of Ceylon".

Perched at the threshold of Sri Lanka's hill country, ascending this mountain can be a tricky task. The foot of the mountain hosts a rubber plantation. However, as you move up the cliff, you'll gradually walk into a jungle. The peak of the mountain has an open area, towards a side of this open area lies a steep and towering apex. It's recorded that the caves which Saradiel and his clan of bandits used as hideouts are scattered across the mountain.
වෙල් යාය මැදින් පෙනෙන සරදියෙල් ගලේ චමත්කාරය | The majestic Saradiel Rock through the paddy fields
The Saradiel Rock can be ascended in about 1 hour. The peak of the rock offers an enchanting vantage point of the surrounding environs covering the Mawanella town and the villages surrounding it. The cold breeze at the top of the mountain is bound refresh you after the tiresome climb. However, do keep in mind that you might have to endure a few leech bites during your hike.

How to get there

Uthuwankanda is easily accessible due to its close proximity to the A1 highway connecting Colombo to Kandy. When travelling from Colombo, one must pass Kegalle and Molagoda before you find a narrow road towards your left named the "Uthuwana Road". Travel approximately 1km on that road until you reach a fork, where you should take the road to your left (up a hill). Here you'll have to park your vehicles and commence your hike on foot.  When travelling from Kandy, one must pass the Mawanella town and travel approximately 2km. Just after passing the Uthuwankanda junction, you may find the Uthuwana Road to your right.
කඳු මුදුනට... | To the peak...

Nearby attractions

A bit towards the Colombo side from Uthuwankanda is the Pinnawala Elephant Orphanage. The Temple of Tooth, Peradeniya Botanical Gardens and the Udawatthe jungle are worthy attractions in and around the city of Kandy. Additionally, the temples Lankathilaka, Gadaladeniya and the ruins at Embekka bear testament to the splendor of the Gampola and Mahanuwara eras. These three attractions can be accessed by turning out of the A1 at Pilimathalawa.
ගල මුදුනත | The top of the rock

 Facilities

A holiday resort named "Saradiel Village" is being run at the foot of Saradiel Rock. The resort runs under the theme of the renowned bandit "Soora Saradiel" and serves up rural dishes and provides day-outing facilities alongside accommodation.

Sunday, December 29, 2013

ඩෙල්ෆ්ට් දිවයින, Delft Island

Scroll down to read in English.

ශ්‍රී ලංකා සිතියම නිරීක්ෂණය කරන ඔබට යාපන අර්ධද්වීපය අවට දිවයින් සමූහයක් පිහිටා ඇති බව නෙත ගැටී ඇතුවාට සැක නැත. මෙකී දුපත් අතුරින් භූමි ප්‍රමාණයෙන් විශාලතම දූපත (වර්ග කි.මි.50ක් පමණ වූ) වන්නේ ඩෙල්ෆ්ට් (දෙමළ බසින් නෙඩුන්තීවු) දූපතයි. ඉන්දු-ලංකා දේශ සීමාවට කිලෝමීටර කිහිපයක් නුදුරින් පිහිටා ඇති මෙම දූපත අතීතයේ පටන්ම රාජ්‍යයේ ස්වෛරීත්වයට වැදගත්වූ සන්ධිස්ථානයක් වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඩෙල්ෆ්ට් දූපතට එහි නම යොදා ඇත්තේ ලන්දේසීන් විසිනි. එම නාමය බොහෝ විට නෙදර්ලන්තයේ පිහිටා ඇති ඩෙල්ෆ්ට් නගරයෙන් උපුටාගන්නට ඇත.
ඉපැරණි බලකොටුව | The old fortress
ඩෙල්ෆ්ට් දූපතෙහි 5000කට අධික ජනතාවක් වාසය කරන අතර නාවුක හමුදාව විසින් ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරයි. දූපතට වෙනමම ප්‍රාදේශීය සභාවක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්, මාර්ග පද්ධතියක් මෙන්ම දිසා රෝහල්, පොලිස්, බැංකු, තැපැල් හා පාසල් පහසුකම්ද මධ්‍යම රජය විසින් සපයා දී ඇත.

