Sunday, March 23, 2014

මුල්කිරිගල, Mulkirigala

Scroll down to read in English.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතිශය චමත්කාරජනක ඉසව්වක පිහිටා ඇති මුල්කිරිගල රජමහාවිහාරය සැබැවින්ම සැඟැවුණු මාණික්‍යයකි. වසර 2200ක තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියන මෙම විහාරස්ථානය ගල් පර්වතයක් කේන්ද්‍ර කරගනිමින් බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත වන අයුරින් නිමවා තිබෙනයුරු මනස්කාන්තය.

මුල්කිරිගල පර්වතය මුහුදු මට්ටමේ සිට අඩි 672ක් උස වන අතර එම පර්වතය මළු 5කින් සමන්විත සද්ධන්ත පර්වතයකි. ලෙන්විහාර අතුරින් අග්‍රස්ථානය ගන්නා දඹුල්ල රජමහාවිහාරයේ සිරි කැන්දන මුල්කිරිගල ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් තුරු ගොමු මැදි කරගෙන පිහිටා ඇත.
මුල්කිරිගල පර්වතය | The Mulkirigala Rock

ඓතිහාසික පසුබිම

ක්‍රි.පූ. 2වන සහ 1වන සියවස්වලදී මෙම පර්වතයේ පිහිටා ඇති ලෙන් තුල "භාණක" හිමිවරුන් වැඩසිටි බවට විහාරස්ථානයේ දක්නට ලැබෙන ශිලාලේඛණ සාක්ෂී දරයි.  "භාණක" හිමිවරුන් යනුවෙන් හැඳින්වෙන්නේ බුදු රදුන් වදාළ උතුම් සද්ධර්මය සියළු බාධක අභිමුව කට පාඩමින් සුරැකිව පවත්වාගෙන ආ සැරියුත් මහරහතුන්වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවටය. භාණක පරපුරේ මජ්ඣිම නිකාය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යෑමේ වගකීම හිමි "මජ්ඣිම භාණක" නම් වූ හිමිවරුන් මෙහි වැඩසිට ඇති බවට ශිලා ලේඛණය සාක්ෂි සපයයි. මෙය ඇතුළු වෙනත් සාධක රාශියක්ම පදනම් කරගනිමින් මෙම අසිරිමත් පුදබිමෙහි අතීතයේදී රහතුන්වහන්සේලා වැඩ හිඳි බව විද්වත් විශ්වාසයයි.
රජමහාවිහාරයේ සුරැකිය යුතු වියැකී යන බිතුසිතුවම්| Fading frescoes in "Rajamahaviharaya" that needs to be safeguarded
ඊට අමතරව පර්වත විහාරයේ උඩහ මළුවේ පිහිටා ඇති බෝධිය දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ නමක් බව සනාථ වී හමාරය. බෝධි වංශයට අනුව එකළ මෙම විහාරය "ගිරිබා විහාරය" නමින් හඳුන්වන ලද බව පැහැදිලිය. මෙම ප්‍රදේශයට "ගිරුවාපත්තුව" යන නම යෙදෙන්නට මෙම විහාරස්ථානය ප්‍රධාන හේතු කාරණාවක් වූ බව ප්‍රකට අදහසකි.

මෙම විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහානාග, කාවන්තිස්ස, සද්ධාතිස්ස, වළගම්බා (වට්ටගාමිණී අභය), දප්පුල යනාදී රජවරුන් මෙන්ම මහනුවර යුගයේදී රාජ්‍යත්වය දැරූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාද වෙහෙස වී ඇති බැව් ඉතිහාසයේ සඳහන්ය.

මෙම විහාරස්ථානයේ සැබෑ නාමය මුල්කිරිගලද, මුල්ගිරිගලද යන්න සමහරුන් ප්‍රශ්න කරති. ශාස්ත්‍රපති මැදගොඩ සිරිනිවාස ස්වාමීන්වහන්සේ අර්ථ දක්වන පරිදි මෙම විහාරස්ථානයේ නියම නාමය විය යුත්තේ "මුල්කිරිගල" යන්නයි. කෙසේ වෙතත් අතීතයේදී එය "මූලගිරි විහාරය" යන නමින්ද හඳුන්වා ඇත.
පහළ මළුවේ බිතුසිතුවම් | Frescoes in the lower level

මුල්කිරිගල විචිත්‍රත්වය

මුල්කිරිගල රජමහාවිහාරය සතු මළු 5 පහත පරිද්දෙනි

1) සියඹලා මළුව

මුල්කිරිගල විහාරයේ වංශකතාව මැනැවින් ගෙනහැර දක්වන කෞතුකාගාරය විහාරයට ඇතුළුවන තැන්හීම පිහිටා ඇත. ඊට අමතරව පන්සල හා වන්දනාකරුන්වන්ට නවාතැන් ගත හැකි විශ්‍රාම ශාලාවද සියඹලා මළුවේම පිහිටා ඇත.

2) පහළ මළුව

බෝධියකින් සහ චෛත්‍යයකින් සමන්විත මෙම මළුවේ නා ලෙන් විහාරයත් පදුම රහත් විහාරයත් පිහිටා ඇත. මෙහිදී මහනුවර යුගයට අයත් බිතුසිතුවම් රැසක් දැකගත හැකිය. ශාකාශ්‍රිත පාට වර්ග යොදා ගනිමින් කරන ලද මෙකී සිතුවම් අදටත් මනාව පැවතීම මහත් ආශ්චර්යයකි. එහිදී ඔබට 18 රියන් සැතපෙන බුදුරුවක්ද වඳපුදා ගන්නට පිළිවන. පහළ මළුවේම කොටසක් සේ සැළකෙන වෙසක් ශාලා මළුවේ සුප්‍රකට මජ්ඣිම භාණක ලෙනත්, භාණක ගිරි ලිපියත් පිහිටා ඇත. විහාරස්ථානයේ ඉපැරණි සීමාමාලකයත් මෙම මළුවේම පිහිටා ඇත.
පහළ මළුව | Lower level

3) මැද මළුව 

පියගැට පෙළින් වම්පසට වන්නට පිහිටා ඇති මැද මළුව චෛත්‍යයකින් සහ බෝධියකින් සමන්විතය. එහි සංඝාවාසයක්ද දක්නට ලැබේ.

4) රජමහාවිහාර මළුව

අතිශය තේජාන්විත මළුවක් වන රජමහාවිහාර මළුවේ සිට ඔබට අවට චමත්කාරය මැනැවින් නිරීක්ෂණය කළ හැකිය. පැහැදිලි අහසක් තිබෙන දිනකදී මෙහි සිට තංගල්ල මුහුදු සීමාව දක්වා පෙනෙන අතර පහත සියඹලා මළුවද මැනැවින් පෙනේ. තරමක ඉඩකින් සපිරි මේ මළුවේ සෙල් ලිපියක් මෙන්ම පොකුණක්ද දක්නට ලැබේ.
රජමහාවිහාර මළුවේ බිතුසිතුවම් | Frescoes from the "Rajamahavihara" level
රජමහාවිහාර මළුවේ, නමට සරිලන අයුරින්ම, රජමහාවිහාරයත්, ඊට අමතරව අලුත් විහාරය, නාගවිහාරය මෙන්ම සාල ගල් ගෙය සහ පිරිනිවන් මඤ්චකයද ඔබට වැඳපුදා ගත හැකිය. මෙහිදීද මහනුවර යුගයට අයත් සිතුවම් රැසක් ඔබට නිරීක්ෂණය කළ හැකි අතර නිදහසට පෙර 20වන සියවසේදී නිම කරන ලද බිතුසිතුවම්ද විශාල ප්‍රමාණයක් දැකිය හැකිය. මෙහිදීද බුද්ධ ප්‍රතිමා කිහිපයක් දක්නට ලැබෙන අතර පිරිනිවන් ප්‍රතිමාවක්ද පිරිනිවන් මඤ්චකයේ දක්නට හැකිය.
ඉපැරණි පියගැට පෙල් | Ancient stairwells

