Monday, February 24, 2014

කන්දරෝඩෛ පිහිටි කදුරුගොඩ විහාරය, Kadurugoda Temple in Kandarodai

Scroll down to read in English.

දශක ගණනක් කුරිරු යුද්ධයෙන් බැට කෑ උතුරේ ලාංකේය ඉතිහාසයේ ප්‍රෞඪත්වය කියාපාන පෞරාණික ස්ථාන රාශියකි. ඒ අතුරින් බෞද්ධ උරුමයෙන් ඔද තෙද වැඩුණු පැරණි විහාරාරාමද අපට දැකගන්නට ලැබේ. ඒ අතුරින් දිවයිනේ අන් කිසිඳු විහාරස්ථානයකට වෙනස්ම මුහුණුවරක් ගන්නා කදුරුගොඩ නොහොත් කන්දරෝඩෛ විහාරය ප්‍රමුඛස්ථානයක් ගනියී. ඒ අන් කවර කාරණාවක් නිසාවත් නොව, එකම බිම් කඩක එකිනෙකට ආසන්නයෙන් පිහිටා ඇති කුඩා දාගැබ් සමුදාය නිසාය.
අසිරිමත් කදුරුගොඩ | The beauty of Kadurugoda

ඓතිහාසික පසුබිම

කදුරුගොඩ විහාරයේ අතීතය බුදුරජාණන්වහන්සේගේ කාලය දක්වා වූ ඈතකට දිව යයි. චුලෝදර සහ මහෝදර නම් නාග ගෝත්‍රික රජවරුන් දෙපල අතර ඇති වූ හබය සමථයකට පත්කරලනු වස් නාගදීපයට වඩින අතරමගදී කදුරුගොඩ මොහොතක් විවේකීව සිටි බව පනප්‍රවාදයෙහි සඳහන්ය.

නටඹුන් දාගැබ් සමූහයට අමතරව වටදාගෙයක නටඹුන් හා අනුරාධපුර සහ පොළොන්නරු යුගයට අයත් කාසි, බුද්ධ ප්‍රතිමා සහ වර්ණාලේපිත උළු 1917 - 1919 අතර කාල සීමාවේදී මෙහිදී සිදු කරන ලද කැණීම් කටයුතු වලදී හමු වී ඇත. එසේ සොයාගත් ප්‍රතිමා, උළු සහ කාසි යනාදිය මහජන ප්‍රදර්ශනය සඳහා යාපනය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙකී පුරාවස්තූන් මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, ලීලාවතී සහ පළමුවන බුවනෙකබාහු රජ සමයන්ට නෑකම් කියන බව පුරාවිද්‍යා මතයයි. තවද අතීතයේදී දෙවනපෑතිස් මහරජු විසින් දඹකොළ පටුනත් අනුරාධපුරයත් යා කෙරෙමින් ගල් පහන් කණු යොදා කරවූ මහාමාර්ගයේ වැදගත් මංසන්ධියක් ලෙසද කදුරුගොඩ පුරාවිද්‍යඥයන් විසින් හුවා දක්වයි. ඊට අමතරව ක්‍රි.ව. 9වන සියවසේදී සිව්වැනි කාශ්‍යප රජු විසින් මෙම විහාරස්ථානය සඳහා කරනු ලැබූ ප්‍රදානයක් සම්බන්ධයෙන්ද "අත්තානේ ටැම් ලිපිය" නමින් හැඳින්වෙන මෙහි ඇති ටැම් ලිපියක සඳහන්ය.
කදුරුගොඩ දාගැබ් | The dagobas in Kadurugoda
මෙහි පිහිටා ඇති දාගැබ් ඉතා සුවිශේෂී මුහුණුවරක් ගනු ලබයි. ඒවා හුණුගල් සහ කොරල් යොදාගෙන නිමවා ඇති බවක් බැලූ බැල්මට පෙනේ. තවද බැලූ බැල්මට ඒවයේ හැඩය නිරීක්ෂණය කිරීමේදී ඊට මහායාන අභාෂය ලැබී ඇත්දැයි යන සැකය උපදී. කෙසේ වෙතත් යුද්ධයේ අමිහිරි මතකයන් ගෙනහැර පාන වෙඩි උණ්ඩ දාගැබ් වටා දක්නට ලැබීම සෝචනීයය. පුන්කුඩුතීවු දිවයිනේ වැඩසිටි රහතන්වහන්සේලා 60 නමකගේ ධාතූන් තැන්පත් කර දාගැබ් 60ක් කදුරුගොඩදී කරවූ බවත් ඉන් 56ක අත්තිවාරම් 1917 කැණීමේදී සොයාගත් බවත් පොත පතෙහි සඳහන්ය. අද වන විට දාගැබ් 56ම දැකගන්නට තිබේද යන්න සැකසහිතය. ස්වාමීන්වහන්සේ නමක් නොසිටින මෙම විහාරයේ ටකරන්වලින් කරවන ලද අල්පේච්ඡ බුදු ගෙයක් සහ කුඩා බුදු මැදුරක්ද මෑතදී ඉදි කර ඇත.