අතිරමණීය දූපතක් වූ ඩෙල්ෆ්ට් හී ඓතිහාසික නටඹුන් හා ස්මාරක රාශියකි. ඒවා බොහෝමයක් කොරල් පර සහ හුණුගල් භාවිතා කර ඉදි කර තිබීම විමතියට කරුණකි. ලංකාවේ වෙනත් ප්‍රදේශවලට වෙනස් වූ පරිසර පද්ධතියක් ඇති ඩෙල්ෆ්ට් දූපත ලංකාවේ වල් අශ්වයින් හමුවන එකම ස්ථානයයි. දිවයිනේ ප්‍රධාන ජීවිකාව ධීවර කර්මාන්තය වන අතර ඩෙල්ෆ්ට් වැසියන් දකුණු ඉන්දීය ට්‍රොලර් යාත්‍රා විසින් සිදුකරන මත්ස්‍ය මංකොල්ලයේ පීඩිතයන් බවට පත්ව තිබීම ඛෙදජනකය.

ඓතිහාසික පසුබිම

ඉන්දු-ලංකා දේශ සීමාවේ පිහිටා තිබෙන ඩෙල්ෆ්ට් දූපත ශතවර්ෂ ගණනාවක පටන් රාජ්‍යය පාලනයට උපක්‍රමික වැදගත්කමකින් යුතු ස්ථානයකි. දූපතෙහි උතුරු භාගයට වන්නට පෞරාණික විහාර පද්ධතියක නටඹුන් දැකිය හැකිය. ඒ අතුරින් දාගැබ් සමූහයක පාදම් විශේෂයෙන් කැපී පෙනෙයි.
බෞද්ධ නටඹුන් | Buddhist Ruins
තවත් ඉතාමත්ම වැදගත් ආකර්ෂණයක් වන්නේ ඩෙල්ෆ්ට් හී ඇති ඉපැරණි කොටුවයි. පළමුවෙන්ම යාපනය පාලනය කළ වන්නියාර් රජවරුන් විසින් ඉදිකරන්නට යෙදුනු මෙම බලකොටුව පසුකාලීනව යුරෝපීය ආක්‍රමණිකයන් විසින්ද සිය ආදිපත්‍යය පැතිරවීම සඳහා යොදා ගෙන ඇත. මෙම කොටුවෙහි ඇති වැදගත්කම නම් එය මුළුමනින්ම පාහේ කොරල් පර යොදාගෙන කර තිබීමයි. ඊට බදාමය ලෙස හුණු, බිත්තර සහ කෝමාරිකා යුෂ එකතු කොට සකසා ගත් සම්මිශ්‍රණයක් භාවිතා කෙරුණු බවට විශ්වාස කෙරේ. ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ශක්තිමත් කෙරුණු මෙම බලකොටුව 1960 දශකය දක්වා ඉතාමත්ම හොඳ තත්ත්වයක පැවැතුණු බවත්, එවක හැමූ සුළිසුළඟින් දැඩි අලාභහානියට පත්වූ බවත් දූපත්වාසීන් පවසති. ඩෙල්ෆ්ට් රෝහල හරහා ළඟා විය යුතු මෙම බලකොටුව නිසියාකාරයෙන් සංරක්ෂණය කිරීම බලධාරීන් සතු යුතුකමකි. 

බලකොටුවට අමතරව ඓතිහාසික ලන්දේසි රෝහලක් මෙන්ම බ්‍රිතාන්‍යයන් විසින් 1905දී කැරවූ උසාවියකද නටඹුන් ඩෙල්ෆ්ට් හී අදටත් ඉතිරිව පවතී. ඉපැරණි බ්‍රිතාන්‍ය උසාවිය අසල තවමත් නිකැලැල්ව ඉතිරිව පවතින්නේ පරෙවි කූඩු සහිත ස්ථම්භයකි. අතීතයේදී ඩෙල්ෆ්ට් දූපතේ සිට ගොඩබිමට පණිවිඩ යැවීමට යොදාගත් පරෙවියන්ගේ වාසස්ථානය වූයේ මේ ස්ථම්භයයි. අතීතයේදී ඩෙල්ෆ්ට් බලකොටුවත් උසාවි භූමියත් යා කෙරෙන උමගක් ප්‍රාදේශීය පාලකයන් විසින් කරවූ බවද කියැවේ.
ඩෙල්ෆ්ට් කොටුව | Delft Fort

