Thursday, October 31, 2013

යාපහුව, Yapahuwa

Scroll down to read in English.

"අ, පො, ද, යා, කු, ග, කෝ, ම" - කුඩා අවධියේ ඔබ අප කවුරුත් හෙළ වංශකතාවේ එන රාජධානී මතකයේ තබා ගත්තේ ඒ අයුරිනි. ඉහත කී අක්ෂර 8න් සිව්වැන්න වන "යා" අක්ෂරයෙන් සනිටුහන් වෙනුයේ යාපහුව රාජධානියයි. වයඹ, වියළි කලාපයේ පිහිටා ඇති යාපහුව රාජධානිය විශාල ගල් පර්වතයක් කේන්ද්‍ර කරගෙන පැතිර ඇත. එදා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් රටත්, දළදා වහන්සේත් ආරක්ෂා කරගැනීමේ තිර අදිටනින් මෙකී බලකොටු රාජධානිය බිහිවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙම රාජධානියේ විශේෂත්වයක් වන්නේ එහි රාජ්‍යය කර ඇත්තේ එක් රජතුමකු වීමයි. ඒ පළමුවන බුවනෙකබාහු රජතුමාය.
විශිෂ්ට ගල් කැටයම් | The wonderful rock carvings

ලාංකේය වංශකතාවේ වැදගත් තැනක් ගන්නා යාපහුව රාජධානිය තුල පැරණි ප්‍රාකාර, විහාර, දාගැබ් හා රාජකීය ගොඩනැගිලිවල නටඹුන් දැකගත හැකිය. නමුත්, ඒ අතුරින් යාපහුව වඩාත් අවධානයට පාත්‍රව ඇත්තේ යාපහුව දළදා මළුවට පිවිසෙන ශෛලමය, අසීරු ආනතියකට නෙළා ඇති පියගැට පෙළත්, පියගැට පෙළේ මුදුනතේ ඇති අසිරිමත් ගල් කැටයම් සමූහයත් නිසාය.
ගිරි හිස මුදුනට | To the top of the rock

වැදගත්කම සහ ඓතිහාසික පසුබිම

සිව්වන විජයබාහු රජතුමාගේ ඇවෑමෙන් දඹදෙණිය රාජධානිය බිඳවැටීමත් සමඟම දළදා වහන්සේ පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා යාපහුවට වැඩම වන්නේය. ඒ විජයබාහු රජතුමාගේ සහෝදරයා වූ බුවනෙකබාහු කුමරා ක්‍රි.ව.1271දී රාජත්වයට පත්වීමට නිමිති වන්නේය. දළදා වහන්සේ ආරක්ෂා කරගැනීම උදෙසා යාපහුව ගිරිශිඛරය කේන්ද්‍ර කරගනිමින් බලනගරයක් ගොඩනගන බුවනෙකබාහු, යාපහු ගලේ මැදි උසින් දළදා මාළිගාවක්ද කරවයි. මෙම මාළිගාව අද ගරා වැටී ඇතැත්, එයට පිවිසීමට ඉදි කරනු ලැබූ පියැගැටපෙල ආශ්‍රිතව මනරම් ගල් කැටයම් අදටත් දැකිය හැකිය. මෙම කැටයම් හෙළ කලාකරුවාගේ ශ්‍රේෂ්ඨත්වය මැනැවින් පිළිඹිබු කරයි. එකී කැටයම් අතුරින් පියගැටපෙල දෙපස තේජාන්විතව හිඳින සිංහ රූප දෙක ප්‍රමුඛස්තානයක් ගනු ලබයි. ලාංකේය ශෛල කලාවේ විශිෂ්ටතම නිර්මාණයක් ලා සැලකෙන මෙම සිංහ රූපය දෙස් විදෙස් සුපතලය. ශ්‍රී ලංකාවේ අවසාන වශයෙන් මුද්‍රණය කෙරුණු රුපියල් 10 මුදල් නෝට්ටුවටද මෙම මාහැඟි නිර්මාණය පාදක කරගෙන තිබීම සුවිශේෂීත්වයකි. තවද පියගැටපෙලේ පියගැට ඉතා පටු ලෙස සකසා ඇති අයුරු ඔබට නිරීක්ෂණය වනු ඇත. ඒ දළදා වහන්සේ විදේශ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කරගැනීමටය.
ලෝ සුපතල යාපහුව සිංහයා | The world famous Yapahuwa lion