5) උඩහ මළුව

මෙතුවක් තරමක පහසු එහෙත් තරමක් පටු පියගැට ඔස්සේ නැගි ඔබට පෙරටත් වඩා පටු මෙන්ම සෘජු නැග්මකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. එය එසේ වුවත් කිසි ලෙසකින්වත් අසීරු නැග්මක් නොවන බව කිව මනාය. අතීතයේදී විහාර පව්ව තරණයට යොදා ගැනුණු ඉපැරණි පියගැටම අතටත් ශේෂව පැවතීම ඉතාමත්ම සතුටුදායක කරුණකි. උඩහ මළුවට යන ඔබට මුලින්ම ආචාර කරනුයේ දෙතිස්ඵලරුහ බෝධියේ සිලි සිලි නාදයයි. ශ්‍රී මහා බෝධියේ අතු ශාඛාවක්වන මෙම වෘක්ෂය අතිශය වන්දනීයය. පර්වතයේ උස්ම ස්ථානයෙහි චෛත්‍යයක් ඉදි කර ඇති අතර උඩහ මළුවේදී පුකුණක්ද දක්නට හැකිය.

කෙසේ වෙතත් උඩහ මළුව සම්බන්ධයෙන් ගෙනහැර පෑ යුතු තවත් වැදගත් කරුණු දෙකකි. එකක් නම් දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ අසල පිහිටා ඇති "ගැරඬි කපොල්ල" නම් වූ ඉතා පටු ශිලා කපොල්ලයි. අනෙක නම් අවට පරිසරයේ චමත්කාරයයි. පොළොව මට්ටමේ සිට අඩි 350ක් පමණ උසින් පිහිටා ඇති උඩහ මළුවේ සිට විශාල සීමාවක සුන්දරත්වය මැනැවින් නිරික්සිය හැකිය. මෙම මළුව උදේ සහ සැඳෑ කාලයන්හිදී හිරු උදාවත් හිරු අවරට යෑමත් නිරීක්ෂණයට සොඳුරු ඉසව්වක් බව බොහෝ දෙනා අදහස් දක්වයි.
"ගැරඬි කපොල්ල" | "Snakes' pass"

පිවිසුම් මාර්ගය

කොළඹ, ගාල්ල, මාතර යනාදී ප්‍රදේශවල සිට පැමිණෙන ඔබ මුල්කිරිගල යන අතරතුරදී පළමුව බෙලිඅත්තට ළඟා විය යුතුය. ඒ සඳහා ඔබට මාතර සිට හක්මන හරහා දිවෙන මාර්ගය හෝ දික්වැල්ලෙන් දිවෙන මාර්ගය භාවිතා කර හැකිය. මෙම මාර්ග දෙකෙහිම කාපට් අතුරා ඇත. බෙලිඅත්තෙන් වීරකැටිය මාර්ගය ඔස්සේ කි.මි. 10ක් පමණ ගිය තැන හමුවන මුල්කිරිගල හන්දියෙන් වමට හැරී ඔබට රජම්හාවිහාර පරිශ්‍රයට ළඟා වන්නට පිළිවන. මුල්කිරිගල මංසන්ධිය තරමක කුඩා කඩමණ්ඩියක් වුවද එහි විහාරස්ථානයට මං සලකුණු මැනැවින් සවිකර පවතී. හම්බන්තොට දෙස සිට ඔබ පැමිණෙන්නේ නම් රන්න හරහා ඔබට වීරකැටියට ළඟාවිය හැකිය. ලංකාවේ ඇති "පස්මංසන්ධි" දෙකෙන් එකක් වන වීරකැටියෙන් බෙලිඅත්ත මාරගයේ මද දුරක් ධාවනය කළ පසු මුල්කිරිගල හන්දියෙන් දකුණට හැරී මුල්කිරිගල රජමහාවිහාරයට ළඟාවිය හැකිය.
Courtesy of Google Maps

අවට ආකර්ෂණයන්

මුල්කිරිගල අවට ඔබ අප කාගේත් නෙත් සිත් ඇඳ බැඳගන්නා ස්ථාන කිහිපයකි. ඒ අතුරින් වීරකැටිය - රන්න මාර්ගය ඔස්සේ ළඟා විය හැකි නයිගල රජමහාවිහාරය ඓතිහාසික වැදගත්කමින් යුත් අතීතයේදී රහතන්වහන්සේලා වැඩ හිඳි පින්බිමකි. මෙම මාර්ගයේම මදක් රන්න දෙසට වන්නට පිහිටා ඇති කසාගල රජමහාවිහාරය අතීතයේදී දළදාවහන්සේ වැඩ හිඳි පුණ්‍යභූමියකි. අනෙක් අන්තයෙන් වීරකැටිය - බෙලිඅත්ත - දික්වැල්ල මාර්ගය ඔස්සේ වැව්රුකන්නලට ළඟා විය හැකිය. මීට අමතරව A2 මාර්ගය ඔස්සේ මුහුදුබඩව පිහිටා ඇති හුම්මානය, උස්සන්ගොඩ ආදී ස්ථාන කරා ඔබට ළඟා විය හැකිය. තවද නෝනාගම - රත්නපුර මාර්ගය ඔස්සේ ළඟා විය හැකි රම්බා රජමහාවිහාරය, මදුනාගල ආරණ්‍ය සෙනසුන සහ මදුනාගල උණුදිය උල්පත්ද ඔබේ නෙත සිත ඇද බැඳ ගනු නියතය.
උඩහ මළුවේ චෛත්‍යය | The dagoba from the upper level

පහසුකම්

බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල ආදී ප්‍රදේශ කේන්ද්‍ර කොටගෙන කුඩා ලැගුම්හල් රැසක් පැතිර පවතී. තවද අර්ධ සුඛෝපභෝගී හෝටල් අතලොස්සක් මේ ප්‍රදේශයේ දැකිය හැකිය. මීට අමතරව තංගල්ල, රන්න, අම්බලන්තොට, හම්බන්තොට ආදී මුහුදු තීරය ආශ්‍රිත ප්‍රදේශයන්හීද ඔබට නවාතැන්පළවල් සොයා ගත හැකිය. ඔබ විශ්‍රාම ශාලාවක් සොයන්නේ නම් ඔබට මුල්කිරිගල, වැව්රුකන්නල හෝ නයිගල යන පුදබිම්හී නවාතැන් ගන්නට පුළුවන. පසුගිය දශකයේදී ප්‍රබෝධමත් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන බෙලිඅත්ත සහ වීරකැටිය දෙනුවර අතරමැදිව පිහිටා ඇති මුල්කිරිගලට පිවිසෙන ඔබට අවශ්‍ය ඔබට ඉන්ධන, ආහාරපාන යනාදී සියළුම අඩුමකුඩුම ඉහත කී නගර ද්විත්වයෙන්ම සපුරා ගත හැකිය.
පහළ මළුවේ ප්‍රතිමා | Statues from the lower level

රජමහාවිහාර මළුවේ සැතපෙන පිළිමවහන්සේ | The sleeping statue from the "Rajamahavihara" level
Located in a very scenic part of Hambantota District, Mulkirigala is truly a hidden gem. Mulkirigala's history dates back to over 2200 years and it's awe inspiring to see how this "Royal Temple" has been built centering it around a rock.