මහනුවර යුගයේදී "නම්පොත" නමින් ප්‍රචලිත වූ විහාර හා පූජාභූමි නාමාවලියට අනුව කදුරුගොඩ විහාරය නමින් මෙම ස්ථානය සඳහන් කෙරෙන අතර පෘතුගීසි ලේඛණවලට අනුව එය හැඳින්වෙන්නේ "කන්දරකුඩ්ඩෙයි" නමිනි.
කදුරුගොඩ දාගැබ් එකිනෙකට වෙනස්ව නිමවා ඇති අන්දම | The dagobas in Kadurugoda are made differently from one to the other
අවාසනාවකට පසුගිය දශක ගණනාව මුළුල්ලේ කදුරුගොඩ පුරාවිදු බිමට අයත් භූමිය ප්‍රදේශවාසීන් විසින් නීතිවිරෝධී ලෙස අත්පත්කරගනිමින් පවතී. මෙය රටේ ශ්‍රී විභූතියට මහත් ඛේදයක් වන අතර එය වළක්වා මෙකී සුවිශේෂී පුරාවිද්‍යා ස්ථානයේ මතු පැවැත්ම තහවුරු කිරීම බලධාරීන් සතු වගකීමකි. කෙසේ වෙතත් යුද සමයේදී මෙම ඓතිහාසික වටිනාකමින් යුතු ස්මාරකයේ කඩා බිඳ දමන්නට තරම් කුරිරු නොවූ උදවියටත් එය සුරැකි පාර්ශව වලටත් සමස්ථ ශ්‍රී ලාංකේය ජාතියේ හදපිරි ප්‍රණාමය පිරිනැමිය යුතුය.

පිවිසුම් මාර්ගය

යාපනයේ සිට A9 මාර්ගය ඔස්සේ කන්කසන්තුරය දක්වා ගමන් කරන ඔබට චුන්නගම් නම් වූ අතිශය සශ්‍රීක නගරය හමුවේ. චුන්නාගම් සිව් මංසලින් වමට හැරී පුත්තූර් මාර්ගය ඔස්සේ මද දුරක් ගොස් යළිත් වමට හැරී අතුරු මාර්ගයක් ඔස්සේ කදුරුගොඩ විහාරයට ළඟාවිය හැකිය. චුන්නාගම් හන්දියේත්, කන්දරොඩෛවලට හැරෙන හන්දියේත් නාමපුවරු සවිකර ඇති බැවින් ඔබට පහසුවෙන්ම මග සොයාගැනීමට හැකි වනු ඇත. චුන්නගම් නගරයේ සිට කදුරුගොඩ විහාරයට කි.මි. 3.2ක පමණ දුරක් ඇත.
කොත රහිත දාගැබක් | A dagoba which has lost its conical top

අවට ආකර්ෂණයන්

යාපන අර්ධද්වීපයෙහි සාරවත් පෙදෙසක පිහිටා තිබෙන කන්දරොඩෛ ඉතා වටිනා ස්ථාන කිහිපයකට මැදිව පිහිටා ඇත. ඒ අතුරින් යාපනය නගරයේ පිහිටි නල්ලූර් කෝවිල, පුස්තකාලය, යාපන කොටුව මෙන්ම කන්දරොඩෛ ප්‍රදේශයට උතුරින් පිහිටා තිබෙන කීරිමලෛ, දඹකොල පටුන, මාවට්ටිපුරම් කෝවිල යනාදිය වෙසෙසින්ම හුවා දැක්විය හැකිය.
කදුරුගොඩ දාගැබ් | The dagobas in Kadurugoda

පහසුකම්

කන්දරොඩෛ පුදබිමට කි.මි. 3.2ක දුරින් පිහිටා ඇති චුන්නාගම් නගරය කලින් සඳහන් කලාක් මෙන් සශ්‍රීක, අංග සම්පූර්ණ නගරයකි. ඔබේ අවශ්‍යතා රාශියක් ඔබට එහිදී සපුරා ගත හැකිය. උතුරු පළාතේ අගනගරය මෙන්ම ලංකාවේ ප්‍රමුඛම නගරයක් වන යාපනය නගරයට චුන්නාගම්වල සිට දුර කි.මි. 10ක් පමණ වේ. එබැවින් කන්දරොඩෛ යනෙන ඔබට පහසුවෙන්ම ඉහත කී නගර ද්විත්වයෙන් ඔබේ ඉඳුම් හිටුම්, ආහාරපාන, ඉන්ධන, බැංකු යනාදී සියළුම අවශ්‍යතා පහසුවෙන්ම සපුරා ගැනීමට හැකි වනු ඇත.
එක් එක් ප්‍රමාණයේ දාගැබ් | Dagobas come in different sizes