යාපහුව බලනගරයට ආරක්ෂාව සැපයීම උදෙසා දිය අගල් දෙකක් මෙන්ම කොටු පවුරක්ද යොදා ගත් බව එහි යන ඔබට අදටත් දැකගත හැකිය. ඊට අමතරව යාපහුවේ දළදා මළුව පසු කරමින් මෑතදී ඉදිකරනු ලැබූ පියගැටපෙල ඔස්සේ යාපහු ගල මුදුනට ළඟා වන්නට හැකිය. අවට සිරිය මැනැවින් පෙනෙන යාපහු ගල මුදුනෙහි දාගැබ් දෙකක සහ පොකුණක ශේෂයන් දැකගත හැකිය. මෙයට අමතරව ගල මුදුනතට මත්තෙන් තරමක ගල්ලෙනක්ද දැකිය හැකිය.

ගල පාමුල ලෙන්විහාර සංකීරණයක් පිහිටා ඇති අතර ඒ තුල මහනුවර යුගයට අයත් බිතුසිතුවම් දැකිය හැකිය. මීට අම්තරව රජ මාළිගයේත්, ඇමැති නිලනිවස්නවලත් පාදම් අදටත් ඉතිරිව තිබේ. බුවනෙකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපයේ නටඹුන්ද සුප්‍රකට යාපහුව පියගැටපෙල පාමුල දැකිය හැකිය. සියවස් ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන මෙම පුණ්‍යභූමියෙහි වළගම්බා රජතුමා සැඟව සිටි බවටද ජනප්‍රවාදයක් ගොඩනැගී ඇත. තවද "සුභ සහ යස" කතා පුවතද යාපහුව කේන්ද්‍රගතව සිදූ වූ බවට ජනප්‍රවාදයක් ගොඩ නැගී ඇත. අවාසනාවකට මෙන් මෑතකදී යාපහුව කෙරේ නිධන් සොරුන්ගේ කරුමක්කාර බැල්ම යොමුවී තිබීම කණගාටුවට කරුණකි.
ගල් වඩුවාගේ මනරම් නිමැවුම් | Breathtaking work courtesy of the rock carver

වසර 12ක් රට පාලනය කළ පළමුවන බුවනෙකබාහු රජතුමා පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන් හමුවේ පරාජයට පත් වීමත් සමඟ යාපහුව නගරයද විනාශ මුඛයට පත්වන්නේය. දළදා වහන්සේගේ භාරකාරත්වය පණ්ඩ්‍යයන් ලබා ගන්නා අතර ඒ ඇවෑමෙන් 19 වසරක ආරාජක කාල පරිච්ඡේදයක් සිරිලක බිහිවන අතර, නැවතත් සිංහල රජකු ලෙස අභිෂෙක ලබන තෙවන පරාක්‍රමබාහු සිය අගනගරය ලෙස තෝරා ගනු ලබන්නේ පොළොන්නරුවයි. මෙකී කාල සීමාව තුල යාපහුව ජනාවාස අතැර දමන අතර එය සංඝයා වහන්සේලාට සෙවන දෙන පුණ්‍යභූමියක් බවට පරිවර්තනය වන්නේය.
යාපහුව පන්සල | Yapahuwa temple

පිවිසුම් මාර්ගය

කුරුණෑගල සිට පුත්තලම පාරේ අවුත්, පාදෙණියෙන් දකුණට හැරී අනුරාධපුරයට දිවෙන A57 මාර්ගයේ දළදාගම දක්වා පැමිණෙන්න. එතැනින් දකුණට හැරී මහව නගරය පසු කර කිලෝමීටර කිහිපයක් ගිය තැන යාපහුව හන්දිය හමුවේ. එතැනින් දකුණට ඇති මාර්ගයේ (මංපුවරු සවිකර ඇත) මද දුරක් ගමන් කළ පසු යාපහුව නටඹුන්වලට ළඟා විය හැකිය.