පරිසර සුන්දරත්වය

ඩෙල්ෆ්ට් දූපතේ ඇත්තේ ශුෂ්ක පරිසර පද්ධතියකි. ගල් සහ වැලි සහිත පසකින් ආඪ්‍ය ඩෙල්ෆ්ට් දූපත පුරා තල් ගස් පැතිර පවතී. දූපතේ වැටමායිම් සලකුණු කිරීමටද කොරල් පරවලින් කරවූ ප්‍රාකාර යොදා ගැනීම අතිශය විශ්මයජනකය.
ශුෂ්ක දේශගුණය | Arid weather
හින්දු විශ්වාසයට අනුව ඩෙල්ෆ්ට් දූපත නිර්මාණය වී ඇත්තේ හනුමන්තා හිමාලයෙන් රැගෙන ගිය ඖෂධ වනයෙන් කොටසක් මුහුදට වැටීමෙනි. ඩෙල්ෆ්ට් දූපතෙහි ඖෂධීය ශාක විශේෂ 62ක් පවතින බව කියැවේ. ඒ අතුරින් කෝමාරිකා, හීරැස්ස වැනි ශාක සුළභව දැකිය හැකිය.

දූපත මධ්‍යයෙහි සුවිශාල බඔබාබ් ගසක් දක්නට ලැබෙන අතර එහි කඳේ සුවිශාල බෙනයක් දක්නට ඇත. මෙවන්ම ගසක් මන්නාරමේද දැකිය හැකිය. අප්‍රිකාවේ බහුලව දක්නට ලැබෙන මෙම ශාකය බොහෝ විට පෘතුගීසීන් විසින් ඩෙල්ෆ්ට් දිවයිනට ගෙන එන්නට ඇත.


වල් අශ්වයින් නිසා ඩෙල්ෆ්ට් දූපත දේශීය සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් අත් කරගෙන ඇත. පෘතුගීසීන් විසින් දූපතට හඳුන්වා දුන් අශ්වයින් පසුකාලීනව වල්වැදීම නිසා ලංකාවේ නිදැල්ලේ සැරිසරන අශ්වයින් ඇති එකම ස්ථානය ලෙස ඩෙල්ෆ්ට් දූපත නම් දරයි. පෘතුගීසී සමයේදී ඩෙල්ෆ්ට් දූපත අශ්ව අභිජනන සහ හුවමාරු මධ්‍යස්ථානයක් වන්නට ඇතැයි සැලකේ.කෙසේ වෙතත් දිවා කාලයේ දැඩි හිරු රෂ්මියත් සමඟ අශ්වයින් කැලෑ වදින අතර ඔවුන් රංචු වශයෙන් බහුලව දැකගත හැකිවන්නේ උදෑසන හෝ සවස් යාමයේ යැයි දූපත්වාසීන් පවසති. එනමුත් දිවා කාලයේද දිවයින පුරා යහමින් පැතිර පවතින එළිමහන් තෘණභූමිවල ගැවසෙන වල් අශ්වයින් ඔබට දැක ගත හැකිවනු ඇත. ඩෙල්ෆ්ට් දූපත පුරා වල් අශ්වයින් 450ක් පමණ වාසය කරතැයි ඇස්තමේන්තු කෙරේ. අවාසනාවකට මෙන් ආහාර හා ජල හිඟය නිසා වියළි කාලවලදී අශ්වයන් මියයන බව අපට අසන්නට ලැබිණි. නවික හමුදාව මෙම සත්ත්ව සම්පත ඩෙල්ෆ්ට් දිවයිනේ ආරක්ෂා කරගනුවස් මහත් පරිශ්‍රමයක් දරණ බවද මෙහිලා ලිවිය යුතුමය. ඉදිරියේදී මේ සඳහා අක්කර 100කින් සමන්විත වනජීවී උද්‍යානයක් නම් කිරීමට රජය කටයුතු යොදමින් සිටින බව අපට වාර්තා වේ. එමඟින් කුරුළු විශේෂ 101කට, සමනල විශේෂ 15කට, ක්ෂීරපායී විශේෂ 11කට, කුරුමිණි විශේෂ 10කට, උරඟ විශේෂ 8කට මෙන්ම එක් උභයජීවී විශේෂයකට රැකවරණය සැපයෙනු ඇත.
වල් අශ්වයෙක් | A wild horse
ඩෙල්ෆ්ට් දූපතෙහි ඉතා විශ්මයජනක ස්වභාවික ශෛලමය නිමැවුම් දෙකකි. ලියලන ගල නමින් ප්‍රසිද්ධ ගල දිනෙන් දින නාග පෙනයක හැඩයෙන් වර්ධනය වන බව දූපත්වාසීන් පවසන අතර, එය හින්දූන්ගේ පූජාවටද ලක්ව ඇත. මීට අමතරව අසිරිමත් සුවිසල් පාද ලාංඡනයක්ද දූපත් මධ්‍යයෙහි දක්නට ලැබේ. මෙය හනුමන්තාගේ පා සටහන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. මෙම පාද ලාංඡනයට නුදුරින් අතීතයේදී අශ්වයින් ගාල් කිරීමට යොදා ගැනුණු ඉස්තාලවල ශේෂයන්ද දැකිය හැකිය. 

මීට අමතරව ඩෙල්ෆ්ට් දූපතේ නැගෙනහිර ඉවුරේ දැකුම්කළු නොගැඹුරු වෙරළ තීරයක්ද දැකිය හැකිය.
හනුමන්තාගේ බවට කියැවෙන පාද ලාංඡනය | The footprint believed to be Hanuman's

පිවිසුම් මාර්ගය

දූපතක් වන ඩෙල්ෆ්ට් වෙත ඔබට ලඟා විය හැක්කේ සමුදුරු තරණයෙනි. නාගදීපයට යාත්‍රා කෙරෙන මගී නෞකා ගමන් ආරම්භ කෙරෙන කුරිකඩ්ඩුවාන් ජැටියෙන් දිනපතා උදෑසන 9ට ඩෙල්ෆ්ට් බලා මගී යාත්‍රාවක් ගමන් අරඹයි. මහාමාර්ග සංවර්ධන අධිකාරිය විසින් නොමිලේ ක්‍රියාත්මක කෙරෙන මෙම සේවාව ඩෙල්ෆ්ට් දිවයිනෙන් හවස 2.30ට යළිත් කුරිකඩ්ඩුවාන් බලා ගමන් අරඹයි. මෙම මුහුදු ගමනට පැයක කාලයක් වැය වේ. ඩෙල්ෆ්ට් දූපත දක්වා ක්‍රියාත්මක වන එකම පොදු ප්‍රවාහන සේවය මෙයයි, එබැවින් මෙම සේවාව මග නොහැරෙන ලෙස දිනය සැලසුම් කරගන්න. ඊට අමතරව කුලී පදනම මත රුපියල් 8000කට ආසන්න අගයකට (එක පැත්තකට) ඔබට බෝට්ටුවක් කුලියට ගැනීමේ හැකියාවද පවතී. 

යාපනය සිට සපත්තු පාලම් ඔස්සේ වේලනෙයි හරහා කුරිකඩ්ඩුවාන් ජැටියට කි.මි. 30ක් ගෙවා ළඟා විය හැකිය. එහිදී ඔබට ඔබගේ රථය ගාල් කිරීමට අශ්‍ය පහසුකම් වේලනෙයි ප්‍රාදේශීය සභාව සහ ආරක්ෂක අංශ මැදිහත්ව සපයා දී තිබේ. 
ඩෙල්ෆ්ට් ජැටිය | Delft jetty
ඩෙල්ෆ්ට් දිවයිනේ ජැටියට නෞකාව ළඟා වූ පසු ජැටිය අසලින් ඩීමෝ බට්ටකු හෝ ත්‍රී රෝද රථ ඔබට කුලියට ගත හැකි අතර ඒවාහී රියැදුරන් ඔබව දූපත වටා පිහිටා ඇති වැදගත් සන්ධිස්ථාන කරා පැය දෙකක් ඇතුලත ගෙන යනු ඇත.