Laden with 5 levels, Mulkirigala is a rock that stands 672 feet above mean sea level. Mulkirigala resonates an air of Dambulla which is considered to be the crown jewel among rock temples around the world, and is scenically located amid lush greenery.
රජමහාවිහාර මළුවේ දසුනක් | A scene from the "Rajamahavihara" level

Historic background

Rock inscriptions located inside caves have revealed that "Bhanaka" monks were residing in these caves as way back as 2nd and 1st century B.C. "Bhanaka" monks are a group of monks who were entrusted to memorize and keep alive the universal teachings of Lord Buddha in spite of all odds. They are considered to be the disciples of Seriyuth Arahat Thero, one of Lord Buddha's closest disciples. The rock inscription provides evidence that the "Majjima Bhanaka" monks whose duty was to disseminate the contents of "Majjima Nikaya" called these caves home. This along with several other historic facts lead to the conclusion that Arahat Theros had resided in this part of the island long ago.
මජ්ඣිම භාණක ලෙන | Majjima Bhanaka Cave
Additionally the upper level hosts a "Dethispalaruha Bo tree" which has been proven. According to Bodhivamsa which is a historic scribble documenting the history of Bo trees in Sri Lanka this temple would've been known as the "Giriba" temple. It is widely believed that this gave rise to the name "Giruwapatthuwa" which is the name used to describe this part of Hambantota district.

Sinhalese Kings such as Mahanaga, Kawantissa, Saddhatissa, Walagamba (Wattagamini Abhaya), Dappula have been instrumental in building up this temple. King Keerthi Sre Rajasinghe from the Mahanuwara era is another royal who toiled to solidify this holy temple.
පහළ මළුවේ බිතුසිතුවමක් | A fresco in the lower level 
There has been some debate over whether the real name of this temple ought to be Mulkirigala or Mulgirigala. According to Ven. Medagoda Siriniwasa Thero the correct name should be "Mulkirigala". However, the temple had been known as "Moolagiri Viharaya" in its history.

Splendor of Mulkirigala

The five levels mentioned above that are in existence in Mulkirigala are as follows.

1) Siyambala (Tamarind) Level

A museum that depicts the history of Mulkirigala is aptly located at the very entrance to the temple. In addition to this, the temple and the "Vishrama Shala" are both located in this level.
විහාරයේ කෞතුකාගාරය | The temple's museum

2) Lower Level

This level is composed of a Bo tree and a dagoba as well as the "Na Len" statue house and the "Paduma Rahath" statue house. These statue houses are adorned with beautiful frescoes painted in the Mahanuwara era. It's a wonder how in tact these frescoes are given their age and the dyes been sourced from nature. You will be able to observe a sleeping Buddha statue amid a few other statues in this level. The "Vesak Hall Level" is also considered to be part of the Lower Level and it hosts the famed Majjima Bhanaka cave, the Majjima Bhanaka rock inscription and the old ordainment house.

3) Mid Level

The mid level is located towards the left hand side of the stairwell composed of a Bo tree, dagoba and a monks' abode.
පහළ මළුවත් වෙසක් ශාලා මළුවත් යාකෙරෙන පියගැට පෙළ | The stairwell that links the lower level with the Vesak Hall Level

4) "Rajamahavihara" Level

This level is the most majestic out of the 5 levels of Mulkirigala and is well perched to give a panoramic view of the surrounding environs. On a day with clear skies, even the Tangalle beach is visible from here and is well perched to give a perfect view of the Tamarind Level below. A spacious level, it is composed of a pond and a rock inscription as well.
රජමහාවිහාර මළුවට පෙනෙන සුන්දරත්වය | The beauty from the "Rajamahavihara" level
As the name suggests, the "Rajamahavihara" level hosts a "Rajamahaviharaya" or a "Royal Temple" which is the literal translation from Sinhala. In addition to that the "Aluth Viharaya" (new temple), "Nagaviharaya", "Saala Gal Geya" and the "Piriniwan Manchakaya" are located on this level of the rock. Here again lies vast quantities of breathtaking frescoes, some from the Mahanuwara era while others come from the pre-independence 20th century. The cave temples are adorned with a number of Buddha statues along with a statue of Lord Buddha's passing away in the "Piriniwan Manchakaya".
මුල්කිරිගල සැතපෙන පිළිම වහන්සේ නමක් | A sleeping Buddha statue from Mulkirigala

5) Upper Level

Up to this point the stairs are somewhat narrow but easy to climb. However, the stairs leading up to the Upper Level are narrower and go through a steeper incline. Despite that, this is not to tell that this climb is by any means a difficult one. What's more interesting is the fact that the stairs that were used in the ancient time are still in tact in most of the places. As soon as you reach the upper level, you'll be welcomed by the bustling noise of the "Dethispalaruha Bo tree". One of the first 32 saplings from the Sri Maha Bodhi, Dethispalaruha Bo trees are considered to be or great religious significance. The pinnacle of the rock is adorned by a dagoba while a pond is also present in the upper level.

The "Gerandi Kapolla" which literally stands for "snake pass" is a natural pass between two boulders besides the sacred Bo tree which is quite fascinating. Additionally, the panoramic view from the top of the peak is astounding. It is said that sunrises and sunsets are quite breathtaking from atop this 350 feet rock temple.
දෙතිස්ඵලරුහ බෝධීන්වහන්සේ | Dethispalaruha Bo tree

How to get there

If you're traveling to Mulkirigala from somewhere around Colombo, Galle or Matara, you should first reach Beliatta. In order to get there you could either use the roach from Matara via Hakmana or the road that leads from Matara via Dikwella. Both these roads are carpeted. From Beliatta you should travel approximately 10km along the Weeraketiya road until you reach the Mulkirigala junction which is a small bazaar. Take a left turn there, as per the direction board to reach the temple premises. If you're travelling from Hambantota you should reach Weeraketiya via Ranna. Weeraketiya hosts one of Sri Lanka's only two 5 way intersections, out of which you're to take the Beliatta road which will lead you to the Mulkirigala junction.
රජමහාවිහාර මළුවට දිවෙන පියගැට පෙළ | The stairwell leading up to the "Rajamahavihara" level

Nearby attractions

Several attractions that are of immaculate beauty are scattered around Mulkirigala. Among those, Naigala Temple which is accessible through the Weeraketiya - Ranna road is an ancient temple where enlightened "Arahat" theros had resided. Kasagala Temple, which is accessed through the same road (one must travel a bit more towards Ranna side) is an historic temple where the divine Tooth Relic had been safehoused. On the other side, the Wewrukannala can be reached through the Weeraketiya - Beliatta - Dikwella road while the A2 highway can be used to reach seaside attractions such as the Blowhole (Hummanaya) and Ussangoda. You may also use the Nonagama - Ratnapura road to reach Ramba Temple as well as the Madunagala Hermitage and hot water springs.
පිරිනිවන් මඤ්චකය | "Piriniwan Manchakaya"

Facilities

There are several small rest houses clustered around Beliatta, Weeraketiya and Walasmulla. Additionally, you might be able to locate a few semi-luxury hotels in this vicinity. Tangalle, Ranna, Amabalantota and Hambantota provides you with a few options along the beach. In case you're looking for a low cost "Vishrama Shaala", Mulkirigala, Wewrukannala and Naigala provides such facilities. During the past decade the Hambantota district has seen a major facelift. Mulkirigala is located amid the two buzzing townships of Beliatta and Weeraketiya. These two towns will give you plenty of options to fuel-up and find food, beverages and any other amnesties you may require.

Monday, February 24, 2014

කන්දරෝඩෛ පිහිටි කදුරුගොඩ විහාරය, Kadurugoda Temple in Kandarodai

Scroll down to read in English.