දුම්රියේ පැමිණෙන්නේ නම් මන්දගාමී දුම්රියකින් යාපහුව දුම්රියපලට ළඟා වී එතැනින් ත්‍රීරෝද රථයක හෝ පා ගමනින් යාපහුවට ළඟා විය හැකිය. බොහෝ දුම්රිය යාපහුව දුම්රියපලේ නොනවත්වන බැවින් මහව හන්දියෙන් බැස ත්‍රීරෝද රියකින් හෝ බසයේ යාපහුවට ළඟා විය හැකිය.
Courtesy of Google Maps

අවට ආකර්ෂණයන්

කෙටි රාජධානියක් වූ යාපහුව ඉතා ඉක්මනින් ඇතැර දැමීම හේතුවෙන් ඒ අවට පුරාවිද්‍යා වටිනාකමින් ප්‍රමුඛ වූ සිද්ධස්ථාන ස්ථාපනය වී ඇත්තේ අල්ප වශයෙනි. කෙසේ වෙතත් යාපහුවට උතුරින් පිහිටි රැස්වෙහෙර පුදබිමත්, යාපහුවට ඊසාන දෙසින් පිහිටි අවුකන සහ විජිතපුර පුදබිම් යාපහුව සංචරණයේදී ඔබට ගොඩ විය හැකි තැන්ය. පඬුවස්නුවර නටඹුන් සහ හත්තිකුච්චි නටඹුන්ද යාපහුවේ සිට තරමක දුරින් පිහිටා ඇත.
අමාත්‍ය නිල නිවස්නවල නටඹුන් | Ruins of the ministerial residences

පහසුකම්

යාපහුව නගරය යනු කුඩා කඩමණ්ඩියකි. එබැවින් ඔබේ අවශ්‍යතා සපුරා ගත හැකි ආසන්නතම නගරයන් වන්නේ මහව සහ දළදාගමයි. සුපිරි වෙළඳසල් යනාදී පහසුකම් වාරියපොලින් පසුව යාපහුව තෙක් හමු නොවන බවද සිහියේ තබාගන්න.

යාපහුවේ ලංකා-ජර්මානු හවුල් ආයෝජනයක් ලෙස පවත්වාගෙන යනු ලබන යාපහුව පැරඩයිස් සුඛෝපබෝගී හෝටලය යාපහුව පුරාවිද්‍යා පරිශ්‍රය ආසන්නයේම පිහිටා ඇතත් එය මිල අධික බව සිහියේ තබාගන්න. මහවත් යාපහුවත් අතර පිහිටි ශාන්තී හෝටලය සාධරණ මිලකට සේව සැපයුවත් එහි යන දේශීය සංචාරකයන්ට පනවනු ලබන නීති රීති ඇතැම්විට ඔබගේ නොසතුටට හේතු වනු ඇත.
සුප්‍රකට සිංහ හිස | The head of the infamous lion


It's a well known fact that Sri Lanka has had 8 ancient capitals over its history, these are also considered to be the ancient kingdoms of Sri Lanka. Out of these, the fourth one, Yapahuwa, was one of the most short-lived kingdoms. Located in the dry zone of the north-western part of the country, Yapahuwa is built surrounding a sizable rock as a fortress city. The purpose of establishing Yapahuwa as a fortress city was to safeguard the kingdom and the Holy Tooth Relic (Sinhalese people believe that the custodian of this holy relic to be the rightful ruler of the island) from south Indian invaders. Another unique characteristic of this ephemeral capital is that only one king ruled from Yapahuwa, that was King Buwanekabahu I.
දෙස් විදෙස් සුපතල පියැගැටපෙල | The world renowned stairwell

Considered to be a key phase in ancient Sri Lanka, Yapahuwa boasts ruins of fortresses, moats, dagobas, temples as well as royal dwellings. However, Yapahuwa has earned worldwide appraise for it's uniquely steep staircase that leads up to the landing that used to house the Temple of Tooth as well as the masterful rock carvings that adorn the the topmost part of the said staircase.
බුවනෙක්බාහු රජතුමාගේ රාජ සභාවේ නටඹුන් | Ruins of King Buwanekabahu's Court