අපගේ ගමනේදී අප ඩෙල්ෆ්ට් දූපත වටා ගමන් ගත්තේ කමල් නම් රියැදුරකු සමඟ ත්‍රී රෝද රථයකය. දූපත පිළිබඳව තොරතුරු රැසක් හෙළි කළ කමල් සමස්ථ ගමනටම අය කළේ රුපියල් 1500ක් පමණි.  
(ඉහත කී වේලාවන් සහ මිල ගණන් 2013 දෙසැම්බරයේ තත්ත්වය බව කරුණාවෙන් සලකන්න)
ඩෙල්ෆ්ට් දිවයින කරා | Towards Delft

අවට ආකර්ෂණයන්

සොළොස්මස්ථානවලින් එකක් ලෙස බෞද්ධයින්ගේ සිත්ගත් නාගදීපයට කුරිකඩ්ඩුවාන් ජැටියේ සිටම ළඟා විය හැකිය. නාගදීප (නයිනතීවු) දුපතේම නාගපූෂණී අම්බාල් නමින් වැදගත් හින්දු කෝවිලක්ද පිහිටා ඇත. මීට අමතරව යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් කරා දිවෙන මාර්ගයට නුදුරින් පිහිටා ඇති චට්ටි වෙරළතීරයටත්, අරාලි තුඩුවේ පිහිටි ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිඳුන්ගේ ස්මාරකයටත් ළඟා විය හැකිය.


පහසුකම්

යාපන අර්ධද්වීපයේ සිට මුහුදුන් සැලකිය මනා දුරකින් ඩෙල්ෆ්ට් දූපත පිහිටා ඇති නිසා ඔබට අවශ්‍ය කරන දෑ නෞකාවට ගොඩ වීමට මත්තෙන් සූදානම් කරගන්නේ නම් මැනවි. ඩෙල්ෆ්ට්හී දැනට මූලික පහසුකම් යටතේ හෝටලයක් ක්‍රියාත්මක අතර තවත් හෝටල් කිහිපයක් ඉදිවෙමින් පවතී. දූපතේ ජංගම දුරකථන සහ අන්තර්ජාල පහසුකම්ද ඇත. 
බඔබාබ් ගස | The Baobab tree
If you keenly observe the Sri Lankan map, you would've definitely come across a cluster of small islands towards the west of the Jaffna peninsula. Delft (known in Tamil as Neduntivu) is the largest out of these islands with approximately 50 sq.km of land. Located a few kilometers away from the Indo-Lanka border, this island was a crucial outpost for territorial integrity from the ancient times. Delft has got its name from the Dutch settlers who probably named the island after the Dutch city of Delft. 

The population of Delft exceeds 5,000 and the security of the island is provided by the Sri Lanka Navy. The island has a separate Pradeshiya Sabha, Divisional Secretariat, a road system alongside facilities such as a district hospital, banks, police, postal services and schools provided by the government.

A island of tranquility, Delft has a number of ruins and monuments. The fact that most of these have been erected using corals and limestone is quite fascinating. Delft has a bio system that is different to that of the rest of Sri Lanka and remains the only place in Sri Lanka where wild horses roam free. Fisheries is the main source of income for the island dwellers, however, it's sad to see how they are been severely impacted by the illegal mass fishing operations carried out by south Indian trawlers.
බ්‍රිතාන්‍ය උසාවිය | The British court

Historic background

Due to its close proximity to the Indo-Lanka border, the Delft island has been a strategically important location for centuries. Towards the northern side of the island remnants of Buddhist temple complex is visible with several bases of stupas (dagobas) scattered across. 

Another key attraction in Delft is the Fort. First constructed by the Wanniar rulers of the Jaffna peninsula, the fort was extensively used by the colonial rulers to stamp their authority in the region. The fact that the fort seems to have been constructed solely using dead corals stands out. An adhesive made out of lime, aloe vera and eggs is said to have been used as mortar to bind the corals together.  The fort has been in immaculate condition till the 1960s thanks to the activities of the Dutch and the British. However, the gale winds of the 1960s has damaged the fort to a considerable extent. Accessible through the Delft district hospital, it's the duty of the authorities to restore and protect this wonderful fort for future generations.
ඉපැරණි ලන්දේසි රෝහල | The old Dutch Hospital
In addition to the fort, a ruined Dutch Hospital and a ruined British Court build in 1905 is also remnant in the island. A pillar with pigeon holes stands in tact alongside the court. The pillar had housed the messenger pigeons used in the colonial era to communicate with the mainland. The island dwellers believe that there was a tunnel connecting the court premises with the fort built by the regional rulers centuries back.
පරෙවි කූඩු | Pigeonholes

Eco system

Delft possesses an arid weather and is littered with rocky and sandy soil. Palmyrahs are a common site in the island and the fact that fences made out of corals are used to demarcate lands is fascinating. 