බුදු මැදුර | The statue house


For decades the blatant war ravaged the northern part of Sri Lanka which is host to a number of historic places that stands firm to showcase the historic grandeur of our island. This includes a set of Buddhist temples and ruins that have a vast history. Among these, Kadurugoda a.k.a. Kandarodai stands out due to its unique outlook which is different to all the temples and monasteries we see in the rest of the country. This is simply due to the cluster of small dagobas located close to one another in the same plot of land.
කදුරුගොඩින් නෙත පිනවන දසුනක් | An attractive sight from Kadurugoda

Historic background

The history of Kadurugoda temple dates back to days of Lord Buddha. It's folklore that Lord Buddha stopped by to rest at Kadurugoda on his way to Nagadeepa to mediate the conflict between Chulodara and Mahodara, the two warring kings of the Naga tribe. These coins, statues and roofing tiles are shown to the public at the Jaffna museum.

In addition to the ruins of the dagobas, Kadurugoda contains ruins of a "Vatadage" (Circular shaped statue house) while coins, Buddha statues and colored roofing tiles dating back to the Anuradhapura and Polonnaruwa eras were recovered from the site during the excavations carried out in between 1917 and 1919. It's believed that these artifacts relate to the reins of King Parakramabahu the Great, King Nissanka Malla, Queen Leelawathi and King Buwanekabahu I. It is also believed that Kadurugoda was a key node in the highway commissioned by King Devanampiyatissa to connect Dambakola Patuna to Anuradhapura, the road is said to have had lantern posts made out of rock adorning the way. Additionally, the "Atthane Pilalr Script" which is found at the same location tells the tale of how King Kasyapa IV donated land to the Kadurugoda temple in 9th century A.D.
යුදගිනිදැල් සිහි කැඳවන වෙඩි උණ්ඩ සලකුණු | The bullet-holes which remind us of the bloody war
The dagobas here are quite unique and are made out of limestone and dead coral rocks. The shape of the dagobas indicate a bit of Mahayana influence. Additionally, the dagobas are bullet-hole ridden, reminding us of the dark past we've been through due to the war. According to recorded history 60 dagobas were erected enshrining relics from 60 "Arahat" theros who called the Punkudutivu island home. Out of the 60 dagobas, 56 foundations were uncovered during the 1917 excavations. However, it is uncertain whether all 56 dagobas can be seen today. This temple does not have a resident monk and thus is served by a meager shrine house made out of galvanized sheets and a small Buddha statue.

During the Kandy kingdom, a book called "Nampotha" (literally translates to "book of names" in English) containing names of all temples and holy sites was commissioned. In it, this temple is mentioned as "Kadurugoda Viharaya". However, according to Portuguese documents from the colonial era, this place is mentioned as "Kandarakuddei".
සමීප දසුනක් | A close-up
Unfortunately the neighboring villagers have been illegally infringing the land belonging to the Kadurugoda Archaeological site over the past several decades. This is a deadly blow to the pride of Sri Lankan history and it's the duty of the authorities to restore parity and ensure longevity of this great monument. Additionally, the entire Sri Lankan community should be thankful for those who protected this site and those who were wise enough to not harm it in any way during the bitter war that ravaged these parts of our beautiful island.

How to get there

On your way along the A9 highway from Jaffna to Kankasanturai you will come across a very bustling city named Chunnakam. Kandarodai ruins are located 3.2km from Chunnakam. You're to take a left turn from the Chunnakam town center and travel along the Puttur road, from where you'll have to take another left turn after travelling a small distance to reach the ruins. Sign boards have been planted providing directions at both the intersections, making it easy for you to find you way through.
Courtesy of Google Maps

Nearby attractions

Kandarodai is situated in a fertile strip of land in the Jaffna peninsula which is surrounding many important sites and scenes. Among these, Nallur Kovil, Library and the Fort in the Jaffna city stands out. One should not forget the important sites north of Kandarodai such as Keerimalai, Dambakola Patuna and Mavaddipuram Kovil either.
කදුරුගොඩ දාගැබ් | The dagobas in Kadurugoda

Facilities

Kandarodai ruins are situated 3.2km away from Chunnakam, which is a vibrant city with many facilities. You would be able easily fulfill most of your requirements there. Jaffna, the capital city of the Northern Province whilst being a major town in the country is located approximately 10km from Chunnakam. Hence, on your visit to Kandarodai, you can easily replenish your wants and needs such as accommodation, food and beverages, fuel, banking and etc. from the above two cities easily.

No comments:

Post a Comment