Importance and Historic Background

With the demise of King Wijayabahu IV, the Holy Tooth Relic is moved from Dambadeniya to Yapahuwa from protection. This leads to King Wijayabahu IV's brother, Prince Buwanekabahu being crowned as King of Sri Lanka in 1271 A.D. King Buwanekabahu I ventures into building a fortress town surrounding the Yapahuwa rock to protect the Holy Tooth Relic. The Temple of Tooth was built on a landing halfway up the Yapahuwa rock. Although the Temple of Tooth is no more, the majestic stairwell leading up to the landing is still in tact. The stone carvings adorning the last flight of stairs attest to the grandeur of the ancient Sinhala artists. Out of these carvings, the two lion figures adorning the two sides of the stairwell are of pristine beauty and are world renowned as a masterpiece. The last printed Rs. 10 note carries the majestic image of the Yapahuwa lion. It should also be noted that the stairs, leading up to the landing which used to house the Temple of Tooth, are very narrow. This had been done intentionally to push back hasty foreign invaders.

ගල මුදුනත නටඹුන් වූ චෛත්‍යයක් | A ruined dagoba at the top of the peak

The Yapahuwa citadel was protected by two moats and one outer wall. You could also reach the top of the Yapahuwa rock by taking the newly made stairs which begin from the landing that used to house the Temple of Tooth. The mountain top has a breathtaking panoramic view of the surroundings and hosts two ruined dagobas and a pond. A mid sized cave can be seen just before you reach the peak of the rock.

The rock base holds a cave temple, which has frescoes dating back to the Mahanuwara era. In addition the ruins of the the foundations of the King's Palace, Ministerial Residences and the King's Court can still be seen before you start ascending the stairs. There's a folk story that the great King Walagamba had been hiding in Yapahuwa during the days he was fleeing from the Chola invaders and gathering troops to take back the country. There's another folklore that suggests the famed "Suba & Yasa" incident occurred in Yapahuwa as well. Sadly, however, Yapahuwa has caught the miserable radar of relic hunters.

ගල මුදුනට.. | Towards the peak..

King Buwanekabahu I, who ruled Sri Lanka for 12 years was defeated by the South Indian Pandyan invaders, leading to the demise of the Yapahuwa Kingdom. The Pandyans become the guardians of the Holy Tooth Relic leading up to a 19 year interregnum period. During this transition period, Yapahuwa gradually becomes a ghost town that houses Buddhist monks and converts into a hermitage/monastery. The next Sinhala King to be ordained, King Parakramabahu III chooses to reign from Polonnaruwa, ending Yapahuwa's heyday in Sri Lankan history.

යාපහුවේ විශ්මිත ගල් කැටයම් - පැති පෙනුම | The amazing stone carvings of Yapahuwa - side view

How to get there

Travel along the Puttalam road from Kurunegala. You'll have to turn right at the Padeniya junction on to the A57 road which winds up to Anuradhapura. Once you reach Daladagama, you're to turn right towards Maho. Drive past Maho towards the tiny town hamlet of Yapahuwa where you have to turn right (signboards are available to guide you) and travel a bit to reach the archaeological site.

In case you're taking the train, you can board a slow train and alight at the small railway station at Yapahuwa and find your way to the archaeological site on foot or by a tuk-tuk. Since most of the train do not stopover at the Yapahuwa station, it's advised to take a train upto Maho and board a bus or tuk-tuk to reach the ruins.

Nearby attractions

As Yapahuwa was an ephemeral capital, only a limited number of key attractions were established in and around Yapahuwa. Sites such as Reswehera, towards the north of Yapahuwa, and Avukana and Vijithapura towards the north-east of Yapahuwa would draw your interest. Ruins located at both Panduwasnuwara and Hatthikuchchi are quite distant from Yapahuwa, although they are well worth the visit.
අවට අසිරිය | The surrounding beauty

Facilities

In actuality Yapahuwa is a small hamlet with a couple of shops. Hence, it is advised to fulfill your requirements from either Maho or Daladagama on your way to Yapahuwa. Also, bear in mind that you would not come across any supermarkets after you pass Wariyapola.

Yapahuwa Paradise Hotel, which is a Sri Lankan/German joint venture provides luxurious accommodation close to the archaeological site. However, this is quite an expensive option. Another alternative would be Hotel Shanthi which is located in between Maho and Yapahuwa, which has fair rates. Yet, there are some restrictions imposed on local tourists at Hotel Shanthi which might not be to your delight.


2 comments: