Sunday, January 26, 2014

පුනරීන් බලකොටුව, Pooneryn Fortress

Scroll down to read in English.

පුනරීන් - නම ඇසුණු සැණින් ඔබට සිහි කැඳවනුයේ යුද්ධයේ  අඳුරු මතකයන්ය. ලාංකේය ත්‍රිවිධ හමුදා හා කුරිරු ත්‍රස්තවාදීන් අතර බිහිසුණු සටන් කිහිපයකටම පසුබිම සැකසුණු පුනරීන් ප්‍රදේශය උපක්‍රමිකව වැදගත් බිම් කඩකි. ඊට හේතුපාදක වනුයේ පුනරින් යාපනය නගරයට නුදුරින්ම යාපන අර්ධද්වීපයෙන් පිටත පිහිටි බිම්තීරුව නිසාය. මෙකී උපක්‍රමික වටිනාකම මෑතදී ඇවිලුණු යුද්ධයට එහා දිවෙන්නකි. ඊට ශතවර්ෂ ගණනාවකට එපිටදී සුදු ආක්‍රමණිකයන් විසින් පුනරීන්හී ඉදිකරන ලද බලකොටුව ඊට කදිමට සාක්ෂි දරයි.

පුනරීන් ප්‍රදේශය දෙමළ බසින් හඳුන්වනුයේ "පූනාකරි" යනුවෙනි. එහි ගිය අපට දැක ගත හැකි වූයේ බලකොටුවේ බෙහෙවින් ගරා වැටී තුබූ නටඹුන්ය. තවමත් ලන්දේසීන් විසින් ඉදි කරන ලද ප්‍රාකාර ශේෂව පැවැතියද, ඒවා රුදුරු යුද්ධයෙන් බැට කෑ ඇති බැව් මැනැවින් පසක් වෙයි. බලකොටුවේ හතරැස් ස්වභාවය වර්තමානයේදී අපට දක්නට නොලැබීමද මහත් අවාසනාවකි. වත්මන හමුදා මුරපොලක් පාදක කරගෙන පිහිටා ඇති පුනරීන් බලකොටුව ප්‍රතිසංස්කරණය බලධාරීන් සතු යුතුකමකි.
පුනරීන් බලකොටුවෙන් බිඳක් | A portion from the Pooneryn fort

ඓතිහාසික පසුබිම

පළමුවෙන්ම පුනරීන්හී බලකොටුවක් කරවන්නේ පෘතුගීසීන් විසින් 1619 - 1658 අතර කාල වකවානුව තුලය. යාපනයෙන් ඔවුන් රැස් කරගත් ධනය සුරැකිව තබාගැනීමත් ප්‍රදේශයේ ආර්ථික මර්මස්ථානය වූ යාපනය නගරයට ආරක්ෂාව සැපයීමත් මෙම බලකොටුවේ මූලික අභිප්‍රාය වූ බව කියැවේ. විශේෂයෙන්ම සිංහල සහ වන්නියාර් රජවරුන්ගෙන් යාපනයට එල්ල විය හැකි ප්‍රහාර මැඩලීමට පුනරීන් කදිම බිම්කඩක් බව පෘතුගීසීන් මනාව වටහා ගත්හ. පසුකාලීනව ලන්දේසීන් විසින් ආක්‍රමණය කරන ලද මෙම බලකොටුව ඔවුන් විසින් ප්‍රතිසංස්කරණය කර අවසාන වන්නේ 1770දීය. දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් (අලි ඇතුන්, පුවක්, කපු, සහල්, කුරුඳු, ලුණු යනාදිය මෙහිදී හුවමාරු වූ බව අතීත වර්තා හෙළි කරයි) වශයෙන් තහවුරු වී තිබුණු යාපන නගරයේ ආරක්ෂාවට පුනරීන්හී වටිනාකම ලන්දේසීන්ද මැනැවින් තේරුම් ගත් බව ඉන් ගම්‍ය වේ. එහිදී ලන්දේසීන් විසින් දෙවන රාජසිංහ රජු හා ඇතිකරගත් සම්මුතියට අනුව ලන්දේසීන්ගේ වෙළඳ කටයුතු උදෙසා වෙන්වන අලි ඇතුන් උතුරේ යාපනය, කයිට්ස් යනාදී වෙළඳ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනයේදී වැදගත් මංසන්ධියක්/ගිමන්හලක් ලෙසද පුනරීන් හඳුන්වා දිය හැකිය.
බලකොටුව මධ්‍යයේ ඇති රූස්ස සියඹලා ගස | The giant tamarind tree amid the fortress
හතරැස් හැඩයකින් යුක්තව තිබී ඇති පුනරීන් බලකොටුව පසුකාලීනව තානායමක් වශයෙන්ද බ්‍රිතාන‍ය පාලකයින් විසින් යොදාගෙන ඇත.

1991 දක්වා ශ්‍රී ලංකා රජය භාරයේ පැවැති පුනරීන් බලකොටුව උපක්‍රමික පසුබෑම යටතේ කොටි ග්‍රහණයට නතු විය. පසුව 2008 වසරේදී යළිත්වරක් ආරක්ෂක අංශ විසින් පුනරීන්හී බලය තහවුරු කරගන්නා ලදි.

පිවිසුම් මාර්ගය

මන්නාරම - යාපනය යාකෙරෙන A32 මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස පුනරීන් හැඳින්විය හැකිය. යාපනය දෙස සිට පැමිණෙන විට සංගුපිඩ්ඩි පාලමෙන් කිලාලි කළපුව තරණය කළ පසුව හමුවන පළමු නගරය පුනරීන්ය. මේ අතර පුනරීන් සිට පරන්තන් දක්වා දිවෙන B357 මාර්ගයෙන් A9 මාර්ගයට ඉතා පහසුවෙන් ප්‍රවිශ්ට විය හැකිය. මෙම මාර්ග සියල්ලම පාහේ කාපට් අතුරා සංවර්ධනය කර ඇති නිසා පුනරීන් වෙත යාපනයේ සිට (කි.මි. 37) සහ කිලිනොච්චියේ සිට (කි.මි. 33) පහසුවෙන් ලඟා විය හැකිය.
Courtesy of Google Maps

අවට ආකර්ෂණයන්

පුනරීන් ප්‍රදේශය අවට සොඳුරු ආකර්ෂණයන් බොහෝමයකි. සොබා සෞන්දර්යයත්වයෙන් පොහොසත් මෙම ප්‍රදේශය නෙතට රසඳුනකි. යාපනය නගරයේ පිහිටි නල්ලූර් කෝවිල, ඕලන්ද කොටුව, නාගවිහාරය යනාදිය ඔබගේ නිරීක්ෂණයට සුදුසු ස්ථාන ලෙස හඳුන්වා දිය හැකිය. මේ අතර මෑතකදී විවෘත කෙරුණු කිලාලි කළපුව හරහා A32 මාර්ගය සබැඳෙන සංගුපිඩ්ඩි පාලම නූතන නිර්මාණ ගැන උනන්දුවක් දක්වන්නට ආකර්ෂණයක් ගෙන දෙන්නක් වන්නට පිළිවන. මීට අමතර අලිමංකඩ සහ කිලිනොච්චි ප්‍රදේශයන්හී යුද ස්මාරක කිහිපයක් පිහිටා ඇත්තේ යුද ජයග්‍රහණය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් සිහිපත් කිරීමටය.

පහසුකම්

පුනරින් යනු ඉතාමත්ම කුඩා කඩමණ්ඩියකි. නගරයෙන් ඔබට සපුරා ගත හැක්කේ අවම පහසුකම් පමණි. කෙසේ වෙතත් පුනරීන් යුද ගිනිදැල් නිවාදැමීමෙන් අනතුරුව ශීඝ්‍රයෙන් සංවර්ධනය වන අංග සම්පූර්ණ නගර දෙකකට මැදිව පිහිටා ඇත. ඒ යාපනය නගරය හා කිලිනොච්චි නගරයයි. ඔබගේ සියළු අවශ්‍යතා එකී නගරයන් දෙකෙන් කිසිඳු ගැටළුවකින් තොරව සපුරා ගත හැකිය.
ආරක්ෂක අංශ විසින් කොටුව ආශ්‍රිත භූමිය විචිත්‍රව තබා ගැනීමට උත්සාහ දරා ඇති සෙයකි | The armed forces has taken efforts to keep the premises neat and beautiful
Pooneryn - a name that brings to mind dark memories from the war. Pooneryn is located on a strategically important perch of land and played host to a number of fierce battles between the Sri Lankan armed forces and the LTTE terrorists. The importance of Pooneryn lays in the fact that it's the strip of land which is closest to the metropolitan of Jaffna outside of the Jaffna peninsula. This importance was identified years before the recent war. The fact that the European colonials built a fortress in Pooneryn attests to this importance.

Pooneryn is referred to as "Poonakari" in Tamil. Upon reaching Pooneryn we noticed that the ruins of the fortress weren't in the best of conditions. Although the ramparts built by the Dutch still stood tall, it was also visible that these have withstood a lot including the harsh conditions of the war. It's difficult to notice the square form of the fort today to our great distress. Pooneryn fort is presently occupied by an armed force base and officials should give attention to restore the fort and ensure its longevity.
කොටුව ඇතුලත | Inside the fort

Historic background

The fort in Pooneryn was first erected by the Portuguese colonials between 1619 and 1658 with the key aims of building a safe house for the wealth obtained from Jaffna while providing security to the economic metropolitan of Jaffna. The Portuguese understood the strategic importance of Pooneryn in quelling any potential invasions of Jaffna by the Sinhala or Wanniar Kings. Eventually the Pooneryn fort was run-over by the Dutch who embarked on a massive rebuilding/fortification process which concluded in 1770. By this time Jaffna had stamped itself as a key trading hub in South Asia (it is believed that elephants, cotton arecanut, rice, cinnamon and salt were among the traded commodities), and the fortification of the fort attested to the importance of Pooneryn for the defense of Jaffna. Subsequently, Pooneryn was an important node in moving elephants from the south of the country to Jaffna and Kayts for trading purposes as per the agreement between King Rajasinghe II and the Dutch.

Pooneryn had been a fort square in shape and had been converted to a rest house by the British occupiers later on.
වෙඩි පහරවල් හමුවේ නොසැලුණු කොටුබැම්ම | The bullet hole ridden ramparts
The Sri Lankan government held control of the fort until 1991 when it's control was forcibly taken over by the LTTE amid strategic withdrawals from the Sri Lankan armed forces. Eventually the Sri Lankan armed forces hit back and obtained control of the fort in 2008.

How to get there

Pooneryn can be expressed as a key juncture in the A32 highway that connects Jaffna and Mannar. When driving from Jaffna, Pooneryn is the first city you would come across after crossing the Kilali Lagoon through the Sangupiddi bridge. Additionally, Ponneryn can be accessed from the A9 road via the B357 road that branches out from Paranthan in the A9 highway. Almost all of these access roads have been developed by laying carpets making the journey from Jaffna (37km) and Kilinochchi (33km) all the more enjoyable and convenient.

Nearby attractions

Pooneryn is blessed with environmental beauty that's bound to entertain you. The city has some key attraction located close by. In Jaffna you can visit Nallur Kovil, the Dutch Fort and the Nagaviharaya. Additionally, if you're a fan of modern construction, the Sangupiddi bridge which connects the A32 highway over the Kilali Lagoon might interest you. Moreover, there are a number of war memorials located in Elephant Pass and Kilinochchi to immortalize the sacrifices made by the armed force personnel in crushing the terrorist movement.
කොටුව ඇතුලත | Inside the fortess

Facilities

Pooneryn is a small township where you will only be able to fulfill the most basic of necessities. However, Pooneryn is located right in between two major towns that are emerging solidly since the conclusion of the war. These are the cities of Jaffna and Kilinochchi which will facilitate all your requirement without any difficulty.