දශක ගණනක් කුරිරු යුද්ධයෙන් බැට කෑ උතුරේ ලාංකේය ඉතිහාසයේ ප්‍රෞඪත්වය කියාපාන පෞරාණික ස්ථාන රාශියකි. ඒ අතුරින් බෞද්ධ උරුමයෙන් ඔද තෙද වැඩුණු පැරණි විහාරාරාමද අපට දැකගන්නට ලැබේ. ඒ අතුරින් දිවයිනේ අන් කිසිඳු විහාරස්ථානයකට වෙනස්ම මුහුණුවරක් ගන්නා කදුරුගොඩ නොහොත් කන්දරෝඩෛ විහාරය ප්‍රමුඛස්ථානයක් ගනියී. ඒ අන් කවර කාරණාවක් නිසාවත් නොව, එකම බිම් කඩක එකිනෙකට ආසන්නයෙන් පිහිටා ඇති කුඩා දාගැබ් සමුදාය නිසාය.
අසිරිමත් කදුරුගොඩ | The beauty of Kadurugoda

ඓතිහාසික පසුබිම

කදුරුගොඩ විහාරයේ අතීතය බුදුරජාණන්වහන්සේගේ කාලය දක්වා වූ ඈතකට දිව යයි. චුලෝදර සහ මහෝදර නම් නාග ගෝත්‍රික රජවරුන් දෙපල අතර ඇති වූ හබය සමථයකට පත්කරලනු වස් නාගදීපයට වඩින අතරමගදී කදුරුගොඩ මොහොතක් විවේකීව සිටි බව පනප්‍රවාදයෙහි සඳහන්ය.

නටඹුන් දාගැබ් සමූහයට අමතරව වටදාගෙයක නටඹුන් හා අනුරාධපුර සහ පොළොන්නරු යුගයට අයත් කාසි, බුද්ධ ප්‍රතිමා සහ වර්ණාලේපිත උළු 1917 - 1919 අතර කාල සීමාවේදී මෙහිදී සිදු කරන ලද කැණීම් කටයුතු වලදී හමු වී ඇත. එසේ සොයාගත් ප්‍රතිමා, උළු සහ කාසි යනාදිය මහජන ප්‍රදර්ශනය සඳහා යාපනය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙකී පුරාවස්තූන් මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, ලීලාවතී සහ පළමුවන බුවනෙකබාහු රජ සමයන්ට නෑකම් කියන බව පුරාවිද්‍යා මතයයි. තවද අතීතයේදී දෙවනපෑතිස් මහරජු විසින් දඹකොළ පටුනත් අනුරාධපුරයත් යා කෙරෙමින් ගල් පහන් කණු යොදා කරවූ මහාමාර්ගයේ වැදගත් මංසන්ධියක් ලෙසද කදුරුගොඩ පුරාවිද්‍යඥයන් විසින් හුවා දක්වයි. ඊට අමතරව ක්‍රි.ව. 9වන සියවසේදී සිව්වැනි කාශ්‍යප රජු විසින් මෙම විහාරස්ථානය සඳහා කරනු ලැබූ ප්‍රදානයක් සම්බන්ධයෙන්ද "අත්තානේ ටැම් ලිපිය" නමින් හැඳින්වෙන මෙහි ඇති ටැම් ලිපියක සඳහන්ය.
කදුරුගොඩ දාගැබ් | The dagobas in Kadurugoda
මෙහි පිහිටා ඇති දාගැබ් ඉතා සුවිශේෂී මුහුණුවරක් ගනු ලබයි. ඒවා හුණුගල් සහ කොරල් යොදාගෙන නිමවා ඇති බවක් බැලූ බැල්මට පෙනේ. තවද බැලූ බැල්මට ඒවයේ හැඩය නිරීක්ෂණය කිරීමේදී ඊට මහායාන අභාෂය ලැබී ඇත්දැයි යන සැකය උපදී. කෙසේ වෙතත් යුද්ධයේ අමිහිරි මතකයන් ගෙනහැර පාන වෙඩි උණ්ඩ දාගැබ් වටා දක්නට ලැබීම සෝචනීයය. පුන්කුඩුතීවු දිවයිනේ වැඩසිටි රහතන්වහන්සේලා 60 නමකගේ ධාතූන් තැන්පත් කර දාගැබ් 60ක් කදුරුගොඩදී කරවූ බවත් ඉන් 56ක අත්තිවාරම් 1917 කැණීමේදී සොයාගත් බවත් පොත පතෙහි සඳහන්ය. අද වන විට දාගැබ් 56ම දැකගන්නට තිබේද යන්න සැකසහිතය. ස්වාමීන්වහන්සේ නමක් නොසිටින මෙම විහාරයේ ටකරන්වලින් කරවන ලද අල්පේච්ඡ බුදු ගෙයක් සහ කුඩා බුදු මැදුරක්ද මෑතදී ඉදි කර ඇත.

මහනුවර යුගයේදී "නම්පොත" නමින් ප්‍රචලිත වූ විහාර හා පූජාභූමි නාමාවලියට අනුව කදුරුගොඩ විහාරය නමින් මෙම ස්ථානය සඳහන් කෙරෙන අතර පෘතුගීසි ලේඛණවලට අනුව එය හැඳින්වෙන්නේ "කන්දරකුඩ්ඩෙයි" නමිනි.
කදුරුගොඩ දාගැබ් එකිනෙකට වෙනස්ව නිමවා ඇති අන්දම | The dagobas in Kadurugoda are made differently from one to the other
අවාසනාවකට පසුගිය දශක ගණනාව මුළුල්ලේ කදුරුගොඩ පුරාවිදු බිමට අයත් භූමිය ප්‍රදේශවාසීන් විසින් නීතිවිරෝධී ලෙස අත්පත්කරගනිමින් පවතී. මෙය රටේ ශ්‍රී විභූතියට මහත් ඛේදයක් වන අතර එය වළක්වා මෙකී සුවිශේෂී පුරාවිද්‍යා ස්ථානයේ මතු පැවැත්ම තහවුරු කිරීම බලධාරීන් සතු වගකීමකි. කෙසේ වෙතත් යුද සමයේදී මෙම ඓතිහාසික වටිනාකමින් යුතු ස්මාරකයේ කඩා බිඳ දමන්නට තරම් කුරිරු නොවූ උදවියටත් එය සුරැකි පාර්ශව වලටත් සමස්ථ ශ්‍රී ලාංකේය ජාතියේ හදපිරි ප්‍රණාමය පිරිනැමිය යුතුය.

පිවිසුම් මාර්ගය

යාපනයේ සිට A9 මාර්ගය ඔස්සේ කන්කසන්තුරය දක්වා ගමන් කරන ඔබට චුන්නගම් නම් වූ අතිශය සශ්‍රීක නගරය හමුවේ. චුන්නාගම් සිව් මංසලින් වමට හැරී පුත්තූර් මාර්ගය ඔස්සේ මද දුරක් ගොස් යළිත් වමට හැරී අතුරු මාර්ගයක් ඔස්සේ කදුරුගොඩ විහාරයට ළඟාවිය හැකිය. චුන්නාගම් හන්දියේත්, කන්දරොඩෛවලට හැරෙන හන්දියේත් නාමපුවරු සවිකර ඇති බැවින් ඔබට පහසුවෙන්ම මග සොයාගැනීමට හැකි වනු ඇත. චුන්නගම් නගරයේ සිට කදුරුගොඩ විහාරයට කි.මි. 3.2ක පමණ දුරක් ඇත.
කොත රහිත දාගැබක් | A dagoba which has lost its conical top

අවට ආකර්ෂණයන්

යාපන අර්ධද්වීපයෙහි සාරවත් පෙදෙසක පිහිටා තිබෙන කන්දරොඩෛ ඉතා වටිනා ස්ථාන කිහිපයකට මැදිව පිහිටා ඇත. ඒ අතුරින් යාපනය නගරයේ පිහිටි නල්ලූර් කෝවිල, පුස්තකාලය, යාපන කොටුව මෙන්ම කන්දරොඩෛ ප්‍රදේශයට උතුරින් පිහිටා තිබෙන කීරිමලෛ, දඹකොල පටුන, මාවට්ටිපුරම් කෝවිල යනාදිය වෙසෙසින්ම හුවා දැක්විය හැකිය.
කදුරුගොඩ දාගැබ් | The dagobas in Kadurugoda

පහසුකම්

කන්දරොඩෛ පුදබිමට කි.මි. 3.2ක දුරින් පිහිටා ඇති චුන්නාගම් නගරය කලින් සඳහන් කලාක් මෙන් සශ්‍රීක, අංග සම්පූර්ණ නගරයකි. ඔබේ අවශ්‍යතා රාශියක් ඔබට එහිදී සපුරා ගත හැකිය. උතුරු පළාතේ අගනගරය මෙන්ම ලංකාවේ ප්‍රමුඛම නගරයක් වන යාපනය නගරයට චුන්නාගම්වල සිට දුර කි.මි. 10ක් පමණ වේ. එබැවින් කන්දරොඩෛ යනෙන ඔබට පහසුවෙන්ම ඉහත කී නගර ද්විත්වයෙන් ඔබේ ඉඳුම් හිටුම්, ආහාරපාන, ඉන්ධන, බැංකු යනාදී සියළුම අවශ්‍යතා පහසුවෙන්ම සපුරා ගැනීමට හැකි වනු ඇත.
එක් එක් ප්‍රමාණයේ දාගැබ් | Dagobas come in different sizes

බුදු මැදුර | The statue house


For decades the blatant war ravaged the northern part of Sri Lanka which is host to a number of historic places that stands firm to showcase the historic grandeur of our island. This includes a set of Buddhist temples and ruins that have a vast history. Among these, Kadurugoda a.k.a. Kandarodai stands out due to its unique outlook which is different to all the temples and monasteries we see in the rest of the country. This is simply due to the cluster of small dagobas located close to one another in the same plot of land.
කදුරුගොඩින් නෙත පිනවන දසුනක් | An attractive sight from Kadurugoda

Historic background

The history of Kadurugoda temple dates back to days of Lord Buddha. It's folklore that Lord Buddha stopped by to rest at Kadurugoda on his way to Nagadeepa to mediate the conflict between Chulodara and Mahodara, the two warring kings of the Naga tribe. These coins, statues and roofing tiles are shown to the public at the Jaffna museum.

In addition to the ruins of the dagobas, Kadurugoda contains ruins of a "Vatadage" (Circular shaped statue house) while coins, Buddha statues and colored roofing tiles dating back to the Anuradhapura and Polonnaruwa eras were recovered from the site during the excavations carried out in between 1917 and 1919. It's believed that these artifacts relate to the reins of King Parakramabahu the Great, King Nissanka Malla, Queen Leelawathi and King Buwanekabahu I. It is also believed that Kadurugoda was a key node in the highway commissioned by King Devanampiyatissa to connect Dambakola Patuna to Anuradhapura, the road is said to have had lantern posts made out of rock adorning the way. Additionally, the "Atthane Pilalr Script" which is found at the same location tells the tale of how King Kasyapa IV donated land to the Kadurugoda temple in 9th century A.D.
යුදගිනිදැල් සිහි කැඳවන වෙඩි උණ්ඩ සලකුණු | The bullet-holes which remind us of the bloody war
The dagobas here are quite unique and are made out of limestone and dead coral rocks. The shape of the dagobas indicate a bit of Mahayana influence. Additionally, the dagobas are bullet-hole ridden, reminding us of the dark past we've been through due to the war. According to recorded history 60 dagobas were erected enshrining relics from 60 "Arahat" theros who called the Punkudutivu island home. Out of the 60 dagobas, 56 foundations were uncovered during the 1917 excavations. However, it is uncertain whether all 56 dagobas can be seen today. This temple does not have a resident monk and thus is served by a meager shrine house made out of galvanized sheets and a small Buddha statue.

During the Kandy kingdom, a book called "Nampotha" (literally translates to "book of names" in English) containing names of all temples and holy sites was commissioned. In it, this temple is mentioned as "Kadurugoda Viharaya". However, according to Portuguese documents from the colonial era, this place is mentioned as "Kandarakuddei".
සමීප දසුනක් | A close-up
Unfortunately the neighboring villagers have been illegally infringing the land belonging to the Kadurugoda Archaeological site over the past several decades. This is a deadly blow to the pride of Sri Lankan history and it's the duty of the authorities to restore parity and ensure longevity of this great monument. Additionally, the entire Sri Lankan community should be thankful for those who protected this site and those who were wise enough to not harm it in any way during the bitter war that ravaged these parts of our beautiful island.

How to get there

On your way along the A9 highway from Jaffna to Kankasanturai you will come across a very bustling city named Chunnakam. Kandarodai ruins are located 3.2km from Chunnakam. You're to take a left turn from the Chunnakam town center and travel along the Puttur road, from where you'll have to take another left turn after travelling a small distance to reach the ruins. Sign boards have been planted providing directions at both the intersections, making it easy for you to find you way through.
Courtesy of Google Maps

Nearby attractions

Kandarodai is situated in a fertile strip of land in the Jaffna peninsula which is surrounding many important sites and scenes. Among these, Nallur Kovil, Library and the Fort in the Jaffna city stands out. One should not forget the important sites north of Kandarodai such as Keerimalai, Dambakola Patuna and Mavaddipuram Kovil either.
කදුරුගොඩ දාගැබ් | The dagobas in Kadurugoda

Facilities

Kandarodai ruins are situated 3.2km away from Chunnakam, which is a vibrant city with many facilities. You would be able easily fulfill most of your requirements there. Jaffna, the capital city of the Northern Province whilst being a major town in the country is located approximately 10km from Chunnakam. Hence, on your visit to Kandarodai, you can easily replenish your wants and needs such as accommodation, food and beverages, fuel, banking and etc. from the above two cities easily.

Wednesday, February 12, 2014

සීගිරිය, Sigiriya

Scroll down to read in English.

ලොව අටවන පුදුමය ලෙසින් ලෝ සුපතල සීගිරිය, ශ්‍රී ලාංකේය සංස්කෘතියේ, ඉංජිනේරු තාක්ෂණයේ සහ ප්‍රෞඪත්වයේ මුදුන් මල්කඩකි. පර්වත බලකොටුවකට එහා ගිය සීගිරිය විකසිත උද්‍යාන සංකීර්ණ වලින් සමන්විත රාජ භවනකි. සැබැවින්ම මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් මෙහි මාධුර්යයෙන් අමන්දානන්දයට පත්වනු නිසැකය.

අඩි 660ක් උසැති සීගිරි පව්ව අතීතයේදී, සිංහගිරිය, සිංහ පර්වතය ආදී නම් ගණනාවකින්ම අතීතයේදී ප්‍රචලිතව පැවැත ඇත.
සීගිරිය | Sigiriya

ඓතිහාසික පසුබිම

පුරාවෘත්තයට අනුව ධාතුසේන් රජතුමාගේ පුතණුවකු වූ කාශ්‍යප කුමරුන් විසින් රජකම අපේක්ෂාවෙන් ධාතුසේන් රජතුමා කලා වැව් බැම්මේ පස් හිඳුවා මරා දමනු ලැබේ. ඉනික්බිති සිහසුනේ නියම උරුමක්කරු වූ මොග්ගොල්ලාන කුමරු ඉන්දීය සහය ඇතිව දියත් කරීමට සූදානම් වූ ආක්‍රමණයෙන් බේරීමට කාශ්‍යප රජතුමා විසින් ක්‍රි.ව්. 477 - 495 අතර කාල වකවානුවේදී සීගිරි බලකොටුව කරවයි. පසුකාලීනව ඉන්දියාවෙන් සේනා සන්නද්ධව පැමිණෙන මොග්ගොල්ලාන කුමරු කාශ්‍යප පරදා රාජත්වය උරුම කරගන්නා බව කියැවේ.

කෙසේ වෙතත් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ආනන්ද ස්ථවීරයන් වහන්සේගේ ලේඛණ පාදක කරගෙන මෙම මතයට බෙහෙවින් වෙනස් මතයක් ගෙන හැර පාන් අතර ඊට අනුව ධාතුසේන රජතුමා විසින් පර්වත රාජ නම් අධිරාජ්‍යයත්වය ළඟා කරගනු වස් සීගිරිය කර වූ බව කියැවේ. මෙකී අදහස් දැක්වීමට අනුව කාශ්‍යප කුමරුන් විසින් සිය පියා මරණයට පත් නොකළ වගත් ධාතුසේන රජුගේ ඇවෑමෙන් සීගිරිය නිමවා හමාර කිරීමේ වගකීමට උර දුන් බවත් කියැවේ.
සිංහ සෝපානය | The Lion Shaft

සීගිරිය තරණයට මත්තෙන්...

සීගිරිය තරණයට සුදුසුම කාලය වන්නේ උදෑසන හෝ සවස් කාලයයි. එහිදී ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් 50ක මුදලක්ද, විදේශිකයන්ගෙන් ඇ.එ.ජ. ඩොලර් 30ක්ද ප්‍රවේශ පත්‍ර ගාස්තු ලෙස අය කරගනු ලැබේ. සීගිරිය ප්‍රවේශ පත්‍ර කවුළුව අසලින් දිවෙන කුඩා ගුරු පාරෙන් සීගිරිය කෞතුකාගාරයට ළඟා විය හැකිය. ජපන් රජයේ ආධාර ඇතිව විලක් ආශ්‍රය කරගනිමින් තනවා ඇති සීගිරි කෞතුකාගාරය සැබැවින්ම වටිනා නටඹුන් හා තොරතුරු රැසෙකින් පොහොසත්ය.
සීගිරි පරිශ්‍රයට දිවෙන විචිත්‍රවත් මංපෙත | The fascinating trail leading to Sigiriya

සීගිරියේ චමත්කාරය

සීගිරියේ ඔබ මුලින්ම ඇතුළුවන්නේ එහි සුවිශේෂී උද්‍යාන පද්ධතියටය. අතිශය දැකුම්කළු මෙම උද්‍යාන සංකීර්ණය කොටස් තුනකට බෙදිය හැකිය. ඒ ජල උද්‍යාන, පර්වත උද්‍යාන සහ හෙල්මළු උද්‍යානයි. උද්‍යාන අලංකාරයෙහිලා ඉපැරණි කලා ශිල්පියා සතුව තිබූ මාහැඟි කුසලතාවය මෙම උද්‍යාන පද්ධතියෙන් මැනැවින් විදහා දැක්වේ. අදටත් ජල උද්‍යානයෙහි පවතින වතුර මල් ක්‍රියාත්මක අඩියක පැවැතීම සැබැවින්ම විශ්මයජනකය. ජල උද්‍යානය හරහා ගලා යන ජල පහරවල් සහ වතුර මල් අව් රශ්මියෙන් නැගෙන රස්නය සමනය කිරීමට යොදා ගැනුනු බව කියැවේ.
තවමක් ක්‍රියාත්මක ජල මලක් | A water fountain which is still effective
සීගිරි පව්වට යන ගමනේදී ඔබේ වම්පසින් ඔබට අටපට්ටම් පොකුණ දැක ගත හැකිය. පියවි ඇසට එක විට නොපෙනෙන අයුරින් තනවා ඇති අටපට්ට්ම් පොකුණේ එක් අන්ත දෙකක් සඳහා පිහිටි ගල යොදා ගෙන තිබීම සුවිශේෂිත්වයකි. යහපත් කාලගුණය ඇති දිනයකදී අන්ත දෙකෙහි පිහිටි ගලෙහි පරාවර්තනය අටපට්ටම් පොකුණෙන් දැකිය හැකි බව කියැවෙන අතර නූතන ගණිතඥයින් විසින් සිදුකරනු ලැබූ පර්යේෂණ වලට අනුව මෙම පොකුණ ඉදිකර ඇත්තේ ඊට උචිතම හැඩයට අනුකූල වන පරිද්දෙනි.

ජල උද්‍යානය පසු කළ කල්හී ඔබ පිවිසෙන්නේ පර්වත උද්‍යානයටයි. එහිදී ස්වභාවිකව පිහිටා ඇති ගල් ආදි කලාශිල්පීන් විසින් උද්‍යාන අලංකරණයට යොදාගෙන ඇති අයුරු මැනැවින් නිරීක්ෂණය කළ හැකිය. පර්වත උද්‍යාන ආශ්‍රිතව පිහිටි ලෙන් බොහෝමයක් රහතන් වහන්සේලාට සෙවන දුන් බව කියැවෙන අතර ඒ අතුරින් නයි පෙන ගුහාව වැදගත්කමක් ගනී. නයි පෙනයක හැඩය ගන්නා මෙම ලෙනෙහි පියැස්ස විසින් ඇතුලත ඇති බිතුසිතුවම් කිහිපයක් සුරකිනු ලබයි.

හෙල්මළු උද්‍යාන පිහිටි ගල ඇසුරින් නිර්මිත අතර මෙහිදී ඉහත කී උද්‍යාන දෙවර්ගයටම වඩා වෙනස් වූ ස්වරූපයක් ඔබට දැකගන්නට පිළිවන. හෙල්මළු උද්‍යානයෙන් නික්මුණු කල්හී ඔබට සීගිරි පර්වතයේ පියගැට පෙළ හමුවේ. පියගැට පෙළ ඔස්සේ පර්වතය තරණය කිරීමේදී වැඩිමනත් ශබ්ද කිරීමෙන් වැළකීමට ඔබ වග බලා ගත යුතුය. ඒ පර්වතය ආශ්‍රිතව බමරුන් සිටිනා නිසාවෙනි.
පර්වත උද්‍යානයෙන් බිඳක් | A section of the Boulder Garden
සීගිරියේ සුප්‍රසිද්ධම ස්ථානයක් වන්නේ චිත්‍ර ගුහාවයි. කවාකාර පඩිපෙළක් ඔස්සේ ළඟා විය යුතු මෙම චිත්‍ර ගුහාවේ ඉතාමත්ම මනස්කාන්ත බිතුසිතුවම් සමුදායකි. ඒවා සීගිරි අප්සරාවන් ලෙසින් ලෝ ප්‍රචලිතව ඇත. මෙම ගුහාවෙහි සිතුවම් 19ක් අද වනවිට ශේෂ වී පවතින අතර ඒවා ආරක්ෂා කරගැනීම අප සියළු දෙන සතු යුතුකමකි. පුරාවිද්‍යාඥ එච්. ඊ. පී. බෙල් මහතාට අනුව මේ සීගිරි ලලනාවන් කාශ්‍යප නිරිඳුන්ගේ අන්තඃපුරයේ දේවීන්ය. ඔහුට අනුව පැහැපත් ලලනාවන් උසස් යැයි සම්මත කුලද අඳුරු පැහැයෙන් යුත් කතුන් දාසියන්ද නිරූපණය කරන අතර ඔවුන් පෙරහැරකින් පිදුරංගල වැද පුදා ගන්නට යන බව බෙල් මහතා පවසයි. මහාචාර්ය පරණවිතානයන්ට අනුව මෙම සිතුවම් වලින් නිරූපණය වන්නේ විජ්ජුලතා (විදුලි කුමරියන් - පැහැපත් සිතුවම්) සහ මේඝලතා (වළාකුළු කුමරියන් - අඳුරු සිතුවම්)ය. මින් කුමන අදහසක් නිවැරදි වුවද සීගිරි බිතුසිතුවම් වලට බෙහෙවින් සමානකම් දක්වන බිතුසිතුවම් භාරතයේ අජන්තා ලෙනින් හමුවීම විශේෂත්වයකි.