According to Hindu belief Delft had been created by a piece of the Himalaya mountains that the god Hanuman had been carrying. The island has 62 types of ayurvedic plants out of which types such as aloe vera and Heeressa are very commonly seen.
ඩෙල්ෆ්ට්හී වල් අශ්වයෙක් | Another wild horse from Delft
A massive Baobab tree which has a large hollow inside is seen on the island. A similar tree can be seen in Mannar as well. A tree commonly seen in Africa, it is probable that the tree was planted in Delft by the Portuguese.

Delft has earned quite a reputation among local tourists for its wild horse population which is around 450. The Portuguese are believed to have introduced horses to Delft and used the island as a breeding and trading hub. However, later on these horses have been neglected and found their way to roam free in the islands creating Sri Lanka's only wild horse population. Due to the heat the wild horses can only be seen scattered across large open grasslands here and there during the day time. They roam in herds during the evening and the morning. Unfortunately a number of horses perish during the dry season due to famine. The actions taken by the Sri Lanka Navy to ensure the survival of these horses is commendable. Presently steps are afoot to name a 100 acre Wildlife Park in the island which will provide sanctuary to 101 species of birds, 15 species of butterflies, 11 species of mammals, 10 species of dragonflies, 8 species of reptiles and one specie of amphibians.
ලියලන ගල | The sprouting rock
Delft also hosts two amazing rock based creations. One of them is a sprouting rock which grows in size and stature to resemble the hood of a cobra. This rock is considered sacred by the Hindus. In addition a large footprint is seen towards the center of the island. Some believe it to be the footprint of god Hanuman. Adjacent to the footprint lies the ruins of what used to be the stables used to herd the horses in the times past. 

Additionally, there's an attractive and shallow beach towards the east coast of the island. 
වෙරළ තීරය | The beach

How to get there

Delft Island is accessible to civilians only through a sea voyage. The Road Development Authority operates a passenger ferry service free of charge to Delft from Kurikadduwan jetty, which is the same jetty used to provide ferry services to Nagadeepa. The ferry departs Kurikadduwan at 9.00am daily and makes the return voyage from Delft at 2.30pm. The journey by sea takes exactly 1 hour under mild sea and weather conditions. This is the sole public ferry service operating to Delft, so be mindful not to miss it. The other option would be to hire a boat which would cost you around Rs. 8,000 (one way). 
කුරිකඩ්ඩුවාන් ජැටිය මුහුදේ සිට පෙනෙනයුරු | Kurikadduwan jetty from the sea
From Jaffna a road connects to Kurikadduwan via Velanai thanks to an intricate system of causeways. The distance between Jaffna and Kurikadduwan is 30km. Parking facilities for your vehicles are provided at Kurikadduwan by the Velanai Pradeshiya Sabha and the security forces.

Once you berth on Delft you will need to hire a Dimo Batta mini truck or a three wheeler to traverse through the vast island. The drivers will take you to places of interest within a couple of hours. 

On our voyage there, we met Kamal who took us around Delft on a trishaw. He provided a lot of information about the island and only charged Rs. 1,500.
(Please note that the times and prices cited above are as at December 2013.)
ඩෙල්ෆ්ට්හී මංමාවත් | Roads in Delft

Nearby attractions

Nagadeepa, which is considered to be one of the 16 noblest places of worship for Buddhists in Sri Lanka (Solosmasthana) can be accessed through ferry from the Kurikadduwan jetty. The Nagadeepa island (referred to as Nainativu by the Tamil people) hosts the Nagapooshani Ambal Kovil which is considered an important Hindu temple. Additionally, you can drop by to the Chatty beach and the General Denzil Kobbekaduwa Monument in Araly Point which are situated along the road connecting Jaffna to Kurikadduwan.
කොරල් ගල් කොටුව බැඳීමට යොදාගෙන ඇති අයුරු | Corals used to erect the fortress

Facilities

Since Delft is situated miles away from the mainland, it's advised for you to arrange everything you may require before boarding the ferry at Kurikadduwan. At present, there's a hotel operating in Delft under basic facilities whilst several hotels are under construction. The island has mobile and internet connectivity.