සීගිරි බිතුසිතුවම් | Sigiriya frescoes
බිතුසිතුවම් පසු කර පහතට ඇදෙන ඔබට කැටපත් පවුර හමුවේ. ඉතා සුමටව නිමවා ඇති මෙම පවුරේ අතීත කවි, නිසඳැස් අදටත් ආරක්ෂා වී තිබීම අපගේ වාසනාවකි. අතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි පිරිස් විසින් චිත්තප්‍රීතියෙන් මෙම පවුරු කුරුටු ගී ලියූ බව ප්‍රකට සිද්ධාන්තයයි. මෙහි ශතවර්ෂ 8කට අධික කාලයක් පුරා ලියැවුණු කුරුටු ගී 1500කට අධික ප්‍රමාණයක් හමුවී ඇත.
කැටපත් පවුර | The mirror wall
ඉනික්බිතිව ඔබ පිවිසෙන්නේ එළිමහන් බිම් කඩකටය. සුවිශාල සිංහ පාද දෙකක් එහිදී ඔබට දැකිය හැකි වන අතර පසෙකින් පිදුරංගල පර්වතයද ඔබට නෙතු ගැටේ. මෙම සිංහ පාද වල විශේෂත්වය නම් එහි ඇඟිලි තුන බැඟින් පමණක් තිබීමය. අතීතයේදී ගිරි හිස මුදුන දක්වා විහිදෙමින් සිංහ හිසක්ද තිබූ බව ජනප්‍රවාදයෙහි සඳහන්ය. එතැනින් ඔබ්බට ඇති පියගැට පෙළ සිංහ සෝපානය නමින් හැඳින්වෙන අතර අතීතයේදී කප්පි භාවිතයෙන් ක්‍රියාත්මක වූ සෝපානයක් මෙහි තිබුණු බවට මතයක් පවතී. සුළං කපොල්ලක් පසුකරමින් ගිරිහිස මුදුනට ළඟා වන ඔබට පහළ පිහිටි උද්‍යාන ත්‍රිත්වයෙහි සැබෑ සෞන්දර්යය අත්විඳිය හැකිය.

ගල මුදුනත රාජ මාළිගාවේ නටඹුන් ඇති අතර තවමත් කැණීම් නොකළ දෑ බොහෝමයක්ද ඉතිරිව ඇත. රජ මාළිගයක තිබිය යුතු සියළු පහසුකම්වලින් සීගිරිය සමන්විත වූ බවට අද අප දකින නටඹුන් සාක්ෂි දරයි.
ගල මුදුනත රාජකීය පොකුණ | The royal pond atop the rock

පිවිසුම් මාර්ගය

ලංකාවේ ප්‍රධානතම සංචාරක ආකර්ෂණයක් වන බැවින් සීගිරියට ළඟා වීම අතිශය පහසුය, ඒ මග දෙපස මංපුවරු සවිකර ඇති බැවිනි. සීගිරියට පිවිසෙන ප්‍රධාන මාර්ගය අඹේපුස්ස, කුරුණෑගල, ත්‍රිකුණාමලය යා කෙරෙන A6 මාර්ගයේ ඉනාමළුව හන්දියෙන් ඇරැඹේ. ඔබ දඹුල්ල පසු කරමින් පැමිණෙන්නේ නම් ඉනාමළුව හන්දියෙන් දකුණට හැරී කිඹිස්ස පසු කරමින් කි.මි. 10ක් පමණ ගිය කළ ඔබට සීගිරියට ළඟා විය හැකිය.

මීට අමතරව ත්‍රිකුණාමලය, හබරණ, පොළොන්නරුව වැනි පෙදෙස් වලින් පැමිණෙන ඔබට හබරණ - පොළොන්නරුව මාර්ගයේ හබරණ හන්දියේ සිට කි.මි. 2.4ක් දුරින් පිහිටා ඇති මොරගස්වැව හන්දියෙන් දකුණට හැරී මොරගස්වැව - ඉලුක්වැව මාර්ගය ඔස්සේ අතිශය සුන්දර පාරිසරික පද්ධතියක් පසුකරමින් කි.මි. 12.5ක් ගිය තැන සීගිරිය හමුවේ.
සීගිරියේ නෙත පිනවන දසුන් |  Splendorous views from Sigiriya

අවට ආකර්ෂණයන්

සීගිරිය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණය මධ්‍යයේය. එනිසාම සංස්කෘතික සහ ඓතිහාසික වැදගත්කමින් යුත් සුන්දර ස්ථාන රාශියක් සීගිරිය අවට විසිරී පැතිරී ඇත. ඒ අතුරින් අතිශය ආකර්ෂණීය විහාර්ස්ථානයක් වන රන්ගිරි දඹුල්ල ලෝ ප්‍රකට ජාතික වස්තුවකි. ඊට අමතරව සීගිරිය පර්වතයට ආසන්නයේම උතුරු දෙසින් පිහිටා ඇති පිදුරන්ගල වූ කලී ඓතිහාසික වැදගත්කමකින් හෙබි මාහැඟි විහාරාරාමයකි. හබරණ පසු කර මද දුරක් මරදන්කඩවල දෙසට යද්දී ඔබට සුප්‍රසිද්ධ වනසෙනසුණක් වන රිටිගලට ළඟා විය හැකිය. එය සහස්‍ර ගණනාවක් මුළුල්ලේ බුද්ධපුත්‍රයන් වහන්සේලාට නිර්වාණාවබෝධයට රුකුල් දුන් පුදබිමක් වන අතර පැරණි නටඹුන් රැසකින් පිරී පවතී. ඊට අමතරව දඹුල්ල - අනුරාධපුර මාර්ගයේ මඩාතුගමින් හැරී යා යුතු නාමල් උයන රක්ෂිතය සහ පුදබිමද පාරිසරික මෙන්ම ආගමික වටිනාකමකින් හෙබි ආකර්ෂණයකි. සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණය මධ්‍යයේ පිහිටා තිබීම නිසාම පහසුවෙන් අනුරාධපුරය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවලටද ඔබට යා හැකිය. ඔබ වනසතුන් නැරඹීමට රුචියක් දක්වන්නෙක් නම් ආසන්නයේ පිහිටා ඇති මින්නේරිය සහ කවුඩුල්ල රක්ෂිතයන් ඊට කදිම තෝතැන්නකි.
උද්‍යානයේ කොටසක් සහ ලෙනක් | Part of the garden and a cave

පහසුකම්

ලංකාවේ නොනිදන නගරය නමින් ප්‍රචලිත දඹුල්ල නගරය සීගිරියට නුදුරින් පිහිටා ඇත. ඊට අමතරව රජරට ප්‍රධාන මංසන්ධියක් වන හබරණ පිහිටියේද සීගිරියට නුදුරිනි. මෙකී නගර ද්විත්වයෙන් ඔබේ අවශ්‍යතා බහුතරයක් සපුරා ගත හැකිය (විශේෂයෙන්ම දඹුල්ලෙන්). සීගිරිය අවට ඔබේ මුදල් පසුම්බියට සරිලන මිලට නවාතැන් සොයා ගැනීම අතිශය පහසුය. තරු පහේ සුපිරි හෝටල් සිට මූලික පහසුකම් සපිරි කාමර දක්වාත්, කුඩා කණ්ඩායම් වලට නවාතැන් ගත හැකි බංගලා වල සිට ගැමි බව විදහා දැක්වෙන කුඩා හෝටල් දක්වා ඔබේ සිතැඟි පරිදි නවාතැන් සරි කර ගැනීමට ඔබට අවකාශ ලැබේ.
සීගිරිය | Sigiriya
කැටපත් පවුර සහ චිත්‍ර ගුහාවට ඇදෙන තරප්පුව | The mirror wall and the stairwell that leads to the fresco gallery


Renowned as the eighth wonder of the world, Sigiriya is a testament to the great prowess of ancient Sri Lankan culture and engineering technology. Going beyond the notion of a rock fortress, Sigiriya is a royal complex comprised of beautiful gardens. Thus, it's no wonder that the tourists who visit Sigiriya are awed by it's splendor.

Standing 660ft tall, Sigiriya had been known in diverse names such as Sinhagiriya and the Lion Rock in the years past.
සීගිරි බිතුසිතුවම් | Sigiriya frescoes

Historic background

According to legend, Prince Kashyapa a son of King Dhathusena via a concubine killed his father by plastering him alive near Kala Wewa. In order to fortify himself from the imminent attack from India which was to be spearheaded by his half brother Moggollana, the true successor to the throne, King Kashyapa moved the kingdom to Sigiriya and built this marvelous royal complex between 477 - 495 A.D. Eventually Prince Moggollana, who returns with reinforcements from India defeats his half brother and ascends to the throne.

In spite of the legend, Prof. Senarath Paranavithana brings forth a different theory based on writings by Venerable Ananda Sthaveera, under which King Dhathusena himself had commissioned Sigiriya in order to ordain himself as an emperor renowned as "Parvatha Raja". According to this school of thought, Prince Kashyapa was not involved in the death of King Dhathusena and was instead responsible for the completion of his late father's royal complex.
සීගිරිය ගල මුදුනට දිස්වන උද්‍යාන ත්‍රිත්වයෙහි චමත්කාරය | The sheer beauty of the three gardens from atop the lion rock

Before your ascent...

The best time of the day to climb Sigiriya would be the morning or the evening. Local tourists will be charged Rs. 50 and foreign tourists a sum of USD 30 as entrance fees. Make sure to walk down the winding gravel track near the ticket counter to visit the Sigiriya Museum. This museum, built amid a pond with Japanese aid, is teeming with valuable relics as well as information from the heyday of Sigiriya.
සීගිරියේ ඉදිරි ආරක්ෂක වළල්ල - ජල දුර්ඝය | The first line of defense - the moat

The splendor of Sigiriya

You will be first entering to its awe inspiring garden complex. This garden complex can be split into three segments, the water garden, the boulder garden and the terrace gardens. These gardens stand testament to the sheer skill of the ancient landscaping artists of Sri Lanka. It's amazing how the water sprouts in the garden are still in operational status centuries after its commissioning. The winding water courses and the water sprouts help fend off the heat through its vapor.
ජල උද්‍යානය | Water garden
En route to the rock you will find the octagonal pond to your left. Somewhat hidden to the unsuspecting traveler, two existing rock surfaces are used from nature as two dam walls. It's said that under perfect weather a clear and full reflection of the bordering rock that acts as a dam wall can be seen from the octagonal pond. Recent experiments by mathematicians have proven that the pond has been built in the most suitable shape that could be imaginable.

Next up is the boulder garden. It's impressive how the ancient artists have used the natural boulders as a landscaping tool to augment the beauty of the vicinity. It is believed that the caves within the vicinity housed many "Arahath" theros and monks after the demise of the royal complex. The "Cobra Hood" cave is given this name because of it's cover which resembles a cobra hood, this cave hides several frescoes within it.

The terrace gardens a markedly different to the water and boulder gardens you passed behind. Located at the foot of the hill, the terrace garden is based on the natural formation of rocks. This marks the beginning of the ascent and it's imperative to refrain from making too many noises that might provoke hornet attacks.

හෙල්මළු උද්‍යානය | Terrace garden
Probably the most renowned section of Sigiriya is its fresco cave. Access to the fresco cave is through a spiral stairwell on top of which is 19 jaw dropping pieces of art. It's everyone's duty to safeguard these frescoes for the benefit of future generations. As per historian H.E.P. Bell these women are concubines from King Kashyapa's court. He believed that the frescoes with a lighter skin tone were of high caste and those with a darker tone were maids from lower castes and all of these women are on a religious procession to Pidurangala. However, Prof. Paranavithana differs with Mr. Bell as he reckons that the lighter damsels are Vijjulatha (lightning damsels) and the darker damsels are Meghalatha (cloud damsels). Whichever out of these theories holds true, it's a well known fact that there are similar frescoes recorded in the Ajantha caves in India.
සීගිරි බිතුසිතුවම් | Sigiriya frescoes
Descending from the fresco cave through the spiral staircase leads you to the famous "mirror wall" of Sigiriya. Made with a very smooth finish, this wall hosts over 1500 graffiti written in appreciation of Sigiriya and it's majesty by visitors who came from high and low over a period of 8 centuries.

You will then walk into an open space from which you can see the Pidurangala mountain very clearly. There are two lion paws sitting graciously at this landing and the specialty of these paws are that they have only 3 toes. It's folklore that there was a lion head resting on top of the paws extending towards the top of the rock. You are supposed to walk through the paws and ascend to the top of the rock. It's believed that there used to be a human powered lift using blocks to go up and down what is now called the "Lion Shaft". After an ascent passing heavy gusts of wind you will get a magnificent view of the three gardens that you had earlier passed on your way up.
සිංහපාද | Lion Paws
Ruins indicate that there was a fully fledged palace atop the rock filled with all amnesties. To this date, some parts of the rock peak are yet to be excavated by the archaeology department.
මාළිගයේ නටඹුන් |  Ruins of the palace

How to get there

You will encounter plenty of way signs en route to Sigiriya, thus directions are readily available. The main access road to Sigiriya begins from the Inamaluwa intersection which is located along the A6 highway connecting Ambepussa - Kurunegala - Trincomalee. When traveling past Dambulla, take a right turn from the Inamaluwa junction and travel approximately 10km past Kimbissa to reach Sigiriya.

In case you're travelling from Trincomalee, Habarana or Polonnaruwa you can take a right turn from the Moragaswewa junction located 2.4km down the Habarana - Polonnaruwa road. This road (Moragaswewa - Ilukwewa) winds through a very scenic environment and you will reach Sigiriya after about 12.5kms drive.
Courtesy of Google Maps

Nearby attractions

Sigiriya is located in the middle of the cultural triangle of Sri Lanka. Hence Sigiriya smack in the middle of historically valuable and culturally important destinations. Rangiri Dambulla temple is one of the most highly renowned destinations in Sri Lanka which is a UNESCO world heritage site. Additionally, the Pidurangala temple located just north of Sigiriya is another beautiful temple with a long history. When passing Habarana and heading towards Maradankadawala, you will be able to reach a famous hermitage which has many artifacts and ruins. This hermitage has been a spiritual abode for monks in their quest for enlightment for over millenniums. Another attraction in the Namal Uyana temple and wildlife reserve which can be accessed via Madathugama in the Dambulla - Anuradhapura highway. Given its central location, Sigiriya can be used as a launch pad to access Anuradhapura, Dambulla and Kandy as well. In case you're a wildlife enthusiast the Kaudulla and Minneriya wildlife parks nearby will provide you will great memories.
සීගිරි ගල මුදුනට දිස්වන පිදුරංගල |  Pidurangala from the peak of Sigiriya

Facilities

Renowned as the sleepless city of Sri Lanka, Dambulla is located in close proximity to Sigiriya. Additionally, Habarana which a key node in Rajarata is also located closeby. You would be able to fulfill most of your requirements from either of these cities (especially Dambulla). You will be able to find accommodation to match your budget at a breeze in Sigiriya. From 5 star luxury hotels to basic low-cost rooms, from boutique hotels to cozy bungalows which can accommodate small groups - you can find options that best fulfill your requirement.